News Category
From Date
To Date
Maximum Number of Result

දුදස්සනගේ අපාය..

Sep 24, 2026 at 05:27 AM
|

(අද 2026 සැප්තැම්බර් 23 වැනි දා. අදට මගේ වයස අවුරුදු 57 ක් සම්පූර්ණ වෙනවා. උපරිම විදිහට ගත්තත් තව අවුරුදු 20 ක් විතර ජීවත්වෙයි. ඒ කාලයෙනුත් කොච්චර කාලයක් ඇ‍ඟේ හිතේ හයිය තියාගෙන ඉන්න පුළුවන් වෙයි ද කියලා කියන්න බෑ. ඉතින් සිහි කල්පනාව ඇතිව ඉන්න මේ පොඩි කාලයේ කරන්න ඕන දේවල් කල්දාන්න බෑ. ඒ හින්දා, මම අද “දුදස්සනගේ අපාය” ගැන ලියන්නම්).

=== === === === ===

“පොළොව යට අපායක් නෑ කියලා කියපු හින්දා දුදස්සන නිකායෙන් නෙරපුවා” කියලා කට්ටියක් කියවා කියවා ඉන්නවා දැක්කා. දුදස්සන කියන බහුභූත අහන්න උනන්දුවක් මට නෑ. ඒත් තමන්ගේ ශාස්තෘවරයා විදිහට දුදස්සන පිළිගන්න අය මෙහෙම කියන හින්දා අපි මේ පදනම් කාරණය දුදස්සනගේ අදහසක් කියලා හිතන්න පුළුවන්.

ත්‍රිපිටකයේ සහ අට්ඨකතාවල කිසිම තැනක “අපාය පිහිටා තිබෙන්නේ මහ පොළොව යට” කියලා සඳහන් කරලා නෑ. මහා පාප කර්ම කරලා ජීවත්ව ඉඳිද්දි ම පොළොව පලාගෙන අපායට ගිය පස් දෙනෙක් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන්වෙනවා. ඒ තමයි දේවදත්ත, චිඤ්චි මාණවිකාව, සුප්පබුද්ධ, කෝකාලික සහ විරූඪක (විඩූඩභ) කියන පස් දෙනා. අපි හැමෝම වගේ මේ කතා දන්න හින්දා මම ඒවා ගැන විස්තර කියන්නේ නෑ.

බෞද්ධ සාහිත්‍යයේ වාර්තා කරලා තියෙන මේ සිදුවීම් අපේ රටේ වාර්තාවලට විතරක් සීමාවෙච්ච ඒවත් නෙවෙයි. අපි හැම කෙනෙක් ම දන්න චීන ජාතික ෆා-ශියැන් හාමුදුරුවන්ගේ දේශාටන වාර්තාවෙත් මේ කරුණු වාර්තා කරලා තියෙනවා. මේ, එහෙම සඳහනක්.

“出祇洹东门北行七十步道西。佛昔共九十六种外道论议。国王大臣居士人民皆云集而听。时外道女。名旃遮摩那起嫉妬心。乃怀衣著腹前似若妊身。于众会中谤佛以非法。于是天帝释即化作白鼠啮其腰带。带断所怀衣堕地。地即裂生入地狱。及调达毒爪欲害佛生入地狱处。后人皆幖帜之。”

මේ සටහනේ සිංහල පරිවර්තනය මෙහෙමයි.

“ජේතවනාරාමයේ නැගෙනහිර දොරටුවෙන් පිටතට ගොස්, උතුරු දෙසට හැත්තෑ පියවරක් ගමන් කළ විට, මාර්ගයේ බස්නාහිර පසින් මෙම ස්ථානය පිහිටා තිබේ. පෙර කලෙක බුදුරජාණන්වහන්සේ එහි දී අන්‍යතීර්ථකවාදියෝ අනූ හය දෙනා සමඟ වාද කළ සේක. රජතුමා, ඇමැතිවරු, ගෘහපතියෝ සහ ජනයා සියල්ලෝ ම මෙම ස්ථානයට රැස් වී ඒ දේශනාව ශ්‍රවණය කළහ. එ කල, චිඤ්චි මානවිකාව නම් අන්‍යතීර්ථක ස්ත්‍රියක ඊර්ෂ්‍යා සිතක් උපදවා ගත්තා ය. ඇය රෙදි කැබැලි ගෙන තම කුස මත බැඳ, ගැබිනියක සේ වෙස්ගෙන, රැස්ව සිටි මහජන සභාව මධ්‍යයේ දී බුදුරජාණන්වහන්සේට එරෙහිව අසත්‍ය චෝදනා නැගුවා ය. එ කල ශක්‍ර දේවේන්ද්‍රයා වහා ම සුදු මීයෙකු සේ වෙස්ගෙන, චිඤ්චි මානවිකාව බැඳ සිටි ඉණ පටිය කපා දැමීය. පටිය කැඩී වැටුණු විගස, ඇය බැඳගෙන සිටි රෙදි කැබැලි බිම වැටුණේ ය. ඒ මොහොතේ ම පොළොව පැළී, ඇය පොළොව යටට ගිලී අපායට වැටුණා ය. එ සේ ම විෂ ගැල් වූ පහුරුවලින් බුදුරජාණන්වහන්සේට හිංසා කිරීමට තැත් කළ අවස්ථාවේ දී දේවදත්ත ජීවමානව ම නිරයට වැටුණු ස්ථානය ද මෙය ආසන්නයේ ම වෙයි. පසු කාලීන ජනයා මේ ස්ථාන දෙක ම සලකුණු කර ලකුණු තැබූහ.”

