නන්දන අපට වීරයෙක්.... රටේ රාළ කියන කතාව..
රටේ රාළ කියන මේ කතාවත් එක්ක ඔයලා එකඟ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.ඒත් මේ කතාව නොකියා බෑ.මේක ජවිපෙ ගැන කරන විග්‍රහයක් නෙවෙයි.මේක ජවිපෙ උදාහරණයට අරගෙන නන්දන ගුණතිලක ගැන කියන කතාවක්.88/89 සමූලඝාතනයෙන් පස්සේ 94 වෙනකොට ජවිපෙ නැවත නැගිටීම පිටි පස්සේ හිටිය යෝධ සෙවනැල්ල නන්දන ගුණතිලකයි.89දී විජේවීර ඝාතනය කළාට පස්සේ ජවිපෙ විසිරුණු කුඩා කණ්ඩායමක් බවට පත්වෙලා තිබුණා.
ගොඩක් දෙනෙක් යටත්ව්ම හෝ බාරවීම තෝරගෙන තිබුණා. සමහර තැන්වල ඉතිරිවුන අය ආරක්ෂිතව කැලෑවලට පසු බස්සගත්තා.තවත් සමහරු ආණ්ඩුවේ ඔත්තුකරුවන් වෙලා අනෙකා පාවාදෙන තැනට පත්වෙලා හිටියා.ඇත්තටම 88/89 මර්ධනයෙන් පස්සේ jvp කාරයෝ වැඩියෙන්ම බය උනේ jvp කාරයන්ට.jvp කාරයෙක් දැක්කොත් jvp කාරයෙක් හැංගෙනවා. 88/89 පස්සේ 90වේ අඟ භාග්‍ය වනතුරු ජවිපෙ පස්සෙන් ආරක්ෂක අංශ පැන්නුවා.90වෙදිත් ඝාතන සිද්ධවුනා.මේ වගේ පසු බිමක ජවිපෙ පළවෙනි පෙළ දෙවෙනි පෙළ සම්පුර්ණයෙන්ම විනාශ වෙලයි තිබුණේ.
සෝමවංශ අමරසිංහ රටින් පිටකරලා තිබුණා.මර්ධනය ඒ මොහොතෙත් ක්‍රියාත්මක වෙමින් තිබුණා.මේ වගේ පසුබිමක තමයි නන්දන පක්ෂයට ගොඩනැගීමේ ක්‍රියාවලිය අතට ගන්නේ. ඒ වෙනකොට නන්දන එක්ක කමල් දේශප්‍රිය (සෙනවි) සහ තව කීපදෙනෙක් හිටියා.නන්දන සහ සෙනවි පක්ෂය ගොඩනැගීම පටන් ගත්තේ මරණ වරෙන්තූව අතේ තියාගෙන.නන්දන කීයටවත් හතුරාට යටත් උනේ නෑ.
තනිව සටන් කරන්න පුළුවන් ආත්ම විශ්වාසයක් නන්දනට තිබුණා.නන්දනලා හතර ඝාතෙන් වැටිලා තිබුණ ජවිපෙ නැවත දෙපයින් හිටෙව්වා.ජවිපෙට නැවත නැගිට්ටවීමේ නියමුවා විදිහට අදත් සළකන්නේ සෝමවංශ අමරසිංහ.හැබැයි ඒ වෙනුවෙන් වැඩිම දාඩිය මහන්සිය හෙළුවේ නන්දන ගුණතිලක.නන්දන හදපු ජවිපෙ අද අපේ රටේ රාජ්‍ය බලය අරගෙන.අද රටේ නායකයා ජවිපෙ නායකයායි.
ඇත්තටම මේක හරිම අමුතු කතාවක්.88/89 සටන පාවලා දීලා පැනලා ගිය හාදයා අද රටේ ජනාධිපති.ඉතිහාසය පුරාම වැරදි තීරණ ගනිමින් පක්ෂ සහෝදරවරු ගණනාවකගේ ජීවිත විනාශ කරපු හාදයා අද ජනාධිපතිගේ උපදේශක.හතුරාට යටත්වෙලා බිල්ලාට ගිහින් තමන්ගේ සගයන් පාවාදුන් එකා අද ඇමති.එදා හතුරාට යටත් නොවි සටන් කරපු,තමන්ට පැවරුණ වගකීම හරියට ඉෂ්ඨ කරපු නන්දනලා විසිවෙලා විතරක් නෙවෙයි අද පැලවත්තේ යමපල්ලන්ගේ ප්‍රධාන ඉළක්කයක් බවටත් පත්වෙලා.
