News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවේ පවුල් සංඛ්‍යාව ලක්ෂ 52ක් වෙද්දී, එයින් 43ක්ම අස්වැසුම ඉල්ලා ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ පවසයි. මෙය නිවැරදි සංඛ්‍යාලේඛනයක් විය නොහැකිය.

LGBTQ ගැන නූතන වෛද්‍ය මතය මොකක් උනත්, බෞද්ධයෙක් විදියට බෞද්ධ මූලාශ්‍ර අනුව බැලුවොත්, සසරේ කරපු කර්ම විපාක අනුව සමහරුන්ට කැමති උනත්, අකමැති උනත්, ලිංගික වෙනසකට මූණ දෙන්න සිද්ධ වෙනවා..

කවදත් මගේ ජීවිතයේ දවස ආරම්භ වූයේ මාධ්‍යයත් සමගය. නමුත් මා ඇමරිකාවට පැමිණියායින් පසුව එය වෙනස් විය. ඒත් මෑතක සිට මගේ දවස ආරම්භ වන්නේ සේපාල් අමරසිංහ චැනල්, මාතලන් ,බයි තක්සලාව, වරුණ රාජපක්ෂ, කැළුම් ජයසුමන,චාමර විජේසූරිය, පචහන්ටර්ස් ,ඩාක් රූම්,මී මැස්සෝ, සිසි සහ එස් එල් ලීඩර්ස් අභීත එදිරිසිංහ වැනි චැනල් සමගය.

බුදුදහම නාමයෙන් විවිධ කල්ලි ගොඩනැගී ඇති බවත්, නූතනයේ විවිධ වැරදි අර්ථකථනයන් සමාජගත වී ඇති බවත් මේ හේතුවෙන් විශාල අර්බුදයකට ලක්වී අවසාන ප්‍රතිඵලය ලෙස මෙරටත් මාලදිවයිනක්, පාකිස්ථානයක් නැතහොත් ඉන්දුනීසියාවක් බවට පත්වීමට හැකි බවට සැකයක් මතුවී ඇති බවත් පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

දශක ගණනාවක් තිස්සේ, ශ්‍රී ලංකාවේ බොහෝ පිරිමි සමලිංගික, කාන්තා සමලිංගික සහ ද්විලිංගික පුද්ගලයින් ප්‍රධාන සමාජීය හෝ නීතිමය වෙනස්කම් අපේක්ෂා නොකර පෞද්ගලිකව ජීවත් වූහ.

ඒ දෙවැනි ලෝක මහා යුද්ධය අවසන් වී ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සෝවියට් දේශය ලෝකයේ ප්‍රබලම මට්ටමක සිටි හැටේ දශකයේ මුල යුගයයි....

ලොව පුරා අත් විඳි භයානක සමාජ අත්හදා බැලීමක් මේ වන විට ශ්‍රී ලාංකික දරුවන් මත කඩා පහත් කර ඇත. LGBTQIA යනු ජීව විද්‍යාත්මක යථාර්ථය ප්‍රතික්ෂේප කරන, දරුවන් දෙමාපියන්ගේ භාරකාරත්වයෙන් ඉවත් කරන සහ විදේශ අරමුදල් සහිත රාජ්‍ය නොවන සංවිධාන සහ ඖෂධ සමාගම් වල අවශ්‍යතා සඳහා දරුවන් භාර දෙන දෘෂ්ටිවාදයකි. LGBTQIA ව්‍යාපාරය තවදුරටත් ඉවසීම ඉල්ලා නොසිටියි. විශේෂයෙන් දරුවන් කෙරෙහි බල පැවැත්විය හැකි නීතිමය බලය ඉල්ලා සිටී.

සිංහලයින් මෙයට එරෙහිව සටන් කළ යුතුය.. නමුත්, සටන් කිරීම තියා හිතන්න වත් බැහැ. හේතුව බහුතර ෆේස්බුක් සිංහලයන්ට සටන් කිරීම කියල තේරෙන්නේ කඩු පොලු අරන් කරන සටනක් විතරක් වීම.

අපට කෙනෙකුගෙ ලිංගික චර්යාවන් පිළිබඳව ගැටළුවක් නැත. එය යමෙකුගෙ කැමැත්තයි. එහෙත් එය රටක, සමාජයක විශේෂිකරණය කළ යුතු එමෙන්ම උත්කර්ෂයට නැංවිය යුතු මාතෘකාවක් නෙවේ.


ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.