News Category
From Date
To Date
Maximum Number of Result

නැව් පෙන්නා පාරට විසි කරපු තරුණයෝ...

Jan 13, 2026 at 10:02 AM
|

‘වත්ත බද්දට දීලා ඇස්සට දත නියවනවා වගෙයි’ කියල පිරුළක් තියෙනවා. ඒක අර්ථ නොගැන්නුවාට ගොඩක් අයට අර්ථය වැටහෙනවා. මේකත් එවැනි පන්නයේ පොදු කතාවක්. කතාව කියවගෙන යන කොට කාරණය ඒත්තු යයි. මේ අය නම්, ගම් ප්‍රසිද්ධ කරනවට බයයි. අද මුදලට හෙට ණයට වගේ හෙට දේ වෙනකම් මේ අය අද දුන් මුදලට සාධාරණය වෙතැයි බලාපොරොත්තු දල්වාගෙන සිටිති. ‘මගේ එකම හීනය නැවක ‘කෙඩෙට්‘ කෙනෙක් වෙන එක තමයි. අපේ ගෙවල් පැත්තේ නැවක වැඩ කරන කෙනෙක් ඉන්නවා.

එයා ඉතාම හොඳ ජීවිතයක් ගත කරනවා. ලක්සරි ජීවිතයක්. මමත් හිතුවා කවදාහරි නැවක වැඩ කරනවා කියලා. බී.එම්.අයි.සී.එච්. එකේ රැකියා ප්‍රදර්ශනයක් තිබුණා. ඒක බලන්න ගියහම මගේ ඉලක්කයට යන්න ඕන පාර හමු වුණා. ඒ බලලා මම එකේ පුහුණුවට ගියා. පුහුණුව මාස තුනයි. අවුරුද්දක් ඇතුළත නැවක රස්සාවක් දෙනවා කියන පොරොන්දුව ඒ අය මුලදී ගිවිසුමේදීම කිව්වා. මම මේ පුහුණුව කළේ 2023දී. දැන් 2026ත් වෙලා තවම නැවකටවත් නැඟලා නැහැ. කෝස් එකේ මුදල ලක්ෂ 25ක්. මුලින්ම ගෙවන අයට ඩිස්කවුන්ට් එකක් දෙනවා කිව්වා. එතකොට මුදල ලක්ෂ 24 වෙනවා. සහභාගි වෙච්ච හැමදෙනාම මුලින්ම ගෙව්වා ලක්ෂයක් හරි ඉතිරියිනේ කියලා.

අපිට ඉස්සර වෙලත් අපිට පස්සෙත් අදත් අපිට වගේම පොරොන්දු දිදී කට්ටිය බඳවා ගන්නවා. මම වගේම කට්ටිය නැව් නඟින්න බලාගෙන එනවා. මාස තුන ගාණේ අවුරුද්ද කෝස් හතරක් වෙනවා. ළමයිනුත් එනවා. මම අවුරුදු 21දී ආවේ. දැන් අවුරදු 24යි. ලක්ෂ 24කුත් ඉවරයි. තාත්තා ඒ සල්ලි ගෙව්වේ ඉඩමේ කෑල්ලක් විකුණලා. ලක්ෂ 24 මාසෙන් දෙකෙන් හොයන්න පුළුවන් කියලා අපිට කිව්වේ. ඒත් තවම රැකියාවක් නෑ. නැව්වලට ඕන තරම් බඳවා ගන්නවා කිව්වා. කෝස් එක ඉවර වුණ ගමන්. නැවක රස්සාව ස්ථීරයි කිව්වා.

