News Category
From Date
To Date
Maximum Number of Result

2019 වසරේ සිදුවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාළව, වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනෙවිරත්න විදේශගතව සිට යළි සේවයට වාර්තා කළ සැබෑ දිනය සම්බන්ධයෙන්, හිටපු කෑගල්ල දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති (DIG) පාලිත සිරිවර්ධන සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරී තරිඳු උඩුවරගෙදර අතර පැවැති සාකච්ඡාවකදී පාලිත සිරිවර්ධන විශේෂ කරුණු හෙළිදරව් කිරීමක් සිදුකර තිබේ.

'අබු හින්ද්' ගැන මුලින්ම ප්‍රසිද්ධියේ කියන්නට පටන් ගත්තේ සිරිල් ගාමිණී පූජකවරයාය. ඒ, අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වූ අලුත පැවති පොත් එළිදැක්වීමේ උත්සවයකදීය. ඔහු එහිදී පැවසූ පරිදි පාස්කු ප්‍රහාරයේ මහමොළකරු වන ‘අබු හින්ද්’ යනු බොහෝ දෙනා දන්නා කෙනෙකි. රවි සෙනෙවිරත්න අබු හින්ද්ව හඳුනාගෙන ඇති නමුදු, දේශපාලකයන් පිරිසක් ආරක්ෂා කිරීමේ අරමුණින් ඔහුව අත්අඩංගුවට ගැනීමට බාධා තිබී ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ AQ 40 ශාලාව, එහි 23 ක් වන නේවාසිකාර වලින් කුඩාම නේවාසිකාරය වන අතර එහි නවාතැන් සැලසිය හැකි වන්නේ සිසුන් 30 දෙනෙකුට පමණකි. මීට වසර කිහිපයකට පෙර කාර්යමණ්ඩල නිල නිවාසයක් ලෙස භාවිතා වූ එය පසුව නේවාසිකාගාර අර්බුදයට විසදුමක් ලෙස පිරිමි නේවාසිකා ගාරයක් බවට පත් කරන ලදි.

පාපන්දු ලෝක කුසලාන තරඟයේ උද්යෝගය මැද, දහස් ගණන් ප්‍රේක්ෂකයෝ ගී ගයති. කොංගෝවේ නිල් කොඩි සුළඟට ලෙළදෙයි. සතුට, බලාපොරොත්තු සහ ජයග්‍රහණයේ සිහින ක්‍රීඩාංගණය පුරා රැඳී තිබේ. එහෙත් ඒ සියලු ශබ්ද, වර්ණ හා චලනයන් අතර එක් මිනිසෙක් පමණක් නිශ්චලව සිටී.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමවේදය තුළ දශක ගණනාවක් තිස්සේ ජනතා පරමාධිපත්‍යය සුරැකීම වෙනුවෙන් භාවිත වූ ප්‍රබලතම සහ ප්‍රායෝගිකම මෙවලමක් වනුයේ ඡන්දදායකයාගේ ඇඟිල්ලේ තැවරූ නොමැකෙන තීන්ත සලකුණයි. 2004 වසරේ සිට මේ දක්වා ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීමත් සමඟ, හොර ඡන්ද වැළැක්වීමේ ද්විත්ව ආරක්ෂක පියවරක් ලෙස මෙම ක්‍රමවේද දෙකම එකට ක්‍රියාත්මක විය.

නවුෆර් මවුලවි, 2019 වසරේ නොවැම්බර් 11දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී සහකාර පොලිස් අධිකාරී විජිත පෙරේරාට දී ඇති පාපෝච්චාරණය ස්වේච්ඡාවෙන් දුන් ප්‍රකාශයක් බවට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කර ඇති බව ඊයේ වාර්තා විණි.

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන සහ CID අධ්‍යක්ෂක ශානී අබේසේකර මේ දවස්වල වැඩි පුරම කතා බහ වෙන නිසාත් සහ මේ දෙන්නා අතර තියෙන අපුරු සම්බන්ධතාවය නිසාත් මෙන්න මේ කරුණු ගැන හෙව්වා.

ඈත පෙරදිග සඳහා වූ ජාත්‍යන්තර හමුදා විනිශ්චය සභාව (IMTFE) 1946 අප්‍රේල් 29 වන දින ටෝකියෝහිදී නිල වශයෙන් රැස්විය. ජපන් මිලිටරිවාදීන් විසින් සිදු කරන ලද යුද අපරාධ ජාත්‍යන්තර නීතිය යටතේ විභාග කිරීමට රටවල් 11 ක විනිසුරුවන් මෙම රැස්වීමට සහභාගි වූහ.

පාස්කු ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදීන් විසින් සිදු කළත් පාස්කු ප්‍රහාරයෙන් විශාලතම ප්‍රතිලාහ ලැබුවේ කාඩිනල් ප්‍රමුඛ කතෝලික සභාව.


ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.