හැබැයි ත්‍රිපිටකයේ, අටුවාවල වගේ ම බෞද්ධ සාහිත්‍යයෙත් කිසිම තැනක “අපාය තියෙන්නේ පොළොව යට” කියලා සඳහනක් නෑ. එහෙම නම්, දුදස්සනලා කියන මේ ගල් පැලෙන පචය උපදින්නේ කොහොම ද? මොළේ මීයෝ කාලා තියෙන අයට “දොර” සහ “ගමනාන්තය” අතර වෙනස තේරුම්ගන්න අමාරුයි. “පොළොව පලාගෙන ගියා” කියලා කිව්වාම ඒකෙන් කියන්නේ දොර ගැන. “අපාය” තමයි ගමනාන්තය. මෙන්න මේ ගමනාන්තය පොළොව යට තියෙනවා කියලා ත්‍රිපිටකයේ, අටුවාවල විතරක් නෙවෙයි බෞද්ධ සාහිත්‍යයේවත් සඳහන් කරලාත් නෑ.

එහෙම නම් අපාය තියෙන්නේ කොහෙද?

සංයුක්ත නිකායේ සච්ච සංයුත්තයේ පපාත වර්ගයේ තියෙන අන්ධකාර සූත්‍රය ආරම්භයේ ම මෙහෙම සඳහනක් තියෙනවා.

“මහණෙනි, ලෝක අතරෙහි වූ වැස්මක් නැත්තා වූ අඳුරෙන් පිරී ගියා වූ මේ මහත් ඍද්ධි ඇත්තා වූ මහත් ආනුභාව ඇත්තා වූ චන්ද්‍ර සුර්යයන්ගේ ආලෝකය නො වැටෙන්නා වූ ආකාශ කුහරයෝ ඇත්තාහ”

අපි දැනට මේ “අඳුරු අවකාශ කුහර” ගැන නිරීක්‍ෂණය හිතේ තියා ගනිමු.

ඒ මූලික කාරණය හිතේ තියාගෙන අපි දීඝ නිකාය අටුවාව (සුමංගලවිලාසිනිය) සේවනය කරමු. ඒ අටුවාවේ මෙහෙම කාරණයක් සඳහන් කරලා තියෙනවා.

“එකිනෙක ගෑවෙන සේ තබන ලද පාත්‍ර තුනක්, චක්‍ර තුනක් හෝ නෙළුම් මල්/කැට තුනක් යම් සේ ද, ඒ අතරමැද යම් හිස් අවකාශයක් ඇති වේ ද, එ මෙන් ම, එකිනෙක ස්පර්ශ වන චක්‍රවාට තුනක් අතරමැද යොදුන් අටදහසක ප්‍රමාණයක් ඇති හිස් අවකාශය ‘ලෝකාන්තරික නිරය’ නම් වේ.”

“අනේ අපිට අටුවා කියවන්න විදිහක් නෑනේ” කියලා කම්පාවෙන අය ඉන්න පුළුවන්නේ. ඒ අයට පුළුවන් පූජාවලිය කියවන්න. පූජාවලියේ මෙහෙම සඳහනක් තියෙනවා.

“තුන් නෙළුම් කැටයක් එකිනෙක තැබූ කල මැද යම් සේ හිස් ඉඩක් හැදේ ද, එ සේ ම එකිනෙකට ස්පර්ශ වන සේ පිහිටි චක්‍රවාට පර්වත තුනක් අතර මැද යොදුන් අටදහසක් පමණ හිස් අවකාශයෙක් ඇත්තේ ය. ඒ හිස් අවකාශය ලෝකාන්තරික නිරය නම් වන්නේ ය.”

