පුංචි මුතු ඇටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන යුද්දෙයි... අපේ ළමයි තවම පරිප්පු අලවන්ඩ ඕනෙද අහන අම්මලට යි..
රටේ අධ්‍යාපනය යුද්දයක්.
මමත් ඒ පුංචි රටේ ඉගෙන ගෙන ලෝකේ දියුණු යැයි සම්මත රටක දැනට ජීවත් වෙන කෙනෙක් විදියට මට හිතෙන දකින දේ කියන්ඩ, ලියන්ඩ හිතුනු ලොකුම හේතුව, බොහොමයක් අම්මලා සහ දේශපාලන වේදිකා වල දකින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියන් ගේ කටින් පනින අතින් ලියවෙන ලොකුම අවලාදයක් නිසයි. " අපේ එවුන් තවමත් පරිප්පු ඇටේ අලව අලවා ඉන්නවා උන්ගේ එවුන් ලෝකේ හොඳ හොඳ තැන් වලට ගිහින් ලෝකේ දකිනවා. අපේ එවුන් ඇයි අළුත් දේවල් ඉගෙන ගන්න එපාද "
මට ඇත්තටම පුදුමයි පරිප්පු ඇට ඇලවිල්ලයි මේ අලුතින් පෙළ පොතට දාපු පාඩම් ටිකයි ගලපා ගෙන තියන අපුරුව ගැන.... 🙄
😢 ඉතිං මේකේ අගක් මුලක් ගැන හොයන්නේ නැතුව අසාමාන්‍ය පක්ෂ අමාරුවෙන් පෙලෙන විපක්ෂ, පක්ෂ ටොය්යෝ ද බය්යෝ ද ජෙප්පොද පොදුවේ මරන්නේ දවසක මේ රටේ අනාගතය කියලා මේ දුර බිමේ ඉඳලා බලද්දී මට හිතෙනවා.
අපි මැදහත් හිතින් බැලුවොත්, ඔව් අපේ රටට නව අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයක් ඕනේ.. ප්‍රාථමික අංශ යට වගේම ඉහල ශ්‍රේණි වලට. එදා ඒ අඩුව දියුණු රටක ඉද්දි දැනෙනවා.. මෙහෙම උනා නම් එදා අපිට අපි අද කොතනද කියලා....
හැබයි එහෙම කියලා, පිස්සු වැහිලා අනවබෝධයෙන් කරන වෙනස් කම වල ආදීනව දකින්ඩ අපි පක්ෂ පාට වලට බෙදුනොත්... රටේ අවසාන බලාපොරොත්තු ව වෙන, ඉදිරි පරම්පරාවේ දැක්ම ත්... ඉවර වෙනවා නිසකවම.
පරිප්පු ඇටේ අලවන්නේ ගුරයවරුන්ට වැඩ නැති හින්දා වත්, අළුත් ඉගැනුම් ක්‍රම නැති නිසා වත්, ඇට අලවා අලවා හිටියා කියලා කවදා හරි ලෝකේ දකින්ඩ බැරි වෙයි කියලා හිතුවා නම්, ප්‍රාත්මික අධ්‍යාපනය ක්‍රමයේ දි.....
පළමු ප්‍රතිසංස්කරණය කල යුත්තේ ඒ දෙමව්පියන්ට one day skills / personal development program එකක් ලැස්ති කරන එක ඒ පන්තියේ.
ඔය කියන දියුණු රටවල් වල පුංචි උන්ට තවමත් පරිප්පු විතරක් නෙවෙයි බඩ ඉරිගු, කව්පි, මුං, මෑ, ඇට පැකට් පිටින් ගෙන්නලා store rooms වල, Art rooms වල ගොඩ ගහලා තියනවා... ඇයි... තම්බ තම්බි දවල් ට කන්ඩ නෙවෙයි.
