ලේඛනගත නොවූ කඳුළක ශේෂය: ගෝනගල ම්ලේච්ඡ සමූලඝාතනය
ශ්‍රී ලාංකීය දේශපාලන හා සමාජයීය ඉතිහාසයේ ඛේදවාචකයන් අතර, දිගුකාලීන කුරිරු බෙදුම්වාදී ත්‍රස්තවාදයේ බිහිසුණුම සහ අතිශය අමානුෂික පරිච්ඡේදයක් සනිටුහන් වන්නේ අම්පාර දිස්ත්‍රික්කයට අයත් කුඩා, අහිංසක ගොවි ගම්මානයක් වූ ගෝනගල (31 ජනපදය) කේන්ද්‍ර කරගනිමිනි. 1999 සැප්තැම්බර් මස 18 වැනිදා මධ්‍යම රාත්‍රියේ නින්දේ පසුවූ අහිංසක සිංහල බෞද්ධ වැසියන් ඉලක්ක කර ගනිමින් එල්.ටී.ටී.ඊ. (LTTE) ත්‍රස්තවාදීන් දියත් කළ ම්ලේච්ඡ පොරෝ සහ මන්නා පිහි ප්‍රහාරය, නූතන සමාජය විසින් කිසිසේත් අමතක නොකළ යුතු, එහෙත් අද වන විට ඉතිහාසයේ වැලි තලාවෙන් වැසී යමින් පවතින ජාතික ඛේදවාචකයකි. මෙම ලිපිය මඟින් එම ම්ලේච්ඡත්වයේ ස්වභාවය, කාන්තාවන්ට සිදු වූ අමානුෂික වධහිංසා, නැගෙනහිර පළාතේ බෞද්ධ අනන්‍යතාව රැකගැනීමට සඟ පරපුර කළ අතිමහත් පරිත්‍යාගය සහ නූතන පරපුරේ ඓතිහාසික වගකීම විමර්ශනය කෙරේ.
1. මධ්‍යම රාත්‍රියේ ම්ලේච්ඡත්වය සහ අමානුෂික ස්ත්‍රී හිංසනය.
ගෝනගල ඝාතනය අනෙකුත් ත්‍රස්ත ප්‍රහාරයන්ට වඩා සුවිශේෂී හා බිහිසුණු වන්නේ, ඒ සඳහා පැමිණි 75කට අධික ත්‍රස්ත කණ්ඩායම අතර විශාල වශයෙන් කාන්තා බෝම්බකරුවන් සහ ඝාතකයන් සිටීමයි. තම කුසෙන් දරුවන් වදන ගැහැනියකගේ මනුෂ්‍යත්වයට නිගා දෙමින්, මෙම ත්‍රස්තවාදිනියන් එදා ගෝනගල ගම්මානයේ සිංහල මව්වරුන්ගේ ලේ කිරි කර පොවන බිළිඳුන් පවා මන්නා පිහිවලින් කොටා ඝාතනය කිරීමට තරම් අමනෝඥ වූහ.
එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් අහිංසක සිවිල් වැසියන් 54 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, ඒ අතර පිරිමි පුද්ගලයන් 27 දෙනෙකු, කාන්තාවන් 17 දෙනෙකු සහ කුඩා දරුවන් 10 දෙනෙකු සිටියහ.
විශේෂයෙන්ම, එහිදී සිංහල කාන්තාවන්ට සහ දැරියන්ට සිදුකර තිබූ වධහිංසනයන් අතිශය ම්ලේච්ඡය. ජීවතුන් අතර සිටි කාන්තාවන්ගේ පියයුරු කපා දමා, ගැබිනියන් දෙදෙනෙකුගේ කුසෙහි සිටි නූපන් දරුවන් පවා මන්නා පිහිවලින් ඇන ඝාතනය කර තිබුණේ මනුෂ්‍යත්වයේ සේයාවකුදු ඉතිරි නොකරමිනි. එක් නිවසක, මියගිය ඥාතියෙකු වෙනුවෙන් පැවැත් වූ තුන්මාසයේ දානමය පින්කමකට සහභාගී වී නිදන්නට ගිය එකම පවුලේ සාමාජිකයන් 9 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු එකම ස්ථානයකදී කොටා ඝාතනය කර තිබුණි.
නූතන ලාංකික තාරුණ්‍යයේ දෑස් කඳුළින් තෙත් කරන මේ බිහිසුණු අතීතය අපට පසක් කරන්නේ, අද අප භුක්ති විඳින නිදහස පිටුපස ඇති රුධිරයේ සහ කඳුළේ බරයි. වඩාත්ම කනගාටුදායක කරුණ නම්, එදා මෙම ම්ලේච්ඡ ඝාතන මෙහෙයවූ, අනුදත් සහ සෘජුවම සම්බන්ධ වූ පාපතරයින් සහ ඔවුන්ගේ මතවාදීන් අදටත් සාමයේ නාමයෙන් හෝ දේශපාලන රැකවරණ මධ්‍යයේ ජීවතුන් අතර සිටීමයි. මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔවුන්ට සහ ඔවුන්ගේ එම ලේවැකි උරුමය සාධාරණීකරණය කරන සමස්ත පරපුරටම මේ ඉතිහාසය දෙස බැලීමේදී ඇතිවිය යුත්තේ නිවට, ලැජ්ජාසහගත හැඟීමකි.
2. නැගෙනහිර සඟ පරපුරේ රුධිරානුස්මරණය සහ නොසැලෙන කැපවීම.
මෙවැනි අතිශය බිහිසුණු වටපිටාවක, නැගෙනහිර පළාතේ සිංහල බෞද්ධ උරුමය සහ ජනතාව රැකගැනීම වෙනුවෙන් එදා සිටම දිවි පරදුවට තබා ක්‍රියා කළේ අපේ වීරෝදාර මහා සංඝරත්නයයි. ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම ඉලක්කයක් වූයේ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන සහ භික්ෂූන් වහන්සේලාය. ගම් දනව් ලේ විල් වෙද්දී, සිවුර දරාගෙන, පන්සල අතහැර නොගොස්, අවිහිංසාවේ ධජය ලෙළදවමින් ජනතාවට අධ්‍යාත්මික මෙන්ම ලෞකික රැකවරණය සැලසීමට උන්වහන්සේලා අනන්ත දුක්පීඩා වින්දහ.
ගෝනගල ඛේදවාචකය සිදු වූ වහාම, මියගිය අයගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට පවා කිසිවෙකු ඉදිරිපත් වීමට බියෙන් පසුවූ මොහොතක, පූජ්‍ය රන්සෑගොඩ මිත්තසිරි හිමියන්ගේ මැදිහත්වීම ඓතිහාසික අගයකින් යුක්තය. උන්වහන්සේ ත්‍රස්ත බිය නොතකා, වනසතුන්ගෙන් හා ත්‍රස්තයන්ගෙන් නැවත ප්‍රහාරයක් එල්ලවීමේ අවදානම මධ්‍යයේ, මියගිය පිරිස වෙනුවෙන් අවසන් ආගමික වත්පිළිවෙත් ඉටුකිරීමට පෙරමුණ ගත්හ.
මිත්තසිරි හිමියන්ගේ ආරාධනයෙන් සහ මඟපෙන්වීමෙන්, අවට විහාරස්ථානවලින් දිවි නොතකා වැඩම කළ පූජ්‍ය අරන්තලාවේ සරණංකර හිමි, පූජ්‍ය බුද්ධංගල රක්ඛිත හිමි ඇතුළු ප්‍රදේශයේ වීරෝදාර මහා සංඝරත්නය මෙම අවසන් කටයුතු සඳහා සෘජුවම දායක වූහ. උන්වහන්සේලා ලේ විලක් මැද විසිරී තිබූ ඒ අහිංසක දේහයන් එක්රැස් කර, ත්‍රස්තයන් තවමත් අවට සැරිසරන බව දැන දැනම, පාංශුකූල දානමය වත්පිළිවෙත් ඉටු කළහ.
එපමණක් නොව, ප්‍රහාරයෙන් බියපත් වී උහන ප්‍රාථමික විද්‍යාලයේ සරණාගත කඳවුරුවල අසරණව සිටි දහස් සංඛ්‍යාත ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන තෙක්, ඔවුන් නැවත මරණයේ මුවවිටට නොයවා රැකබලා ගැනීමටත්, පසුව ගම්මානයේ මියගිය අය වෙනුවෙන් සමරු ස්මාරකයක් ඉදිකරමින් එම අතීතය ලේඛනගත කිරීමටත් මහා සංඝරත්නය කළ මෙහෙවර නූතන පරපුර විසින් ගෞරවයෙන් කියවිය යුතුම පරිච්ඡේදයකි.
3. නූතන පරපුරේ වගකීම සහ නිගමනය.
ගෝනගල වැනි සමූලඝාතන පිළිබඳ ඉතිහාසය අප නැවත කියවිය යුත්තේ වෛරය පැතිරවීමට නොව, සත්‍යය වටහා ගැනීමටය. වර්තමාන සමාජය තුළ ව්‍යාජ සාමවාදී සහ සහනශීලී වෙස්මුහුණු පැළඳ සිටින ඇතැම් බලවේගයන්ගේ සැබෑ ස්වරූපයත්, එදා අපේ මුතුන් මිත්තන් මේ පොළොව මත හැලූ රුධිරයේ බරත් නූතන පරපුර නිවැරදිව අවබෝධ කරගත යුතුය.
නැගෙනහිර පළාතේ බෞද්ධ උරුමය සුරැකීමට එදා දිවි පිදූ සිවිල් වැසියන් සහ නොසැලී වැඩසිටි භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් කළ හැකි ඉහළම උපහාරය නම්, ඔවුන් රැකගත් ඒ පින්බිම සහ ඉතිහාසය මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කිරීමයි. ගෝනගලින් නැඟුණු ඒ අහිංසකයන්ගේ මරණ ලතෝනිය, නිවටුන්ගේ ඉතිහාසයට ලැජ්ජාවක්ද, ලාංකික අපට සදාකාලික පාඩමක්ද විය යුතුය.
ආචාර්ය දුලිප් පලිහවඩන
මහ ලේකම්
ශ්‍රී රෝහණ නිකායරක්ෂක විද්වත් දායක සභාව
ආශ්‍රිත ලේඛන සහ මූලාශ්‍ර (References):
* The Sunday Times (Sri Lanka) - Pre-dawn horror in Ampara: Gonagala Massacre Special Report (October 3, 1999).
* Unholy Ground (2010) - A Documentary Film on the Survivors of Gonagala Massacre.
* දිවයින / සිළුමිණ පුවත්පත් ලේඛනාගාරය - නැගෙනහිර දේශසීමා ගම්මානවල බෞද්ධ උරුමය සහ සඟ පරපුරේ කැපවීම (1999 සැප්තැම්බර්-ඔක්තෝබර් කලාප).
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..