දැන් අවුරුදු තුනක් ගිහිල්ල නැවක් නැහැ. අවුරුද්දක් යන්න කලින් රස්සාව දෙනවා කියලා අදටත් බඳවා ගෙන කෝස් එක කරනවා. අපි ඇවිත් ඇවිත් යනවා. මට මේ ඇවිත් යන්නම දැන් ලක්ෂ ගාණක් වියදම් වෙලා තියෙනවා. දැනට මාත් එක්ක නැවක රැකියාවක් බලාගෙන ඉන්න ‘කෙඩෙට්’ ලා අසූවට වඩා ඉන්නවා. එක එක කතා කිය කිය අපිව රවට්ටනවා. අම්මයි, තාත්තයි සල්ලි ගැන කිය කිය හූල්ලනවා. ඒ අයගේ හිතේ එච්චර සල්ලි වියදම් කරලත් මම කෝස් එක හරියට කළේ නැහැ කියලයි. මේ මාස තුනට කරපු කෝස් එකට සහතික ලැබිලා තියෙනවා. ඒ පුහුණුව නැවකට යන්න සුදුසුද නැද්ද කියන්නවත් අපි දන්නෙ නැහැ. අවුරුදු තුනක් තිස්සේ අපිට නැවක රැකියාවක් ලැබිලා නැහැ.“

මේ විසිහතර හැවිරිදි තරුණයකුගේ ඉච්ඡාභංගත්වයේ හඬය. ඔහු සමඟ තව තරුණයන් හත් දෙනෙක් පැමිණ සිටියහ. මේ සියලු දෙනාගේම කතා මෙබඳුය. ඔවුන් උසස් පෙළ සමත් ඉංග්‍රීසි කතා කළ හැකි එක්තරා පවුල් පසුබිමක් ඇති අයය. එහෙත් ලක්ෂ 25ක් කජු ඇට කොස් ඇට මෙන් මුහුදට විසි කළ හැකි අය නොවේ. ඇතැම් අයගේ මවුපියෝ කනකර උකස් කර ඇත. ළමයා වෙනුවෙන් කුඩා කල සිට එකතු කළ බැංකු පොතේ සියල්ල ඉදිරි ආයෝජනය වෙනුවෙන් වෙන් කර ඇත. තවත් අය සිය රැකියාවෙන් ලද ඊපීඑෆ් මුදලින් මෙම ලක්ෂ 25 ලබාදී ඇත. ඇතැම් අය ඉඩම් විකුණාය. නැතහොත් උකස් කරය. තව අය ණයට මුදල් ගෙනය. ඒ ඉදිරිය ඉතාම පැහැදිලිය යන විශ්වාසය උඩය. එහෙත් දැන් සිදුව ඇත්තේ නොසිතූ දෙයකි. ලක්ෂ 24 අහිමිය. වසර දෙක, තුන ගෙවී යමින් ඇති අතර ලද පුහුණුවක්ද නැති ගානය.

“අපි කෝස් කරලා රස්සාව ඉල්ල ඉල්ල යනවා. ඒ අය විවිධ හේතු කියනවා. දැන් ඒ අයත් කියන්නෙ ඔයගොල්ලෝ හරියට පාස් නැහැනේ වගේ කතා. එහෙම නැහැ. අපිට මේ සහතිකය ඕනම නැවකට යන්න පුළුවන් කියලා දුන්නෙ. දැන් ඒ අය නිදහසට කතා කියනවා. ඒ අතර කියනවා කොරියාව එක්ක අපි ගිවිසුමක් ගහලා තියෙනවා. තව මාස තුනක් කොරියන් භාෂාව, ඒ සංස්කෘතිය ඉගෙන ගන්න ඕන. ඒවා ඇවිත් ඉගෙන ගන්න කියලා. ඉතින් අපි හැමෝම ඒකත් කරනවා. ඒකට ඒ අය අපි වෙනුවෙන් එක්කෙනකුට ඩොලර් 500ක් වියදම් කරලා තියෙනවා. ඒ නිසා කවුරු හරි අතරමඟදී නතර වෙනවා නම් එයා අතින් ඩොලර් 500ක් ඒ අයට ගෙවලා තමයි අයින් වෙන්න ඕන කියනවා. ඉතින් හැම කෙනාම ඒ මාස තුනත් යනවා. කොරියන් භාෂාව මාස තුනෙන් ඉගෙන ගන්න කියනවා. ඒ පුහුණුව නැවක රස්සා පුහුණුවක් නෙවෙයි. මොකක් හරි කොරියන් රැකියාවක් හොයලා දෙන්න කරන පුහුණුවක් වගේ. එහේ ගිහිල්ලා ඉන්න තමයි පුහුණු කරන්නෙ. අපිට තේරෙන්නෙ නැහැ මොනවා කරන්නද කියලා.”