ප්‍රාථමික අධ්‍යාපානයේ බොහෝම ලොකු පරාසායන් උගන්නන්ඩ. ළමයි න්ගේ fine and motor skills, hand and aye coordination, sensory, counting, colors, shapes, sizes.... එකී නොකී බොහෝ දේවල් පරිප්පු ඇටේ හරහා ඉගෙන ගන්නවා. ලංකාවේ ඒක දකින්නේ නිකං පරණ ක්‍රමේට පරිප්පු ඇටේ විතරක් අලවනවා කියන එක නම්, පරණ යුගයට අයත් මගේ දෙමව්පියන් උගත් ගුරුවරුන් සහ දෙමව්පියන් විදියට අදට වඩා ගොඩක් දියුණු යි කියලා මට හිතෙනවා.
ළමයි social habits, sharing, caring වගේම ළමයි ගේ මොලයේ සියුම් ක්‍රියාකාරිත්වය ට මේ වගේ activities හරි වැදගත්. ලංකාවේ දෙමව්පියන් කැ ගහ ගහ ඉල්ලන්ඩ ඕනේ නිර්මාණශීලී, ගුණ යහපත්, ශක්තිමත් වගේම නැණවත් දරුවෙකු හදා ගැනීමේ ප්‍රතිසංස්කරන මිස කුතුහලය දනවන වෙබ් අඩවි සොයා යන, ඒ පුංචි වයසට බලෙන් ඇතුළු කරන සමාජ ක්‍රමයට අලුතින් එකතු උනු trends වලට තල්ලුවක් දෙන ප්‍රතිසංස්කරන ද කියන එක ආයෙත් හිතන්ඩ කාලේ ඇවිත් කියලා මට හිතෙනවා.
මිනිසා කියන්නෙම කුතුහලයෙන් හේතු, සිද්ධාන්ත, සාධක, සොයා යන ජීවියෙක්... ඉතිං උන්ගේ පොඩි උන් කියන්නේ ඒ කුතුහලය ට හීන් තල්ලුවක් දුන්නත් ඇති... වගේ වයසක්.
ඒවා වහ වහ ඉන්න ලෝකයක නෙවෙයි අපි ඉන්නේ ඒක හරි. හැබයි සම්මතයෙන් පිට, ස්වභාවයෙන් පිට නොවැලක්විය හැකි දේවල් මේ මිහි පිට වෙනවා.... ඒවට ප්‍රාත්මික අධ්‍යාපනය ක්‍රමවත් ව දිය යුතු වෙනවා. සමහර අසම්මතයන් බලෙන් ඔලු වලට දාන සංස්කෘතිය ට වඩා වටින්නේ, උපතින් ලැබුණු එවැනි ජීවිත වලට වටිනාකමක්, පිළිගැනීමක් සම්මත විදියට දෙන සමාජයක්, ප්‍රසන්න මානව ගනු දෙනුවක් පවත්වා ගෙන යාමට සිත කය වචනය යන තුන් දොර හික්මවා ගත් ඉදිරි පරපුර ක් ගොඩ නගන එක නෙවෙයි ද ?
ඔය අහන විදියට "අළුත් ඒවා අපේ ළමයි ඉගෙන ගන්න එපාද " කියන දේට උත්තරේ... ඔය කියන පාඩම් ටික පෙළ පොතට දාන එක නම්... තව දහ පාරක් නෙවයි සිය පාරක් හිතන්ඩ වෙයි.
පොදු ප්‍රවාහන සේවයක යන්ඩ දන්නේ නැති පොඩි උන් පුරවැසියෙක් උනු දාට , seet එකේ ඉඳලා කපනවා කොටනවා, හූරනවා, ඇලක් දොළක් පේන්ඩ බෑ නාස්ති කරනවා, තැනක් නොතැනක් නෑ මනුස්සයෙක් ගේ නොහැකියාවන්, බැරිකම් ඉස්සරහා ගරහනවා, පොල් ගෙඩියට, වැටකට මරා ගන්නවා... ඔන්න ප්‍රාථමික අධ්‍යාපන යේ ගිලිහුනු තැන්.... කෝ අවබෝධය, ගරු කිරීම, අනෙකා දරා ගැනීම, සමාව දීම, පිළිගැනීම, නීතිය ගැන දැනුම.....
