අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.
රට ඉංග්‍රීසීන් අතට පත්වන අවස්ථාවේ වාරියපොළ සුමංගල අනුනායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ ගිහි ප්‍රභූන් දූරදර්ශීව කටයුතු කළ බවත්, එහි පස්වන වගන්තියෙන් සම්බුද්ධ ශාසනය, බෞද්ධ භික්ෂූන් වහන්සේ, දේවාල සහ ආගමික පුදසිරිත් ආරක්ෂා කිරීමට එකඟ වුවද වසර දෙකක් යන්නට මත්තෙන් එය උල්ලංඝනය කළ බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ. ඒ හේතුවෙන් ආගමික නිදහස, සංස්කෘතික අනන්‍යතාව, දේශාභිමානය සහ ස්වෛරීභාවය වෙනුවෙන් ගිහි-පැවිදි උතුමන් 1818 නිදහස් අරගලය ආරම්භ කළ බව උන්වහන්සේ සඳහන් කළහ.
එවකට ඉංග්‍රීසීන් යටතේ සේවය කළ නිලධාරියකු වූ වීර මොනරවිල කැප්පෙටිපොළ මහ නිලමතුමන්ට කැරැල්ල මර්දනය කිරීම පැවරුණද, ඔහු තම හෘද සාක්ෂිය සමඟ සාකච්ඡා කර ජාතියේ ස්වාධීනත්වය සහ ආගමික අනන්‍යතාව වෙනුවෙන් සටන් කරන දේශීය වැසියන් සමඟ එක්ව ඌව වෙල්ලස්ස අරගලයට නායකත්වය දුන් බව ආනන්ද හිමියෝ පැවසූහ.
ඌව කැරැල්ල විවිධ හේතු නිසා අසාර්ථක වුවද රටේ නිදහස හා ස්වෛරීභාවය වෙනුවෙන් කළ ජීවිත පරිත්‍යාග ඉතිහාසයේ රන් අකුරින් ලියැවී ඇති බවත්, අතීත මුතුන් මිත්තන් සහ විරුවන් ක්‍රියා කළ ආකාරය අනාගත පරපුරට කියා දිය යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළහ.
ජාතිකත්වය, ආගමික සහ සංස්කෘතික අනන්‍යතා නොසලකා හරින ඇතැම් පිරිස් තුළ ආකල්පමය පරිහානියක් පෙනෙන බව සඳහන් කළ පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන්, කැප්පෙටිපොළ මහ නිලමතුමන් වැනි විරුවන්ට දක්වන සැබෑ උපහාරය වන්නේ ඔවුන්ගේ අභිලාෂයන් වටහාගෙන කටයුතු කිරීම බවද වැඩිදුරටත් පැවසූහ.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..