ඒ තව කතාවකි. අනෙක් හැම කතාවක්ම එවැනි අඳෝනාවකි. මේ තරුණ ජීවිතය වයස ගෙවෙමින් රැකියාවක් නොලැබ මුදල්ද ලක්ෂ 24ක් අහිමිව නැඟෙන බරපතළ ඛේදවාචකයක කතා ගොඩකි.

“මෙහෙම දන්නව නම් ඒ සල්ලිවලින් ත්‍රීවීල් එකක් අරගෙන දුවනවා.”

හැම වදනකම ඇත්තේ කලකිරීමය. බලාපොරොත්තු රහිත බවේ ලකුණුය. මේ පුහුණු පාඨමාලා ගැන සොයා බලද්දී ඒ හැම ආයතනයක්ම පුහුණුව අවසානයේ රැකියාව ස්ථිර බවට දෙන සහතිකය ඇත. ඒ අනුව මේ පුහුණු ආයතන පාඨමාලාව සම්පූර්ණ කළ අයට නැවක රැකියාව දිය යුතුමය. එය ඒ ගිවිසුමේ ඇති කාරණයකි. එහෙත් ඒ ‘කෙඩෙට්‘ පුහුණුව ලබන අයටය. එහෙත් තව කට්ටියක් නැවේ වෙනත් රැකියා අවස්ථා සඳහා පුහුණුව ලබන අයද වෙති. ඒ පුහුණු පාඨමාලාවක් සඳහා අය කරන ගාස්තුව ලක්ෂ තුනහමාරකි. මේ පුහුණුවට එනුයේ සමාජයේ පහළ පාන්තික පවුල්වල අයය. කෙසේ හෝ ලක්ෂ තුනහමාරක් සොයාගෙන නැවක කුමක් හෝ රස්සාවක් කර අනාගතය ගොඩදා ගැනීම ඒ අයගේ අරමුණය. මේ ආකාරයට පුහුණුව ලැබ රැකියා නොමැතිව වසර ගණනක් බලා සිටින ප්‍රමාණය පන්දහසකට වැඩිය.

පීඩිත ජනයාගේ ආණ්ඩුවක් පත් වී ඇති අතර මේ ආණ්ඩුවෙන් ඒ අයට රැකියා ලැබෙතැයි සමහරු විශ්වාස කරති. හැමට ඇත්තේ විශ්වාසය පමණි. කවදා හෝ රැකියා ලැබෙතැයි සිතා විශ්වාස කරති. නම, ගම, පින්තූරයක් ඇතිව කතා කරන්නට මේ අය බයය. ඒ ලැබෙන්න නියමිත රැකියාව නොලැබෙනු ඇතැයි කියාය.

ලංකාව තුළ නැව් නග්ගන පොරොන්දුව පිට මේ පාඨමාලා කරන පෞද්ගලික ආයතන ගණනාවක් ඇත. ඒ අතර සිනෙක්, මර්කන්ටයිල්, යූඑන්කේ, ලංකා ඇකඩමි, එම්එස්ටීඅයි වැනි ආයතන ඇත. මේ අතර රජයද මේ පුහුණුව ලබා දේ. තවත් ආයතනද ඇත. එහෙත් මේ ගැටලුවල හිර වී ඇති ළමයින් අති බහුතරය නොව සමස්තයම ඉහත ප්‍රධාන ආයතනවල පාඨමාලා කළ අයය. ඒ අය හිතා මතා මේ මගඩිය කරනවාද නැද්ද යන්න ආණ්ඩුව සොයා බැලිය යුතු කරුණයකි.

