News Category
From Date
To Date
Maximum Number of Result

සජිත් ප්‍රේමදාස ලන්ඩන් විශ්වවද්‍යාලයේ වෙන්ඩ උපාධිධාරියෙක්. ඔහු උපාධිධාරියෙක් වුණත් එතරම් ප්‍රශ්නයක් නැහැ, පශ්චාත් උපාධිධාරියෙක් වුණත් ප්‍රශ්නයක් නැහැ. උපාධිධාරියකු යනු බුද්ධිමතකු නො වෙයි. බුද්ධිමතා යන්නෙන් අලුත් දැනුමක් ප්‍රවාදයක් සංකල්පයක් සංස්කරණය කළ අයකු අර්ථදැක්වුවොත් ලංකාවේ බුද්ධිමතුන් නැහැ. සජිත් ප්‍රේමදාස තමන් බය නැති බව කියනවා. එහෙත් රෝහිත අබේවර්ධන සජිත්ගේ නිර්භීත කම පාර්ලිමේන්තුවේ දී හෙළිදරවු කළා.

පුද්ගලික ඉඩම් අයිතිය පිළිබඳ සංකල්පය බටහිර න්‍යායවාදීන් විසින් යටත් විජිතකරණයෙන් පසුව නිර්මාණය කරන ලදී. කිසිවකුට අයත් නොවූ භුමිය, හදිසියේම තෝරාගත් පුද්ගලයන් අතළොස්සකට ලබා දුන් අතර යටත් විජිත වකවානුවෙන් පසුව තේරී පත් වූ රජයන් භූමියේ භාරකරුවන් බවට පත් විය.

එවකට ලංකාවේ තිබූ විශාලම ආයෝජනය මෙන්ම විශාලම රසායනික යන්ත්‍රාගාරයද මෙය බව සඳහන් වේ. එවකට මෙම කර්මාන්තය පිළිබඳ කීර්තිමත් ජාත්‍යන්තර ආයතනයක්වූ කෙලොග් ඕවසීස් කෝපරේෂන් නම් වූ සුදු ජාතික සමාගම, යන්ත්‍රාගාර ඉදිකිරීම් සිදුකර යූරියා නිෂ්පාදනය ආරම්භ කළ අතර, ඉන්දියාවේ මදුරාසි පොහොර සමාගම විසින් ඇසුරුම් හා මෙහෙයුම් කටයුතු සිදුකරන ලදී.

වස් කාලය එළඹී තිබේ. ඇසළ පොහො­යෙන් පසුදා වස් සමා­දන් වීමෙන් අන­තු­රුව හාර­ම­සක් ගෙවා වස් පවා­ර­ණය කෙරෙන්නේ වප් පොහෝදා ය. ඉන් පසු එළ­ඹෙන වප් ( ඔක්තො­ම්බර්) පොහොය දින සිට ඉල් ( නොවැ­ම්බර්) පොහොය දින දක්වා කාලය චීවර මාසය සේ සැලකේ. බුදු­ද­හමේ දැක්වෙන අට මහා පින්ක­ම්ව­ලින් එකක් වන කඨින චීවර පූජාව යෙදෙන්නේ චීවර මාසයේ ය. මේ වන­විට සැදැ­හැ­තියෝ කඨින පින්කම් සැල­සුම් කර­මින් සිටිති. මෙහි දැක්වෙන්නේ නූතන කඨීන පින්කම් සම්බන්ධ ව රත්ම­ලානේ ධර්ම පර්යේ­ෂ­ණා­ලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමි­යන් සමග සිළු­මිණ කළ සංවා­ද­යකි.

1988 - 1989 යුගයේ මෙරට ඉස්මතු වූ සන්නද්ධ අරගලය, ඊට බලපෑ හේතු සහ සමාජ පසුබිම පිළිබඳ මූලික කරුණු මැදහත්ව විමසා බැලීම මේ ලිපි මාලාවේ අරමුණ වේ. එම අරගලය තුළ කෙබඳු ආකාරයේ වැරදි අඩුපාඩු සීමාකම් පැවතියද අප එය අවබෝධ කොට ගත යුත්තේ ලංකාව නමැති ජාතික රාජ්‍යයේ ස්වාධීන පැවැත්ම, රටේ ඒකීයභාවය වෙනුවෙන් බෙදුම්වාදී, ජාතිවාදී විදෙස් න්‍යාය පත්‍රයන්ට එරෙහිව දියත් වූ දේශප්‍රේමී ජාතිකවාදී අභිලාෂයන් සහිත සටනක් වශයෙනි. ඒ මූලික අවබෝධයට යටත්ව එදා පැවති සමාජ දේශපාලන පසුබිම ඔස්සේ එම අරගලය මැදහත්ව හා විචාරශීලීව අවබෝධ කරගැනීම රටේ වර්තමාන සමාජ දේශපාලන අභියෝගයන් ජයගැනීම සඳහාද වැදගත් ප්‍රවේශයක් බව අපි විශ්වාස කරමු.

ජවිපෙ සහ මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක මේ දවස්වල ඇමරිකාවේ සංචාරය නිරත වෙනවා.අනුර ජවිපෙ නායකයා විදිහට හදුන්වනවාට වඩා හොඳ මාලිමාවේ නායකයා විදිහට හදුන්වන එකයි.මොකද දැන් අනුර ජවිපෙට කරන්න ඕනි සියලු හතුරුකම් කරලා ