News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රවීණ කිවිවර රත්න ශ්‍රී විජේසිංහයන්ට අවමන් කළා යැයි කියන ඔක්තෝබර් 31දා මම සිටියේ හොරණ මිල්ලනිය ප්‍රාදේශීය සභාවේ සාහිත්‍ය උළෙලට දේශකයෙකු ලෙස සහභාගී වෙමිනි.එහි පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඔෂානි උමංගා ද මගේ වැඩසටහන අවසානයේ හොරණ සාහිත්‍ය උළෙට ද යන බව පවසා නික්ම ගියා ය.

රත්න ශ්‍රී විජේසිංහ මහතා මේ ආණ්ඩුව බලයට පත් කරන්න වේදිකා නැගපු කෙනෙක්. මාලිමාව බලයට ගෙන්න වැඩ කළ වෙනත් කලාකරුවන් වගේ ඔහු සංස්කෘතික ඝාතකයෙක් නෙමෙයි. බෞද්ධ විරෝධියෙකුත් නෙමෙයි. චිරත්නන සාහිත්‍යයෙන් පෝෂණය වූ කෙනෙක්.

1980 වෙද්දී චීනයේ ජනගහණයෙන් 87%ක්ම ජීවත්වුනේ අන්ත දුප්පතුන් ලෙස ය. ඔවුන්ගේ දෛනික ආදායම අමෙරිකානු ඩොලර් 2කට වඩා අඩු විය.

රජයේ මත් ද්‍රව්‍ය මෙහෙයුම හොදයි. හැබැයි ඒකෙදී රජයේ පාර්ශවයෙන් අහුවෙන අය සම්බන්ධව ක්‍රියාත්මක වෙන ආකාරය ගැන ජනතාවට සැක සංකා ඇතිඩනොවීමට පොලිසිය සහ CID වගබලා ගන්න ඕන. ‼️

මම අද අරගෙන ආවේ ලංකාවේ හැම ගෙදරකම, හැම phone එකකම, මේ මොහොතේ සිද්ධ වෙන, ඒත් අපි ගොඩක් දෙනෙක් තාමත් හරියටම දන්නේ නැති, අතිශය භයානක, ඒ වගේම අපේ ඇස් ඇරවන සුළු අනතුරු ඇඟවීමක් ගැන කතා කරන්න.

පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ඉඳපු තරුණියන්ට අධ්‍යාපනය ලබා දෙද්දි අපි මුහුණ දීපු ගැටලුවක් තමයි එතන හිටපු සමහර ලමයින්ට තමන් ගේ මව් භාෂාව ඒ කියන්නේ දෙමළ භාෂාව ගැන මූලික දැනුමක්වත් නොතිබුණු එක . මොකද සමහර ලමයි එක එක හේතු මත පාසැල් යන්නේ නැතුව ඉඳලා කරන්නම දෙයක් නැතුව එල්ටීටීඊ සංවිධානයට බැඳිලා. අකුරු බැරි නිසා අපිට මුලින්ම කරන්න සිද්ධ උනේ එයාලට දෙමළ අකුරු කියලා දෙන එක. ඒ සඳහා හිටපු නිළධාරීන් ප්‍රමානවත් උනේ නෑ .

2024 අවුරුද්දේ චීන තැපෑල ඩොලර් බිලියන 239 කට වැඩි ආදායමක් ලැබුවා. ඒ අවුරුද්දේ අපේ රටේ දළ ජාතික නිෂ්පාදිතය ඩොලර් බිලියන 99 කටත් අඩුයි. ඒ අවුරුද්දේ අපේ ආණ්ඩුවේ ආදායම ඩොලර් බිලියන 12 ක් විතර ඇති. ඒ කියන්නේ, අපේ ආණ්ඩුව උපයනවා වගේ 20 ගුණයක ආදායමක් උපායගන්න චීන තැපෑලට පුළුවන් වෙලා. ඉතින් රටක් විදිහට අපි ඉන්නේ කොච්චර පස්සෙන් ද කියන එක මේ කාරණයෙන් වුනත් හිතාගන්න පුළුවන්.

ලෝකයේ නායකත්වය හිමි වන්නේ චීනයටද? නැතහොත්, මේ තාක්ෂණික හා දේශපාලනික අර්බුද මැද ඇමරිකාව නැවත නැඟිටීද? මෙසේ මේ මොහොතේ ලෝකයේ බලය ගමන් කරන දිශාව පිළිබඳ බරපතල කතිකාවක් ගොඩනැඟෙමින් තිබේ.

සංචාරක ව්‍යාපාරයේ දියුණුවත් සමග අපට මෑත කාලීනව අහන්න ලැබුණු දෙයක් වුවත් මෙය නූතන ලෝකයට අලුත් මාතෘකාවක් නම් නොවෙන අතර,මෙඩිකල් ටූවරිසම්, දේශාටන වෛද්‍යවේදය, සංචාරක වෛද්‍යව විද්‍යාව, හෙල්ත් ටූවරිසම් වශයෙන් විවිධ ලෙස සාකච්ඡාවක්ට බඳුන්වන මාතෘකාවකි.


ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.