අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වසරකින් කල් දැමීම..
👉 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වසරකින් කල් දැමීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.
👉 ඒ තීන්දුව ගැනීම සම්බන්ධව පළමු කොටම ජනාධිපතිතුමන් ඇතුළු රජයට ස්තුති කළ යුතුයි.
👉 මේ ප්‍රතිසංස්කරණය ගැන මගේ පිටුවේ ලිපි දෙක තුනකට වඩා පළ කළේ නැහැ. නමුත් ආරම්භයේ සිටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව සමාජ මාධ්‍යයෙන් පරිබාහිරව සිදුවූ සංවාදයන්ට මා සම්බන්ධ වී සිටියා.
👉 මා හඳුනන මාලිමාවේ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු අයටත් මෙහි ඇති ගැටලු ගැන මා ලියූ දේවල් යැව්වා.
👉 බොහෝ දෙනා සිතන ආකාරයට මෙහි තිබූ සැබෑම ගැටලුව මොඩියුලවල අඩුපාඩු, මුද්‍රණ දෝෂ, වෙබ් අඩවි ලින්ක් වැනි තාක්ෂණික කාරණා නොවෙයි.
👉 ඒවාත් මේ වැඩපිළිවෙළෙහි වගකීම් විරහිත බවට අදාළ කාරණා වුණත්, ඒ සියල්ලට වඩා මේ ප්‍රතිසංස්කරණවල මූලික දෘෂ්ටිමය පදනමම අතිශය ගැටලු සහගත එකක්.
👉 ඒ නිසා මෙය මුලින් උදුරා දැමිය යුත්තක් මිස අතු ඉති කපා සංස්කරණය කළ හැක්කක් නොවෙයි.
👉 මේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි අය කියන පරිදි විභාග පීඩනය නැති, සියලු දෙනා සතුටින් සිටින, සියලු දෙනා සමතුන් කරවන, ලේසි පහසු අධ්‍යාපන ක්‍රමයක් මගින් නවීන ලෝකයට ගැලපෙන, දියුණු පුරවැසියෙක් බිහි කළ හැකි යැයි සිතීමම බරපතළ පරස්පරයක්.
👉 ඒ යටතේ යෝජනා වූ පෙළපොත අහෝසි කිරීම, සාපේක්ෂව විෂය කරුණු සරල කරන ලද මොඩියුල හඳුන්වා දීම, වාර විභාග සපුරා අහෝසි කිරීම, වාර විභාග වෙනුවට පන්තියේ කරන ක්‍රියාකාරකම් සඳහා දෙන ලකුණු මගින් ශිෂ්‍යයාගේ මට්ටම තීරණය කිරීම කියන මූලික කාරණාම අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන බරපතළ ගැටලු ඇති කළ හැකි දේවල්.
👉 ඒ ගැටලු මොනවාද කියන එක අවශ්‍ය නම් වෙනම සවිස්තරව පෙන්වා දිය හැකි කාරණයක්.
👉 ඒ ආකාරයට අඛණ්ඩ ඇගයීම් මත පමණක් රඳා පවතින ලිහිල් අධ්‍යාපනයක් ස්කැන්ඩිනේවියානු රටවලවත් නැහැ. තිබුණත් රටවල් අතර ඇති බරපතළ ආර්ථික, සමාජ, සංස්කෘතික වෙනස්කම් නොතකා එක් රටක අධ්‍යාපන ක්‍රමයක් තවත් රටකට යාන්ත්‍රිකව ගලපාලන්න බැහැ. (මේවා ගැන වෙනම කරුණු සහිතව කතා කරමු.)
👉 හැබැයි අපේ බොහෝ දෙනාට මේ කාරණා ගැන සංයුක්ත අවබෝධයක් තිබුණේ නැහැ. ඒ වෙනුවට මේ ප්‍රතිසංස්කරණ හරහා විභාග බර නැති, සියලු දෙනා සතුටින් සිටින, සියලු දෙනා සමත් වන, අධ්‍යාපන ක්‍රමයක් බිහි කළ හැකි යැයි සිතන රොමාන්තික් සිහිනයක බොහෝ දෙනා ගිලී සිටියා.
👉 ඒවා බොහෝ විට හැඟීම් මත පදනම් වූ තර්ක මිස සැබෑ දත්ත, කරුණු හා ඒ පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණ ඔස්සේ ආ නිගමන නොවෙයි.
👉 ඒ වෙනුවට අධ්‍යාපනය ගැන ජනප්‍රිය මිත්‍යා මත පදනම් කරගනිමින්, වෙනත් රටවල ඇතැයි සිතින් සිතාගෙන සිටින කතන්දර පදනම් කරගනිමින්, චිත්‍රපටවල දුටු දේවල් පදනම් කරගනිමින් එළඹුණු හැඟීම්බර නිගමන අනුව තමයි මේ ප්‍රතිසංස්කරණවලට පක්ෂ අය බොහෝ විට මේ ගැන අදහස් පළ කළේ.
👉 ඒ බොහෝ අදහස් සාවද්‍ය වන්නේ ඇයි කියන එක අවශ්‍ය නම් වෙනත් රටවල අධ්‍යාපන ක්‍රමවේද ගැන කරුණු කාරණා එක්ක පෙන්වා දෙන්න පුළුවන්. දැන් ප්‍රතිසංස්කරණ තාවකාලිකව හෝ කල් දමා ඇති නිසා ඉදිරියේ දී දේශපාලන ප්‍රහාරවලින් යම් තරමකට ගැලවී ඒ ගැන සංවාද කිරීමට යම් අවකාශයක් නිර්මාණය වී තිබෙනවා.
👉 කොහොම වුණත් මේ ප්‍රතිසංස්කරණ වසරකින් හෝ කල් දැමීම දේශපාලන අතින් ආණ්ඩුවට ඉතාම හිතකර වාසිදායක තීරණයක්.
👉 මොකද යම් හෙයකින් මෙය ක්‍රියාත්මක කළා නම් එය ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාබනික ගොවිතැන වැනි ව්‍යසනයක් බවට පත්වීම වළක්වන්නට කිසිදු ජගතෙකුට බැහැ.
👉 ඒ නිසා ප්‍රතිසංස්කරණ කල් දැමීම ගැන මාලිමා හිතවාදීන් කනගාටු විය යුතු නැහැ. ඉදිරියේදී මේ පිළිබඳ විධිමත් සංවාදයකින් පසු වඩා සුදුසු ක්‍රමවේදයක් වෙත යාමට ආණ්ඩුවට මේ ඔස්සේ අවස්ථාව ලැබී තිබෙනවා.
- ඉසුරු ප්‍රසංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..