නන්දනගේ රටේ රාළ දකින සුවිශේෂීම ගුණය යටත් නොවීමේ සහ පාවා නොදීමේ ගුණයයි.88/89 සන්නද්ධ අරගලය පැරදුනා තමයි හැබැයි නන්දන යටත් උනෙත් නෑ සටන පාවලා දුන්නෙත් නෑ.ඒ වගේම දෙවෙනිවර නන්දනලා ගොඩනගපු ජවිපෙ දේශපාලන මණ්‌ඩල ඇතුලේ බටහිර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙද්දී ඊට විරුද්ධ නන්දන පක්ෂය ඇතුලේ ඉඳන් සටන් කළා මිසක ඒක බලහත්කාරයට යටත් වුනේ නෑ තමන්ගේ සටන පාවලා දුන්නේ නෑ.
ඒ සටනේ ප්‍රතිපලයක් විදිහට නන්දනට තමන්ගේ දහඩිය මහන්සියෙන් ගොඩනගමු පක්ෂයෙන් එලියට බහින්න වුනා.එදා පටන් මේ දක්වාම නන්දන පස්සෙන් ජවිපෙ හබාගෙන එනවා. තමන් ගොඩනගපු පක්ෂ තමන් ඝාතනය කරන්න එද්දී නන්දන උන්ට යටත් වුනේ නෑ.තමන්ගේ සටන පාවා දුන්නෙත් නෑ.ඔයාලට මතක ඇති පහුගිය ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ජවිපෙ හිටිය පරණ නායකයෝ ජවිපෙට දිගටම හරහට ගැහුවා.
හැබැයි අනුර ජනාධිපති උනාට පස්සේ ඔක්කොම කඩේ වැහුවා. ඇත්තටම ගොඩක් අය රටට හොරෙන් පැලවත්තට විතරක් පේන්න සුදු කොඩිය දාලා යටත් වුනා.අද ජවිපෙ අවබෝධයෙන් එයාලා නිහඩව ඉන්නවා.හැබැයි නන්දන ඒ නිවට යටත්වීම තෝරගත්තේ නෑ.තමන් පස්සෙන් පැලවත්තේ යමපල්ලෝ එලවගෙන එන බව දැන දැනත් උන්ට අභියෝග කරන්න පුළුවන් කොන්දක් නන්දනට තිබුණා.නන්දන ගැන රටේ රාළගේ මතකය යන්නේ 1997 ට.
රටේ රාළ රත්නපුර දිස්ත්‍රික් කමිටුවට තේරුනේ 1997දී.ඒ සාකච්ඡාව කරන්න දේශපාලන මණ්ඩලයෙන් ආවේ නන්දන. නන්දන එදා කියපු කතාවෙන් අදත් රටේ රාළගේ කණ් පිරිලා.ඒ හඩ ස්ථාවරයි,හරිම නිශ්චිතයි.ඉලක්ක සහගතයි,එඩිතරයි.අපේ දේශපාලන ඔයාලා යම් හොඳක් දකිනවා නම් ඒවා පිටිපස්සේ හිටියේ නන්දන ගුණතිලක සහ තවත් සහෝදරයෙක්.එයා මෙතනනට මේ මොහොතේ අදාල නෑ.රටේ රාළ දිගටම කියපු කතාවක් අදත් කියන්නම්." මගේ දේශපාලන අඩියක් දිගයි නම් ඒකේ අඟල් 06වත් නන්දන ගුණතිලක."
යටත් නොවී දුෂ්කරතාවයන් විඳගෙන අරමුණ වෙනුවෙන් සටන් කරන්න අපට දැනුම සහ ධෛර්යය දුන්න නායකයෙක් නන්දන. නන්දනගේ රෝගී තත්වය ගැන සතුටින් ඉන්න,පැයෙන් පැයට තොරතුරු අරගෙන පැලවත්තේ ගුරුන්නාසේට වාර්තා කරන නීතිය නොදත් නීතිඥයාට රටේ රාළ කියන්න තියෙන්නේ මෙච්චරයි.කමක් නෑ සතුටු වෙයල්ලා.නන්දන තවමත් ජීවිතය වෙනුවෙන් ලොකු සටනක් දෙනවා,නන්දන පරදින එකක් නෑ.
මේ රටේ සුවහසක් ජනතාව දේශපාලන භේදයකින් තොරව නන්දනගේ ජීවිතය වෙනුවෙන් එකතුවෙමින් ඉන්නවා.ඇත්තටම ජපුර රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩල විශාල සහයෝගයක් දුන්නා.දැන් රාගම රෝහලේ වෛද්‍යවරු උපරිමය කරනවා.මේ අතර මැද තව කතාවක් තියනවා.ඒත් ඒක කියන වෙලාව මේක නෙවෙයි.ඔව්..අපට තවත් සටනක් තියනවා.ඒ සටනට නන්දන එන්නම ඕනි.නන්දන අපට නම් තවමත් වීරයෙක්.
හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට
රටේ රාළ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..