News Category
From Date
To Date
Maximum Number of Result

වෙනිසියුලාවට ගිහින් මදුරෝත් හමුවෙලා ආපු ශ්‍රි ලාංකිකයා..

Jan 13, 2026 at 11:28 AM
|

පසුගියදා දීර්ඝ ගුවන් ගමනක යෙදුණු මේ ලියුම්කරුගේ  ගමන් සගයකු වූයේ ජීවන්තය. ගුවන් යානයේ මගේ යාබද අසුනේ සිටි ජීවන්ත සමඟ යෙදුණු අල්ලාප සල්ලාපයේදී ඈඳුණු එක් මාතෘකාවක් වූයේ වෙනිසියුලාවය. අපේ කතාව සිදුවන්නේ  ඇමරිකාව වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝ අල්ලාගෙන යන්නට මාසයකට පමණ කලින්ය. ඔහු ගිය අවුරුද්දේ ජූලි මාසයේදී පමණ  වෙනිසියුලාවට ගිය ගමන ගැන කළ විස්තරය එකවරම යළි සිහියට  ආවේ එරට ජනාධිපතිවරයා සිය බිරියද සමඟ බලහත්කාරයෙන් එරටින් අල්ලාගෙන  යෑමත් සමඟය.

ලංකාවේ ජීවන්ත සැබැවින්ම   වෙනිසියුලාවේ දේශපාලනයට සම්බන්ධය. එරට වෙනුවෙන් විවිධ අවස්ථාවල ජාත්‍යන්තරයේ පෙනී සිට ඇති ඔහු ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවේ ලේකම්වරයා. ඔහුගේ නම  ජීවන්ත ජයතිස්සය. 

මම යළිත් ජීවන්ත ජයතිස්ස මහතා අමතුවෙමි.  කවුරුත් වෙනිසියුලාව ගැන සොයන පසුබිමක ඒ රටට මෑතකදී පය තබා ජනපති නිකොලොස් මදුරෝට අතට අත දුන් මේ ශ්‍රී ලාංකිකයාගේ  අත්දැකීම පාඨකයන්ට වැදගත් බව අපේ වැටහීමය. ඒ අනුව මම ඔහුගේ මේ සංචාරය ගැන යළි කතාවට එළැඹුණෙමි.

 “ මට වෙනිසියුලාවේ බොලිවේරියානු සමුහාණ්ඩුවෙන් (Bolivarian Republic of Venezuela) ආරාධනයක් කළා ඒ රටට එන්න කියලා. වෙනිසියුලාවේ  ජනාධිපති නිකොලොස් මදුරෝගේ දෙවැනි ජනපති පදවි ප්‍රාප්තියේ පළමු වන සංවත්සරය, වෙනිසියුලානු නගර සභා මැතිවරණය පවත්වන දිනය, වෙනිසියුලාව ඇතුළු දකුණු අමෙරිකානු රටවල් පහක් නිදහස් කරගත් විමුක්තිදායකයා වන සයිමන් බොලිවාර්ගේ 242 වැනි ජන්ම දින සංවත්සර සැමරුම සහ හිටපු ජනාධිපති හියුගෝ චාවේස්ගේ 71 වැනි ජන්ම දින සැමරීම වෙනුවෙන් සැකසුණු වැඩසටහන් මාලාවකට සහභාගි වීමටයි මට ආරාධනය ලැබුණේ.  මේ වැඩසටහන්වලට රටවල් 80කින් විතර විවිධ සංවිධානවලට අයත් නියෝජිතයන් පැමිණියා.