අනෙක් අතට වෙළෙඳ හා සුඛෝපභෝගි මගී නෞකාවල නව ක්ෂේත්‍ර ගණනාවක රැකියා සඳහා ලාංකිකයන්ට විශාල ඉල්ලුමක් ඇති බව නිතර මැවෙන පුවතකි. ඒ සඳහා තරුණ මෙරට තරුණ තරුණියන් පුහුණු කරන පුළුල් වැඩපිළිවෙළක් හදන බව ආණ්ඩු ගණනාවක්ම දී ඇති පොරොන්දුවකි මීට පෙර බොහෝ අය නැවක රැකියාව ලෙස ගියේ සීමන්වරුන් හෙවත් වෙළෙඳ නාවිකයන් ලෙසය. නමුත් මේ වන විට විශාල මගී (CRUISE) නෞකාවල කරනවෑමියන් අරක්කැමියන්, ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා-කැසිනෝ සහ විනෝදාස්වාද සේවා, ප්‍රාසාංගික සේවා ශිල්පීන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවකම රැකියා සඳහා විශාල ඉල්ලුමක් ඇතැයිද දැන්වීම් පළ වේ. එසේ නම් වෙළෙඳපොළ විවෘත මුත් ඊට අවශ්‍ය ගුණාත්මක සැපයුම සිදු නොවන බව ඉතාම පැහැදිලි කරුණකි. මෙම වෙළෙඳපොළට ඉල්ලුම් කරනුයේ ශ්‍රී ලංකාව පමණක් නොව තව බොහෝ රටවල මෙම පුහුණුව ලබන අය ඉදිරිපත් වෙති. එසේ නම් ප්‍රමිතියක් නැති පුහුණුවට ඉඩක් නැති බව පැහැදිලියි. මේ ජාත්‍යන්තර නැව්ය. ඒ අය නිසි පුහුණුවට මිස හිතවත්කම්වලට රැකියා දෙන අය නොවේ. එසේ නම් මෙරට ප්‍රධාන වශයෙන් මහා පරිමාණව නැව් රැකියා ලබාදෙන ආයතනවල ප්‍රමිතිය ගැන සොයා බැලිය යුතුය. ලක්ෂ 25ක් යනු සුළුපටු මුදලක් නොවේ. එක මාස තුනක කෙඩෙට් පුහුණුවට ළමයින් තිහක් එක ආයතනයකට ඇතුළත් වුවද ඒ මාසය තුළ ඔවුන් උපයන මුදල ලක්ෂ හත්සිය පනහක් පමණ වේ. මේ ආකාරයට වසරට අවස්ථා හතරකදී උපයන මුදලත් මේ විදිහට ප්‍රධාන සෙසු ආයතන උපයන මුදලත් බලන කල මේ විරැකියාවෙන් පෙළෙන ප්‍රමාණය සහ වියදම් කර ඇති විශාල ධනස්කන්ධයට සිදු වන්නේ එක්තරා මගඩිකාරයන් පොහොසත් කිරීමට එහා නොයන අරුතක් බව නොපැහැදිලිද?

මෙයින් මේ පාඨමාලා කරන සියල්ලෝ කරනුයේ වංචාවක් බව නොකිය යුතුය. මේ අයද ඉතා සුළු පිරිසකට රැකියා සපයනවාද විය හැකිය. එහෙත් පොරොන්දුද දී බඳවා ගන්නා සියල්ලට සාධාරණය නොවන බව නම් ඉතාම පැහැදිලිය. කෙඩෙට් නිලධාරීන් ලෙස රැකියා නොමැතිව එක ආයතනයක වසර කිහිපයක් තිස්සේ අසූවකට වඩා සිටී නම් එයින්ම ඒ බව පැහැදිලිය. සෙසු රැකියා අවස්ථා සඳහා පෝලිම පන්දහසක් පමණ වන විට තත්ත්වය ඉතා බරපතළය.

මේ වන විටත් ශ්‍රී ලාංකිකයන් පහළොස් දහසකට අධික සංඛ්‍යාවක් විවිධ නාවික රැකියාවල නිරත වී ඇත. මෙය ලෝකයේ නාවික රැකියාවල නිරත වී සිටින සංඛ්‍යාවෙන් දශම ගණනකි.

