News Category
From Date
To Date
Maximum Number of Result

ෆොන්සේකා කියන කථාව ඇත්ත නම් එය රාජපක්ෂලාට මහත් වාසියකි. ඔහු කියන ආකාරයට යුද්ධය අවසාන මොහොතේ කොටි නායකයාට පැන යාම පිණිස මහින්ද අවස්ථාවක් දී තිබේ.

මෙවර පොත් ප්‍රදර්ශනයේ වැඩිපුරම විකිණිච්ච සමරිසි පොත පෙනෙන තරම් අහිංසක නැහැ.

2022 ජූනි 1 වැනි දින උදෑසන, දත්ත විශ්ලේෂණ සමාගමක් වන Palantir Technologies හි ප්‍රධාන විධායක නිලධාරී වන ඇලෙක්ස් කාර්ප්, සිය සගයන් පස් දෙනෙකු සමඟ පා ගමනින් පෝලන්තය සහ යුක්‍රේනය අතර දේශ සීමාව තරණය කළේය. අනෙක් පැත්තේ. තැලුණු Toyota Land Cruiser වාහන දෙකක් ඔවුන් එන තුරු බලා සිටියේය. සන්නද්ධ ආරක්ෂකයින් විසින් පැදවූ ඔවුන්ගේ වාහන දෙක බෝම්බ හෙලන ලද ගොඩනැගිලි, කාලතුවක්කු ප්‍රහාර වලින් හානි වූ පාලම්. පිළිස්සුණු ට්‍රක් රථවල නටබුන් පසු කරමින් හිස් අධිවේගී මාර්ග ඔස්සේ යුක්‍රේනයේ අගනුවර වූ කියෙව් දෙසට වේගයෙන් ගමන් කළේය.

පසුගිය සැප්තැම්බර් 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දණ්ඩනීති සංග්‍රහය සංශෝධන පනත දෙවනවර කියවීමෙන් පසුව ඊට අදාළ ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල්දමා ඇත. එම විවාදයේදි විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් එම සංශෝධන මගින් අනාගතයේදී අධ්‍යාපන පද්ධතියට සහ දරුවන්ට සිදුවන අනර්ථය පිළිබඳව සාධනීය අදහස් ඉදිරිපත් කිරීම අගය කළ යුතු වේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ එම පනත් කෙටුම්පතේ සැබෑ හෙවත් යටි අරමුණ පිළිබඳව ආණ්ඩුවේ යම් පාර්ශ්වවලට ඉඟියක් හෝ ලැබීම නිසා එසේ විවාදය සහ ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමූ බවට සමාජයේ මතයක් ගොඩනැගී ඇත.

ඔක්කොම හොඳයි මුක්කම නරකයි කියා කියමනක් ඇත. ඔක්කොම කෙසේ වෙතත් මේ ආණ්ඩුවේ සාධනීය වශයෙන් ගත හැකි දේවල් කිහිපයක්ම තිබේ. මහජන දේපළ තවම හොරා කෑමට පටන්ගෙන නොතිබීම ඒ අතරින් වැදගත් වන්නකි. එහෙත් ඒ අතර අසංතෘප්තිකර දේවල්ද ගණනාවක් ම ඇති බව පිළිගත යුතුය

අල්ලස් හෝ දූෂණ කොමිෂමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායක සම්බන්ධව ජවිපෙ හිටපූ දේශපාලන මණ්‌ඩල සහික නන්දන ගුණතිලක කරපු ප්‍රකාශයක් අල්ලගෙන නන්දන ගුණතිලක හිරේ දැමීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව පැලවත්ත ජවිපෙ මූලස්ථානය පැත්තෙන් ආරංචි වෙනවා. දැනට ජවිපෙ නායකයන් පහලට කරන පැහැදිලි කිරීම්වලත් එහෙම කතාවක් තියනවා. නන්දන ගුණතිලක ජවිපෙ නීති කමිටුව කැඳවපු බව ඇත්ත. සුනිල් වටගල ඒකේ ලේකම් විදිහට හිටපු බවත් ඇත්ත.

බංග්ලාදේශයේ චිතගොන්හී වාසය කරන සුළුතරයක් වන බෞද්ධයන් ඉලක්ක කරගනිමින් දරුණු ප්‍රචණ්ඩත්වයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව වාර්තා වේ.

3000 කට අධික දමිළ ජනතාව, දස වධදී ඝාතනය කරමින් කොටි සංවිධානය විසින් පවත්වාගෙන යනු ලැබූ වධකාගාරයේ සියළු තොරතුරු යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ථන් මහතා හෙළිකරයි.

මුහම්මද් යුනුස් කියන බටහිර ඒජන්තයා ඉපැදුණේ බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශයේ. බංග්ලාදේශයේ දුප්පත් මිනිස්සුන්ට නෝර්වේ රටේ විශ්‍රාම අරමුදල් ගිනි පොලියට දෙන ක්‍රමයක් “හඳුන්වලා දීපු” හින්දා නෝර්විජියානු නොබෙල් කමිටුව විසින් ඒ ඒජන්තයාට නොබෙල් සාම තෑග්ග පිරිනැමුවා. ගිය අවුරුද්දේ (2024) අගෝස්තු මාසයේ ඉඳලා ප්‍රජාතන්ත්‍ර-විරෝධී සෙප්පඩ විජ්ජාවකින් මේ මයික්‍රෝ ෆිනෑන්ස්කාරයා බංග්ලාදේශයේ රාජ්‍ය නායක තනතුරටත් පත් කෙරුණා.


ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.