මම මේ රටට පය තැබුවේ මුල් වරට. කටුනායක ගුවන් තොටුපළේ සිට පැය 9ක ගුවන් ගමනකින් මුලින්ම  තුර්කියේ    ඉස්තාන්බුල් ගුවන් තොටුපළට ළඟා වුණා.  එතැන් සිට වෙනිසියුලාවේ කැරකාස් නුවර දක්වා පැය 13ක ගුවන් ගමනක් යන්න සිදුවුණා. ඒ අතරේ  පැය 13කට වඩා වැඩි කාලයක් ඉස්තාන්බුල් ගුවන් තොටුපළේ ගත කිරීමට සිදුවුණා. එහෙම බලනකොට වෙනිසියුලා අගනුවරට පා තබනකොට ගමනට ගත වුණු  කාලය දවස් එක හමාරකටත් වැඩියි

ජීවන්ත මහතා පවසන්නේ දකුණු ඇමරිකාව සමකාසන්න රටක් බැවින් එරට දේශගුණය සමස්තයක් ලෙස ශ්‍රී ලකාවට බොහෝ දුරට සමාන බවය.

 “ මම යන දවස්වල කැරකස් අගනුවර තිබුණේ සෞම්‍ය දේශගුණයක්.  ගන වනාන්තරයෙන් වැසුණු කඳු වළල්ලකින් වට වූ කැරකස් නගරය ඉතාම සෞම්‍ය දේශගුණයක් සහිත හරියට බණ්ඩාරවෙල නගරයේ ගත කරද්දී අපට දැනෙන දේශගුණය අත් වින්දා.  අපේ රටෙත් තියෙන කැන්ද ගස් නගරය පුරාම දැකිය හැකියි. ඊට අමතරව කොහොඹ ගස් බහුලව දුටුවා. ඒ වගේම මේ නගරයේ අවට අලිපේර, දෙළුම් සහ අඹ ගස් ඉතාම බහුලයි.”

ඔහුට එහි හොඳ තත්ත්වයේ  සියලු පහසුකම් පිරි හෝටලයක නවාතැන් ලැබිණි.

“ ඔවුන් මට ඉතා හොඳින් සැලකුවා. එරට රජයේ ආරාධනයකින් ගිය මට සියලු පහසුකම් දුන්නා. නමුත් මේ පහසුකම් ගන්නට මගේ හිත මගෙන් මම කරන්නේ වැරැද්දක්දැයි අහන තරමට ඒ රටේ මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය දුක්ඛිතයි. ඔවුන් කෙතරම්  වුණත් රටේ ආර්ථිකය හැටියට හම්බ වෙන්නේ සොච්චමක්. ඒක ජීවත් වෙන්නවත් ප්‍රමාණවත් නැති තරම්.

ලෝකයේ  ඉහළම ඛනිජ තෙල් සම්පතක් ඇති ඒ රටේ මිනිසුන් විඳින දුක දුටු ජීවන්ත ඔවුන්ගේ බදු මුදලින් හෝටලයක සිටීමද හිතට එකඟව කිරීම අසීරු බව මට කීවේ අප යෙදුණු ගුවන් ගමනේදීය.

“ඔවුන් ආර්ථික වශයෙන් පහළට වැටිල තියෙන්නෙ  ඇමරිකාව දාල තියෙන සම්බාධක නිසයි. පඩි අඩු වුණා කියල, එහෙම නැත්නම් ජීවත් වීමට අමාරුයි කියල ඒ රටේ මිනිස්සුන්ගෙන් බහුතරයක් ජනාධිපති මදුරෝ කෙරෙහි අහිතක් නෑ. ඔවුන්ට තියෙන්නේ බරපතළ ඇමරිකානු විරෝධයක්.

ජීවන්ත ජයතිස්ස මහතාට අනුව ඔපෙක් සංවිධානය දුර්වල කිරීමේ ඇමරිකානු සැලසුම තුළ වෙනිසියුලාවටද මෙම පීඩිත තත්ත්වය අත් විඳින්නට සිදුව ඇත.