ඕවා යි විෂයන් විදියට පුංචි පුංචි පාඩම් වෙලා පෙළ පොත් වල වෙනස් වෙන්ඩ ඕනේ... කොච්චර නව නිර්මාණ ලෝකයා අපෙන් උදුරා ගන්නවද....
සුපරි මොළ මේ පුංචි රටෙන් අරන් ගිහින් දියුණු රටවල් ඒ රටවල් වලට ඕනේ ප්‍රයෝජනය ගන්නවද... දක්ෂයෙක් කරලියට ආවොත් ඊළඟ දවසේ ඉඳන් රටේ මහ එකාගේ ඉඳන් අන්තිම පුරවැසියගේ ඉඳලා බොහෝම යක් බලා ගෙන ඉන්නේ අර මනුස්සයා ගේ අවසානය දිහා.. ඇද වැටිල්ල දිහා...
ඕවා තමයි ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරන යෙදී උපක්‍රමශීලී විදියට, positive විදියට ළමයි අතරට එන්න ඕනේ.
දැන් ඔය උගන්නන්ඩ යන සම ලිංගික වේවා, ලිංගික වේවා කොයි යම් හෝ පාඩමක අවසාන ඉලක්කය ගැන කාට හරි පැහැදිලි උත්තරයක් තියනවා නම්
" නියමයි "
දැන් ලංකාවේ ළමයි ට තිබුණු එකම අඩුව මේකද ? කියලා හිතෙනවා. මොකද මේ දියුණු යි කියන රටවල් වල ඕවා සමහර ප්‍රාන්ත රජයන් සම්පුර්ණ යෙන් තහනම් කරලා දැක්කම. ඒවා ලෝකෙට දුන්නු රටවල් වලටම ඒවා දරා ගැනීමේ සීමාව පන්නලා... අපේ 🇱🇰 අය පාරට බැහැලා ඉල්ලනවා.
තමන්ගේ පොඩි එකා වෙනුවෙන් ඉල්ලන්ඩ... පොදු වැසිකිලියකට යන පිලිවල, පොදු ප්‍රවාහන සේවයක යන පිලිවල, ගැහනු පිරිමි ලස්සන සමාජ ගනු දෙනු ගැන, යහපත් ජීවන පුරුදු ගැන, තමන්ගේ හැකියාව න් අදුරා ගන්නා ක්‍රම ගැන, පාරක තොටක යන හැටි, පොදු දේපල රට වෙනුවෙන්, හෙට වෙනුවෙන් රැක ගන්න හැටි, රටේ සතා සිව්පාවා පවා පරෙස්සම් කරන කරන හැටි ගැන, ලස්සන ආකල්ප ගැන... දරා ගැනීම ගැන ප්‍රතිසංස්කරන ඉල්ලන්ඩ පාරට බහින්ඩ..
O/L, A/L වගේ කඩ ඉම් තියන ක්‍රම වලට වඩා උසස් ක්‍රම වලින් එන එක හොඳයි.. ඒවට ලෝකේ වටේ ඇවිදලා හරි 🇱🇰 ට ගැලපෙන ක්‍රමේ හදා ගන්න එක හොඳයි. බුද්ධිමත් ව හිතලා මිස... තමන්ගේ පක්ශේ කය්ය ගැන නම් හිතලා නොකර. මේක මොන පක්ෂෙන් පාටෙන් කලත් රට ගැන හිතලා ගන්න හොඳ තීරණය ක් වෙන්ඩ ඕනේ.
ඉතිං.... පරිප්පු ඇටේ කතාව ගැන කියනවා නම් කියන්ඩ දේවල් ගොඩයි. මේ මට හිතෙන, දැනෙන, දකින සහ අත් විඳින දේවල්....
ඇත්ත ඇති සැටියෙන් දකින, යහපත් සමාජයක් හදන වග විය හැකි, වග කියන 🇱🇰 වැඩිහිටියෙක් වෙන්ඩ හැමෝටම ඇස් කන් ඇරේවා කියලා ප්‍රර්ථනා කරනවා.
(මුහුණු පොතින්)

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..