දීඝ නිකාය අටුවාවේ තියෙන අපාය විස්තරය ඒ විදිහට ම පූජාවලියේ සඳහන් කරලා තියෙන බව මේ අනුව පැහැදිළිවෙනවා. ඇත්තෙන්ම, පූජාවලිය රචනා කරපු මයුරපාද පරිවේණාධිපති පූජනීය බුද්ධපුත්‍ර ස්වාමින්වහන්සේ දීඝ නිකාය අටුවාවට අමතරව විසුද්ධිමග්ගයේ ඉද්ධිවිධ ඤාණ නිද්දේසයේ (ලෝක සංස්ථාපනය සහ චක්‍රවාටයන්හි පිහිටීම විස්තර වන කොටසේ) ලෝකාන්තරික නිරයේ පිහිටීම ගැන දක්වා තිබෙන අදහසත් සේවනය කරලා තියෙන බව පැහැදිළියි. දීඝ නිකාය අටුවාවේ තියෙන නිරීක්‍ෂණය ඒ විදිහට ම විසුද්ධිමග්ගයේත් දක්වලා තියෙනවා.

ධර්ම ග්‍රන්ථවලින් අපාය (නිරය) ගැන අර්ථකථනත් ඉදිරිපත් කරලා තියෙනවා.

“සැපයක් නැත, ආස්වාදයක් නැත, එබැවින් නිරය නම් වේ” (නත්ථි එත්ථ අස්සාද-සඤ්ඤිතො අයො) කියන්නේ එහෙම අර්ථදැක්වීමක්. “මහා පෘථිවියට පහළින් පිහිටා ඇති බැවින් නිරය නම් වේ” (මහාපඨවියා යේව වා හෙට්ඨා ඨිතත්තා නිරයො) කියන්නේ තවත් අර්ථදැක්වීමක්.

හොඳ දේවල් ඉහළින් සහ නරක දේවල් පහළින් තියෙනවා කියලා සැළැකීම අපි කවුරුත් පිළිගත්ත ලෝක සම්මුතියක්. යහපත් කර්ම/ කුසල් කිරීමෙන් “උද්ධංගාමී” (ඉහළට යන) බවත් අයහපත් කර්ම / අකුසල් කිරීමෙන් “අධෝගාමී” (පහළට යන) බවත් අපි පිළිගන්නවා. ඉතින් සැප තියෙන, ආස්වාද තියෙන දිව්‍ය ලෝකය මහා පෘථිවියට ඉහළිනුත් සැප නැති, ආස්වාද නැති අපාය මහා පෘථිවියට පහළිනුත් තියෙනවා කියන පිළිගැනීමේ වැරැද්දක් නෑ. සුගතිය ඉහළිනුත් දුගතිය පහළිනුත් තියෙනවා. උඩින් කියපු අර්ථදැක්වීම් දෙක  - “නත්ථි එත්ථ අස්සාද-සඤ්ඤිතො අයො, මහාපඨවියා යේව වා හෙට්ඨා ඨිතත්තා නිරයො” කියන අර්ථදැක්වීම් දෙක එකට යොදා තිබීමෙනුත් නිරයේ තිබෙන පහත් බව (තුච්ච බව) ඉස්මතු කරනවා.

මෙතැන “මහා පෘථිවියට පහළින් පිහිටා තිබෙන” කියන එක “මහ පොළොව ඇතුළේ / පස් යට” කියලා සළකන්න ඕන නෑ.

අපේ පංචේන්ද්‍රිය ආශ්‍රයෙන් හදාගත්ත භෞතිකවාදී මිනුම් පාවිච්චි කරලා වෙනත් ලෝක (දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝකය, අපාය, තිරිසන් ලෝකය, ප්‍රේත ලෝකය, අසුර ලෝකය වගේ ඒවා) ගැන හිතන්න ගියාමත් අවුල් ඇතිවෙනවා. අපි අපේ පංචේන්ද්‍රියන්ගේ සීමා තේරුම්ගන්න ඕන. ඒ සීමිත මිනුම්වලින් නැවැතිලා, ගල්වෙලා තියෙන ලෝකයක්වත් මැනලා තේරුම්ගන්න බෑ. ඒ සීමිත මිනුම්වලින් අනිත්‍ය මූලික කරගත්ත ලෝකයක් ගැන හිතන්නවත් බෑ.