 “වෙනිසියුලාව, 1960 සැප්තැම්බර් 14 වැනිදා ඉරාකයේ බැග්ඩෑඩ්  නුවරදී පිහිටු වන ලද ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් OPEC සංවිධානයේ ආරම්භක සාමාජිකයන් 5 දෙනාගෙන් එක් රටක්.  ඇමරිකානු හිතවාදී නොවන රටවල්වලට මේ තුළ පැවැත්ම අමාරුයි.  1960 තිබුණු ඉරාකය නෙවෙයි අද තියෙන්නේ. ඉරාකය ආක්‍රමණය කර විනාශ කිරීමෙන් පසුව එවකට හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසුවේ ඔවුන් ඉරාකය ගල් යුගයට රැගෙන ගිය බවයි.

 කුවේට් රාජ්‍යයටත් තම අභිමතය පරිදි කටයුතු කිරීමට බැරි විදිහට ඇමරිකාව හැසිරෙනවා. වෙනිසියුලාව තම තෙල් සම්පත තමන්ගේ ජාතික අභිලාෂයන් වෙනුවෙන් භාවිත කිරීමට දැඩි පරිශ්‍රමයක යෙදී සිටිනවා. OPEC සංවිධානයට අයත් රටවලින් විශාලතම තෙල් සම්පත හිමිව තිබෙන්නේ වෙනිසියුලාවට. නවතම වාර්තාවලට අනුව වෙනිසියුලාව සතුව බැරල් බිලියන 303ක තෙල් නිධියක් තිබෙනවා. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් අත්පත් කරගෙන සිටි වෙනිසියුලාව සතු තෙල් සම්පත නැවත වෙනිසියුලාව සතු කර ගැනීමට හියුගෝ චාවේස් කටයුතු කළා. එතැන් පටන් ඇමරිකාවේ උදහසට ලක් වී සිටින වෙනිසියුලාව තම තෙල් සම්පත තම ජාතික අභිලාෂයන් වෙනුවෙන් භාවිත කිරීමට දැවැන්ත අරගලයක නියැළෙමින් සිටිනවා. ඇමරිකානු සම්බාධක ඒ සඳහා නරක බලපෑමක් කරනවා. මදුරෝගේ ආණ්ඩුව ඇමරිකානු සම්බාධක හමුවේ ඇමරිකානු සමාගමක් වන චෙව්රොන් සමාගම සමඟ හරි අපූරු ගනුදෙනුවක නිරත වෙනවා. වෙනිසියුලාව තම ඛනිජ තෙල් සම්පත කළමනාකරණය කිරීමට PDVSA නමින් රාජ්‍ය සමාගමක් පවත්වා ගෙන යනවා. “

ඔහු වෙනිසියුලාවට යන්නේ කරකාස් නගර සභා මැතිවරණය පැවැති දිනයට පෙර දිනයේය. ඒ මොහොතේ රජයේ ඇරයුමින් ගොස් සිටි පිරිස ජනතාව ඡන්ද දෙන ආකාරය නිරීක්ෂණය කිරීමටද අවස්ථාවක් සලසා  තිබිණි.

ජීවන්තට අද ලෝකයම කතා කරන මදුරෝ හමුවන්නේ එහිදීය.

 “ ජනාධිපති මදුරෝ නගර සභා ඡන්දයට ඡන්දේ දාන්න එන තැනට අපිව එක්කරගෙන ගියා. එතැන මම වගේම තවත් විදේශීය නියොජිතයන් කිහිපදෙනකුම සිටියා. මදුරෝ ඡන්දය දීලා ඇවිත් අපි එක එක්කෙනා සමඟ සුහදව කතා කළා. මා ළඟටත් ඇවිත් ඔහු කතා කළා.

 පොදුවේ ඔහු කීවේ ඔහුගේ පාලනය ගැන සයිමන් බොලිවාර් මඟපෙන්වීම යටතේ පැහැදිලි මාවතක ගිය වෙනිසියුලාව හියුගෝ චාවේස් නව මඟකට යොමු කළ හැටිත් ඒ මඟ ඔස්සේ රට ජයග්‍රහණය කරවන හැටි ගැනත් මදුරෝ ඒ වෙලාවේ කෙටියෙන් අපිට පැහැදිලි කළා.”

