News Category
From Date
To Date
Maximum Number of Result

තමලු මලින්ත පියදිගම විසින් “මාක්සියානු ආර්ථික කතිකාවේ අසාර්ථකත්වය - දස් කපිටාල් කෘතිය ගැන විමසුමක්” කියලා පොතක් ලියලා. තවමත් ඒක කියවපු නැති හින්දා මට ඒ ගැන අදහසක් කියන්න අමාරුයි. ඒත් නූතන අර්ථශාස්ත්‍රය ගැන නම් වචනයක් දෙකක් කියන්න බැරිකමක් මට නෑ.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායමක් පහුගිය 05 වෙනිදා ඉන්දීය රජයේ විශේෂ ආරාධනාවකට අනුව ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කළා.එතනදී ඉන්දිය විදේශ ඇමති එස් ජයශංකර් හමුවෙලා තිබුණා.ඉන්දීය විදේශ අමාත්‍යවරයාට අමතරව විදේශ ලේකම්,ආරක්ෂක උපදේශක ඇතුළු ඉහල පෙළේ ඉන්දීය බලධාරීන් පිරිසක් හමුවෙලා තිබුණා.

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් මහතා ඉදිරියේ ඉකුත් 03 වැනිදා සිදුවූ අතර තායිලන්තය අග්නිදිග ආසියාවේ ප්‍රධාන භූමියේ එක්සත් ජනපදයට සිටින එකම ගිවිසුම් සහකරු වශයෙන් ද හඳුනාගත හැකි පසුබිම තුළ තායිලන්තය හා එක්සත් ජනපදය අතර ඇති සහයෝගීතාව සොයාබැලීම කාලීන අවශ්‍යතාවයකි.

ප්‍රධාන ගෝලීය මිලිටරි ගැටුම් හේතුවෙන් ඉහළ යන යුද අවි අවශ්‍යතාවය හේතුවෙන් 2023 මූල්‍ය වර්ෂයේ එක්සත් ජනපදය විදේශීය රාජ්‍යයන්ට ආයුධ අලෙවියෙන් ඩොලර් බිලියන 238ක වාර්තාගත ආදයමක් උපයා ගැනීමට සමත්ව තිබේ. එය පසුගිය වර්ෂයට වඩා සියයට 16 ක ඉහළ යාමක් බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකින් කියවේ.

පසුගිය ජනවාරි 26 වෙනිදා, ඕස්ට්‍රේලියානුවන් ඕස්ට්‍රේලියානු දිනය සමරනු ලැබූහ. ඔස්ට්‍රේලියානු ජාතික දිනය , ඇමරිකාවේ ජූලි 4 දිනයට හෝ ප්‍රංශයේ බැස්ටිල් දිනයට සමාන වන්නේය.

මිනිසෙකුගේ මරණයකදී සතුටු වීම එතරම් ශිෂ්ඨ ගතියක් නොවේ. දුක් නොවීම වෙනම කතාවකි. සනත් නිශාන්තගේ මරණය සම්බන්ධයෙන් කිව හැක්කේ කුමක් ද ?

මාලදිවයින් රාජ්‍යය ඉදිරි දිනවලදී චීන පර්යේෂණ යාත්‍රාවකට සත්කාරකත්වය සැපයීමට සූදානමින් සිටින බව පසුගියදා මාධ්‍ය වාර්තා කර සිටියේය.

පෞද්ගලික අන්තර්ජාතික පාසල්වල තම දරුවන් සිටින එසේම අනාගතයේදී එම පෞද්ගලික පාසල්වල ප්‍රධානීන් වශයෙන් යෑමට සිටින ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කරනු ලබන ඇතැම් කිහිපදෙනෙක් නිසා මේ රටේ ලක්ෂ හතලිස් තුනක පමණ දරුවන්ගේ කාලය, මේ රටේ වසර පහක ජාතික ධනය, ලක්ෂ 43 ක දරුවන්ගේ දෙමාපියන්ගේ ධනය ජාතික අධ්‍යාපන ආයතනයේ කිහිප දෙනෙක්ගේ පෞද්ගලික අභිලාෂයන් වෙනුවෙන් වැය කිරීමට සිදුවීම ජාතික අපරාධයක් නොවේද?

නව වසරේ පළමු සතියේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සිදුකළ යාපනය සංචාරයේ දී තම ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කරමින් උතුරු හා නැගෙනහිර පළාත්වලට 13 වැනි සංශෝධනය මගින් ලබාදී ඇති බලතල උපරිමයෙන් යොදාගනිමින් තම පළාත් සංවර්ධනය කළ යුතු බව හා ඊට මධ්‍යම රජය බාධා නොකරන බවත් සඳහන් කර ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පවසයි.


ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.