හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.
සමිතියේ හිටපු සභාපතිවරයෙකු වන තිලක් පුෂ්ප කුමාර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ පාලනාධිකාරියේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කර ඇත.
පෙට්‍රල් සහ ඩීසල් රැගෙන පැමිණි බවුසරයෙන් ඉන්ධන බාන අවස්ථාවේදී කළමනාකරු සහ සේවකයින් එම ස්ථානයේ රැඳී සිට ඇති අතර, ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් මුසු වීම හේතුවෙන් එම ඩීසල් සහ පෙට්‍රල් තොග නැවත භාවිතයට ගත නොහැකි තත්ත්වයක් ඇති වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එම ඉන්ධන නැවත පිරිපහදු කිරීමට හෝ සකස් කිරීමට සිදුවන බවත්, එමගින් සිදුවන පාඩුව සමිතියේ සාමාජිකයින්ගේ අරමුදල්වලින් පියවා ගැනීමට සිදුවනු ඇති බවත්, හිටපු සභාපතිවරයා සඳහන් කරයි.
ඉන්ධන සැපයුම කාර්යක්ෂම කරන බව පවසමින් ජාතික ජන බලවේගය යටතේ සමිතියේ පාලනය වෙනස් කළ බවත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දේශපාලන මැදිහත්වීම් මත කළමනාකරු ලෙස පත් කළ බවත්, ඔහු චෝදනා කරයි.
සමුපකාර ක්ෂේත්රයේ නිසි ක්‍රමවේදයෙන් බැහැරව සිදු කළ මෙම දේශපාලන පත්වීම සහ අදාළ තාක්ෂණික දැනුම හා අවබෝධය නොමැතිකම මෙම අතපසුවීමට හේතු වී ඇති බවයි හෙතෙම පවසන්නේ.
මෙම සිද්ධිය හේතුවෙන් ඉන්ධන පිරවුම්හලේ දෛනික ඉන්ධන නිකුත් කිරීමේ කටයුතු අඩාල වී පාරිභෝගිකයින් අපහසුතාවට පත්ව සිටින බවත්, සමුපකාර සමිතියේ අයිතිය සාමාජිකයින් සතු බැවින් දේශපාලන පක්ෂ මැදිහත්වීම් හේතුවෙන් සිදුවන මෙවැනි පාඩුවලට වගකිව යුතු පාර්ශ්ව වගවිය යුතු බවත්, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..