ජීවන්ත වෙනිසියුලාවේ ගත කළ දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ ජාන හොරකමේ තරම ගැන ඔත්තුවක් ලබා ගැනීමටද සමත් වූ බව ඔහු කියන්නේ මෙසේය.

“මට මේ සංචාරයේදී මුහුණ දුන්නු අභියෝගයක් තමයි ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව ඇති අය විරල වීම. මේ අතරේ හමුවුණා භාෂාව පුළුවන් හිතෛෂී චරිතයක්. ඔහු  රසායන විද්‍යා උපාධිධාරියෙක්. ඔහු සත්ත්ව උද්‍යානයක් ආශ්‍රිතව සතුන් සම්බන්ධ පර්යේෂණ කරන පර්යේෂකයෙක්. ඔහු අපේ රටේ පොළොඟුන් ගැන පර්යේෂණ කරල තිබෙනවා කියල මට කිව්වා.  පොළො‍න් විෂ සම්බන්ධයෙන් තමයි මේ රිසර්ච් කරල තියෙන්නේ.  ඉතින් මම ඇහුවා කොහොමද අපේ රටේ පොළොඟුන් ගෙනාවේ කියල. ඔහු කීවේ ඔවුන්ට ඒවා එන මාර්ග තියෙනව කියල විතරයි. ඒ කියල හිනා වුණා.

අපේ රටේ ජාන කොල්ලය සුළුපටු එකක් නොවන බව එහිදී මට වැටහුණා.“

කරකාස් නගරය ජනාකීර්ණය. ඔහු පවසන්නේ නගරයේ බොහෝ විට දැකිය හැක්කේ අපේ කොළඹ-පිටකොටුව වැනි කලබලකාරී ජනාකීර්ණ පරිසරයකි.

“ ඒ නගරයේ දකින්නේ බොහෝවිට ගමෙන් රැගෙන එන ගොවි නිෂ්පාදන අලෙවි කරන අයුරුයි. ඒ වගේම  ටැක්සි රියැදුරන්ද බහුලයි. ටැක්සි රියැදුරෝ ආකල්ප සහ හැසිරීම් අතින් අභිභවා යන්නේ නැහැ. මිත්‍රශීලී විදේශිකයන්ට ගෞරවාන්විතව සලකනවා බොහෝ දෙනා. ඊට අමතරව අපේ නාගරිකව අපේ පිටකොටුවේ මෙන් කාර්යබහුල මිනිස් චලනයන් දැකිය හැකියි. වෙනිසියුලානු මුදල් ඒකකය වන බොලිවාර් මෙන්ම ඩොලර්වලින්ද ගනුදෙනු සිදුවෙනවා. නගරය තුළ අවුරුදු 50-60 පැරැණි වාහන මෙන්ම නවීන පන්නයේ වාහනද දැකිය හැකියි.

ඒත් ගම් ආශ්‍රිතව ප්‍රවාහන සේවය අතිශය දුර්වලයි. මධ්‍යම පාන්තික රැකියා නියුක්තිකයන්ගේ වැටුප ඉතා අඩු අගයක්. එය ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට ප්‍රමාණවත් නැහැ. එහෙත් ඔවුන් බොහෝ දෙනා ඇමරිකානු සම්බාධක මෙයට හේතු වී තිබෙන බව පිළිගන්නවා. කුමන දුෂ්කරතා යටතේ වුවත් ඇමරිකානු මැදිහත් වීමට විරෝධය දැක්වීමට පැකිළෙන්නේ නැහැ.”

මෙම ජනතාවගේ ආහාරයට කුකුළු මස් වරදින්නේ නැත. එරට ආහාර පාන ගැනද ජීවන්ත ජයතිස්ස මහතා මෙවැන්නක් සඳහන් කරයි.