පෘථග්ජන අපිට භෞතික සම්මුති සහ මිනුම් නැතුව බෑ. අපි අපේ උවමනා එපාකම්වලට ගැලැපෙන විදිහට ඒ සම්මුති සහ මිනුම් හදාගන්න ඕන. ඒවා පාවිච්චි කරන්නත් ඕන. ඒ වගේ ම, දැන් තියෙන භෞතික සම්මුති සහ මිනුම් තව තවත් “වැඩි දියුණු” කරගන්නත් අපි මහන්සිවෙන්න ඕන. ඒ වගේ ම, අනිත්‍ය ලෝකයක ස්ථීර සම්මුති සහ මිනුම් හදාගන්න බැරි බවත් අපි තේරුම්ගන්න ඕන. ඒ හින්දා, ස්ථිර නැති සහ තවමත් “වැඩි දියුණු” කරමින් තිබෙන භෞතික සම්මුති සහ මිනුම්වලින් සියලු ලෝක තේරුම්ගන්න, විස්තර කරගන්න යනවා නම් ලොකු අවුලක් ඇතිවෙන බවත් අපි තේරුම්ගන්න ඕන.

භෞතිකවාදයේ පිළිගන්න කාලයේ සාපේක්‍ෂ බව ගැනවත් හරි හමන් අදහසක් අපිට නෑ. අපේ සෑහෙන පිරිසක් ඉතාමත් දැඩි විදිහට නිරපේක්‍ෂ කාලයක් ගැන අදහසක (අපි හිටියත් නැතත් කාලය ගෙවිලා යනවා කියන අදහසේ) එල්ලිලා ඉන්නවා. අපේ ධර්ම ග්‍රන්ථවලින් මේ වැරැද්ද පෙන්නලා දීලා තියෙනවා. මේ කාරණය තේරුම්ගන්න, අභිධර්ම පිටකයේ ධම්මසංගණී ප්‍රකරණයට ලියලා තියෙන අත්ථසාලිනී අටුවාවේ කාලය ගැන දක්වලා තියෙන අදහස් ඉතාමත් ප්‍රයෝජනවත්. “කාලො නාම රූපාරූපපවත්තියා පණ්ණත්ති මත්තං” (කාලය යනු රූප සහ අරූප ධර්මයන්ගේ පැවැත්ම වෙනස්වීම් පදනම් කරගෙන ඇති කරගනු ලබන ප්‍රඥප්තියක් පමණයි) කියලා ඒ අටුවාවෙන් කියනවා.

“කාලය කියන්නේ ප්‍රඥප්තියක්” කියලා කියන අර්ථදැක්වීමෙන් කාලයේ සීමාව (කාලය කියන්නේ හුදෙක් ම ව්‍යවහාරය සඳහා හදාගත්ත සංකල්පයක්/සම්මුතියක් පමණක් වීම) පැහැදිළි කරනවා. ඉතින් දිව්‍ය ලෝකය, අපාය වගේ වෙනත් ලෝක ගැන කතා කරද්දි අපිට මේ කාල සම්මුතියේ ස්වභාවය ගැන සළකා බලන්නත් සිද්දවෙනවා.

මීට අවුරුදු 500 කට විතර කලින් (1550 – 1616 කාලයේ), චීනයේ ථං ශියැන්-ත්සූ (汤显祖, Tang Xianzu) කියලා නාට්‍ය රචකයෙක් හිටියා. ඔහු ලියපු “දකුණු ශාඛාව යට වාර්තාව” (南柯记, A Dream Under the Southern Bough) කියන නාට්‍යය කාලයේ සම්මුතික බව පැහැදිළි කරන ඉතාමත් රසවත් නිර්මාණයක්. කූඹි රටේ රජ්ජුරුවන්ගේ දියණියක් විවාහ කරගන්න මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය “පස්සේ කාලෙක” ආපහු මේ මනුස්ස ලෝකයට එනවා. මහ ජංජාල, අලකලංචි ගොඩකට මුහුණදෙමින් කුඹි ලෝකයේ “සෑහෙන කාලයක්” ගත කරලා ආපහු මේ මනුස්ස ලෝකයට එද්දි, කූඹි ලෝකයට යන්න කලින් ඔහු බොන්න පටන්ගත්ත වයින් වීදුරුව නිමිලා තිබුණෙත් නෑ!

අඩි පහ හමාරක් විතර උස දුදස්සන අපායට ගියාම අඩි පහ හමාරක් උඩ නිරි සතෙක් බවට පත්වෙන්න ඕන ද? අපි මේ ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න වැඩේ දුදස්සනට සහ ඔහුගේ දායක සභාවට පවරමු.

=== === === === ===

(මෙන්න මේ කතාව තමයි මම මේ 57 වැනි උපන්දිනය වෙනුවෙන් කිව්වේ. හැබැයි, මේ කතාව කියවලා මම කියපු අවකාශ - කාල වෙනස්කම් බලන්න අපායට යන්න නම් හිතන්න එපා).

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.