News Category
From Date
To Date
Maximum Number of Result

1987 සිට අද දක්වා මා විසින් 13 වැනි සංශෝධනයට එරෙහිව විවිධ සංවාද මතු වූ අවස්ථාවල පුවත්පත් සහ සඟරා වලට සපයා ලිපි ප්‍රමාණය 20කට අධික වන අතර සකස් කරන ලද අත් පත්‍රිකා ප්‍රමාණය 10 ඉක්මවා යයි. එහෙත් මා මෙම ලිපිය ලියන්නේ නොලියාම බැරි නිසාය.

නව ව්‍යවස්ථාවක් හෝ නීතියක් හෝ පවතින රාමුවක සංශෝධනයක් අවශ්‍ය වන්නේ කුමන හෝ දේශපාලන අරමුණක් සඳහාය. ඒ අනුව අදාළ ප්‍රතිපාදන සලකා බැලිය යුත්තේ එම දේශපාලන අරමුණට සාපේක්ෂවය. ලෝකයේ මේ වන විට බටහිර අධිරාජ්‍යවාදීන්ගේ උපායමාර්ගික උවමනාවන් සඳහා රටවල් 26ක් බෙදා වෙන්කර ඇත. යටත් විජිත වලට නිදහස ලබාදීමේ දී මෙන්ම ඉන් පසුව දේශපාලන ගැටුම් ඇවිලවීම සහ යම් අවස්ථාවල කිසිදු ගැටුමකින් තොරව එම බෙදා වෙන් කිරීම් සිදු කර ඇත. උදාහරණයක් ලෙස පැපුවා නිව්ගිනියාවෙන් බටහිර පැපුවා රාජ්‍ය වෙන්කර එම කොටස ඉන්දුනීසියාවට ඈඳා ගැනීමට ඉඩ සලසන්නේ චීනයට එරෙහිව ඉන්දුනීසියාව ශක්තිමත් කිරීම සඳහාය. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්ව බටහිර පැපුවා සහ පැපුවා නිව්ගිනියාව අතර දේශ සීමාව සලකුණු කරන්නේ සිතියම මත කෝදුවක් තබා ඉරක් ගැසීමෙනි. එම නිසා එම දේශසීමාවන් මගින් කඳු සහ ගංගා ආදී ස්වාභාවික මායිම්ද ජේදනය වේ.

(“නව සේද මාවතේ වසර දහයක් - අත්දැකීම් සහ අපේක්‍ෂා” යන තේමාව යටතේ 2023 ඔක්තෝබර් 9 වැනි දා පැවැත්වුණු සංවාදශීලී සම්මන්ත්‍රණයේ දී පෙරදිග දේශපාලන විද්‍යායතනයේ විදුහල්පති ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා විසින් පවත්වන ලද දේශනය ඇසුරින් සැකසුණු ලිපියකි.)

රට දියුණු කරන්න නම් Private medical faculty දාන්න තියන හැම එකම Privatize කරන්න කියල සම'හරක් මේ දවස් වල හරිම කඩිකුලප්පුවෙන් දගලනවා.

මහනුවර විදවතුන්ගේ හා වෘත්තීයවේදීන්ගේ සංගමය පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කළා. ඒ සඳහා දායක වූ විද්වතකු වශයෙන් ගෝඨාභය ජනාධිපතිතුමා ප්‍රමුඛ නව රජයෙන් ඔබතුමා බලාපොරොත්තු වන්නේ මොනවා ද?

ධම්මික පෙරේරා යනු ලංකාවේ ලොකුම පොහොසතා ලෙසය ඇතැමෙකු හඳුන්වයි. ඔහු මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන බව ඊයෙ නිල වශයෙන් දන්වා තිබිණි.

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමට (ඒකීය තත්ත්වය අහිමි කිරීමට) ජාත්‍යන්තරය කිසිදු අධිකරණ ක්‍රියාවලියක් තුළ ඔප්පු නොවූ යුද අපරාධ චෝදනා සහ රට බංකොළොත් වීම පාවිච්චි කරයි. චීන සාධකය ද මෙම තත්ත්වයට තදින්ම බලපා තිබේ. 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය විමසා බැලිය යුතු වන්නේ ඉහත සඳහන් කරුණු දෙකටද අවධානය යොමු කරමිනි.

මාස්ක්, ලොක්ඩවුන් සහ එන්නත් නැවත අනිවාර්ය කෙරෙයිද?... සිතන්නට යමක්... ජර්මනිය නියෝජනය කරන යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිස්ටීන් ඇන්ඩර්සන් කියන කතාව...

අවුරුද්දකට බාල වයස්කාර ගැහැනු ළමයි කීදෙනෙක් ප්‍රෙග්නන්ට් වෙනවද?. කීදෙනෙක්ගෙ බෙලි මිරිකලා කැලෑවල දාලා යනවද ? ඒ විතරක් නෙමෙයි ඉපදුන ගමන් ළමයි කීදෙනෙක් පාරේ දාලා යනවද බල්ලන්ට කන්න.


ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.