“ඔවුන්ගේ ආහාරයට කුකුළු මස් අනිවාර්යයි. හරක් මස්, ඌරු මස් මෙන්ම බඩ ඉරිඟු ආශ්‍රිතව කෑම වර්ග හදනවා.  අපේ රටේ ජනප්‍රිය නාරං බීම ඔවුන් අතරත් අතිශය ජනප්‍රියයි. ඔවුන් එයට කියන්නේ නාරංහ කියල.  ඊට අමතරව ඔවුන් අලිගැටපේර බහුල වශයෙන් විවිධ ආකාරයෙන් ආහාරයට ගන්නවා දකින්නට ලැබුණා.”

වෙනිසියුලාවට ගිය ජීවන්තට  එහිදී තවත්  චරිතයක් මුණගැසිණි. ඒ කියුබානු විප්ලවවාදියා වන චේගුවේරාගේ දියණියයි.

“එල් සැල්වදෝරයේ ඇමරිකානු සිර කඳවුරක සිර කරගෙන සිටි වෙනිසියුලානු තරුණයන් 252 නිදහස් කරගැනීම නිමිතිකොට ගෙන මා එහි සිටි දිනවල සමුළුවක් පැවැත්වුණා.  ඒකට චේගේ දියණිය ආවා.

 ඇය එහිදී අපූරු කතාවක් කළා. ෆිදෙල් කස්ත්‍රෝ සන්නද්ධ අරගලයකින් කියුබාවේ බලය අත්පත් කරගෙන පිහිටු වූ රජය යටතේ තරුණ දරුවන් සෝවියට් දේශයට යවා අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළා. ඒ  වැඩසටහන කඩාකප්පල් කිරීමට කියුබානු ජන සමාජය තුළ එම වැඩසටහනට එරෙහිව විශාල මඩ ව්‍යාපාරයක් ගෙන ගියාලු. එහි ප්‍රතිඵලයක් ලෙස කියුබානු මවුපියන් තමන්ගේ දරුවන් රුසියාවට නොයවා ඇමරිකාවට යැවීමට පෙලඹී තිබෙනවා. නමුත් අවසානයේදී එම දරුවන් ඇමරිකාවේදී අපහරණයට ලක්ව ඇති  බව ඇය අනාවරණය කළා. කියුබානු මවුපියන් තත්ත්වය තේරුම් ගන්නා විට බොහෝ නරක දේ කියුබානු දරුවන්ට ඇමරිකානු අධිරාජ්‍ය විසින් අත්පත් කරදී අවසන් බව ඇය කීවා.

ඇය මේ කතාව කිව්වේ   වෙනිසියුලාවෙත්  තරුණයන් සරණාගතයන් ලෙස බටහිර රටවලට පලා යෑම ගැන කියමින්.  එසේ පලා ගිය තරුණයන් 252 දෙනකු එල්සැල්වදෝරයේ පිහිටි ඇමරිකානු කඳවුරක දැඩි පීඩනයකට ලක් වූවා. මදුරෝගේ ආණ්ඩුව ඔවුන් 252 දෙදෙනා වෙනිසියුලාවට ආපසු ගෙන්වා ගැනීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා.  මේ ආකාරයට මේ වසරේ මාර්තු මාසයේ සිට එලෙස වෙනිසියුලාවෙන් සරණාගතයන් ලෙස පිටව ගිය 7,170ක් නැවත ගෙන්වා ගැනීමට මදුරෝගේ ආණ්ඩුව සමත් වූවා. 

ඇමරිකාව වෙනිසියුලාවට පනවපු සම්බාධක හේතුවෙන් 2016 වර්ෂයේදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල 50%ක හිඟයක් දකින්නට ලැබුණා. ඒ කාලය තුළ වෙනිසියුලානු ජනයා අතිශය පීඩාවට පත් වී සිටියා. නමුත් රළු මුහුද දක්ෂ නාවිකයන් බිහිකරනවාය යන ආප්තෝපදේශය සනාථ කරමින් මේ වන විට වෙනිසියුලාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධවලින් 80%ක්ම වෙනිසියුලාව තුළ නිපදවාගත හැකි තරම් හැකියාවක් අත්පත් කරගෙන තිබෙනවා. වෙනිසියුලානු ඖෂධ කර්මාන්තය තුළ 2024 මාර්තු මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේදී වර්ධනය 14.6%යි. ඒ අනුව මෙම කාලය තුළ සමස්ත වෙනිසියුලාව පුරා ඖෂධ මිලියන 28කට වඩා බෙදාහැර තිබෙනවා.