එසේ නම් මේ වන විට මූලික න්‍යායික පුහුණුව ලැබූ පන්දහසකට අධික පිරිසකට නැව්වල ප්‍රායෝගික පුහුණුව ලබාගත නොහැකි තත්ත්වයක් උදා වී ඇති බව පැහැදිලිය. එසේ නම් මේ සියලු ආයතන ආණ්ඩුව එනම් වරාය භාර අමාත්‍යාංශය හරහා සම්පූර්ණ අධීක්ෂණයට ලක්වේ. මීට පෙර තත්ත්වයන් කුමක් වුවත් වත්මන් ආණ්ඩුව සහ වරාය භාර අමාත්‍යාංශය මීට වගකීමෙන් මැදිහත් විය යුතු කාලය උදා වී ඇත. මේ උගුලේ දැනට සිර වී ඇති ප්‍රමාණය දෙස බලන කල මෙය මහ පරිමාණ ජාවාරමක් බව පැහැදිලිය. එයින් ඉතාම ප්‍රමිතියෙන් යුතුව කරන ආයතනවලටද ගැටලුකාරී තත්ත්වයක් උදාවේ. මේ කුමන ආයතනයක වුව පොරොන්දු කාරකව රැකියා ලබාදිය නොහැකි නම් ලක්ෂ 25ක් ලබා ගැනීම අසාධාරණයය.

ආණ්ඩුවට මෙහිදී විශාල කාර්ය භාරයක් ඇත. එය ජාතික වගකීමකි. වත්මන් ජනපති හැම ක්ෂේත්‍රයකටම අය යොමු කරන නිසා මේ කාරණා දෙසද සොයා බැලීම වටී. වරාය භාර ඇමැතිවරයා මෙන්ම වරාය අමාත්‍යාංශය මෙතැන් සිට මේ ආයතන ගැන නිසි අධ්‍යයනයක් නැවත කිරීම වැදගත්ය. ඒවාට සහතික දීමේදී රජයේ මැදිහත් වීම සහ රජයේ දායකත්වය අති විශාලය. දැනටත් මේ ආයතන රජයට යටත්ය. මේවා මීට පෙර නිසි නියාමනයක් නොවූ නිසා මෙලෙස අයාලේ යනවා විය හැකිය. එහෙත් වත්මන් ආණ්ඩුවට ඒ දේවල් නිවැරැදි කළ හැකිය.

මෙතැන් සිට මේ අසරණභාවයට හසු වී ඇති ළමයින් කෙරෙහි සාධාරණයක් ඇති කිරීමට ආණ්ඩුව උත්සුක වනු ඇතැයි සිතමු. මේ පුහුණුව ලබාදෙන ආයතන ආණ්ඩුවට වගකිවයුතු නැද්ද? මීට පෙර ආණ්ඩු ඒ ගැන නිසි සැලකිල්ල යොමු කළේ නම් මේ තත්ත්වයක් නොවන බව පැහැදිලිය. එසේ නම් ඒ මාවතේම මේ ආණ්ඩුව යා යුතු නැත. මේ අයට ළමයින් වියදම් කරන මුදල රැකියා නොමැතිව සිටින ගණන යන හැම නිවැරැදිව තක්සේරු කරගත හැකිය. අනෙක් අතට මෙතරම් රැකියා අවස්ථාවක් ඇති බවට නිතර පුරප්පාඩු පෙන්නුම් කරයි නම් අපිට ඒ අවස්ථාවන්ට ළඟා වීමට නොහැකි අඩුපාඩු ආණ්ඩුව වටහා ගත යුතුය. ආණ්ඩුව මේ පුහුණු ලබා දෙතත් ඒ සියලු පුරප්පාඩු හමුවේ පෞද්ගලික අංශයටද කළ හැකි කාර්ය විශාල බව පෙනේ. එසේ නම් ඒ ආයතන නිසි ලෙස නියාමනය කිරීම ආණ්ඩුව දැන් භාරගත යුතුය. ස්ථීරවම රැකියා ලබාදිය හැකි ප්‍රමාණය අනුව බඳවා ගැනීම් කළ යුතුය. ඒ ආයතනවලට රැකියා ලබාදිය හැකි සක්‍යතාව පිළිබඳ නිවැරැදි සහතිකයක් ආණ්ඩුව ලබාගත යුතුය. නිකරුණේ කට වචනයට මෙරට තරුණ ප්‍රජාව රැවටීමේ මාෆියාවට මේ ආණ්ඩුව තිත තැබිය යුතුය. වත්මන් වරාය භාර ඇමැති සහ වරාය අමාත්‍යාංශය ඒ දේ කෙරෙහි අවංක වුවමනාවෙන් මැදිහත් වනු ඇතැයි සිතිය හැකිය. මෙය විශාල ලෙස මුදල් ගරාගත හැකි ජාවාරමක් බව ඔප්පු වී ඇත. ලාභ සිල්ලර ආයතන හරහා සිද්ධ වන්නේ එයය. ඒවාට වැඩි වැඩියෙන් හසුවනු පෙනේ.

නැවක රැකියා යනු ඩොලර්වලින් වැටුප් ලබන රැකියාවකි. එය විශාල වැටුප් ලබන රැකියාවන් වේ. මේ නිසා ලක්ෂ 25 නොව ලක්ෂ 50 වුව වියදම් කර යෑමට සිහින මවන පිරිස බොහෝ වෙති. මේ සියල්ල මුදල් ඇති කමටම වඩා මේ වියදම් කරන මුදල අපතේ නොයන විශ්වාසයෙන් ඉන්න අයය. මේ අයට උපරිම සාධාරණය විය හැක්කේ ආණ්ඩුව මැදිහත්ව මේ පෞද්ගලිකව නැව් පුහුණුව දෙන ආයතන නිසි අධීක්ෂණයට ලක් කළහොත් පමණි. එවිට නියම ප්‍රමිතියෙන් ඒ දේ කරන ආයතන ඉතිරි වී අනෙක් හොර කඩ වැසී යනු ඇත.

බැලූ බැල්මට නොපෙනුණත් මේ පිළිබඳ ඇතුළට කිඳී බලද්දී මෙම නැව් රැකියා ලබාදෙන මුවාවෙන් මහා පරිමාණ ජාවාරමක් දියත් වන බව පැහැදිලි වේ. පුහුණුව කොතරම් අසාර්ථක වුවත් මුදල සෙවිය යුතු අතර එම සිසුන් කොතරම් දක්ෂ වුවත් රැකියාවක් සොයා දිය නොහැකි නම් ඔවුහු අසමත් වූවා යැයි පහසුවෙන් අත පිසදා ගත හැකිය. මේ ක්ෂේත්‍රය ගැන දන්නා ප්‍රමාණය අඩු නිසා දන්නා ටික දෙනා ඒ ක්ෂේත්‍රයේ දියබුන් ගහන බව පෙනේ. එබැවින් බලධරීන් මේ සියල්ල නිසි නියාමනයට ලක් කළ යුතුව ඇත. මේ එයට නිසි කාලය වෙයි.

මේ ළමයින්ගේ අඳෝනාව හේතුව කොට ගත යුතුය. මෙම ආයතන විශාල ලෙස මුදල් උපයන බැවින් ඔවුන්ද අවංකව සිය සේවාව සැපයීමට ළමයින්ගෙන් ගන්නා මුදලට සාධාරණය කිරීමටත් අවසානයේ නැවක රැකියාවක් ලබා දීමටත් පොරොන්දු පරිදි ක්‍රියා කළ යුතුව ඇත. එසේ නොකර කට්ටි පැන මෙවැනි අධම වැඩ කළ හැකි නම් එයට එකම හේතුව මේ සියල්ල යටත්ව ඇති වරාය අමාත්‍යාංශය දුර්වල බවය. වරාය ඇමැති දුර්වල බවය. අවසන ආණ්ඩුව දුර්වල බවය. වත්මන් තත්ත්වය තුළ එය එසේ නොවනු ඇතැයි අපි සිතමු. මේ බොහෝ තරුණයන්ගේ ලක්ෂ ගණන් මුදල් මුහුදේ නොව මුහුද පෙන්වන ජාවාරම්කාරයන්ගේ සාක්කුවට යන බව අමතක නොකළ යුතුය.

- ටිරන් කුමාර බංගගමආරච්චි -

මව්බිම 

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.