මෙය වෙනිසියුලාව සතු තෙල් නිධිය මත පමණක් යැපෙන්නේ නොමැතිව ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට මදුරෝගේ පරිපාලනය උත්සාහ ගන්නා බවට තිබෙන හොඳම සාක්ෂියක්. ඒ වගේම මදුරෝගේ ආණ්ඩුව ඇමරිකානු සම්බාධකවලට මුහුණ දීමට සකස් කළ 13 වැදෑරුම් වැඩපිළිවෙළෙහි එක් අංගයක් තමයි වෙනිසියුලාවට අවශ්‍ය ඖෂධ 100%ක්ම වෙනිසියුලාවේම නිපදවා ගැනීම. නමුත් වෙනිසියුලාවට අවශ්‍ය ඖෂධ නිපදවීමේදී අවශ්‍ය අමුද්‍රව්‍ය 100%ක්ම ආනයනය කිරීමට සිදු වී තිබෙනවා.

දැඩි ඇමරිකානු ආර්ථික සම්බාධකවලින් බැට කන රටක් ලෙස වෙනිසියුලාවට මෙම අත්‍යවශ්‍ය ඖෂධ නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙන ඒමේදී විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

එහෙත් වෙනිසියුලානු හිතවාදියකු වන ජීවන්ත පවසන්නේ මදුරෝගේ මේ යහපත් ක්‍රියා පිළිවෙත අප  පරිශීලනය කරන බටහිර මාධ්‍ය හිතාමතා වසන් කිරීම කුහක පිළිවෙතක් බවයි.

ඔහු පවසන්නේ  එරට නගරය සහ ගම යා කරන පොදු ප්‍රවාහන පද්ධතිය අතිශය දුර්වල බවයි.

“නගරයේ මිනිස්සු මෝටර් බයිසිකල්, කාර්, වෑන් මෙන්ම පොදු ප්‍රවාහන සේවයට අයත් බස් රථද භාවිත කරනවා. නමුත් දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල ඩබල් කැබ්, ලොරි වැනි කර්කශ ප්‍රවාහන ක්‍රමයක් තියෙන්නේ. මාර්ග පවා හොඳ තත්ත්වයක නැහැ. ගම සශ්‍රීකයි. නමුත් පහසුකම්, රස්සා  නැති වීම  හේතුවෙන් මිනිසුන් නගරයට සේන්දු වීමේ ප්‍රවණතාවක් තිබෙනවා.”

කෙසේ වුවද ඔහු පවසන ආකාරයට  වෙනිසියුලාව සතුව වටිනා වන ගහනයක් ඇත. වටිනා ඖෂධීය ශාක විවිධත්වයක්ද ඇත. අද ලෝකයම කතා කරන අපට දුරස් වූ මේ රටේ සංචාරය ගැන කතාව ජීවන්ත ජයතිස්ස මහතා නිමා කරන්නේ මෙසේය.

“කැරකස් නගරයම තුරුලතාවලින් පිරුණු කඳු වළල්ලකින් වට වී තිබෙනවා. එම පරිසරය කෙනකුට අත හැර යා නොහැකි තරම් ලෝබයි. මේ පරිසරය හා බැඳුණු ඓතිහාසික උරුමයක් සහිත ජනතාවක් වෙනිසියුලාවෙ ඉන්නවා.”

- විදූෂ වෙදගෙදර

මව්බිම

සම්බන්ධිත පුවත් | Related News

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.
සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා වන පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් කර තිබේ.
රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.
ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.
ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.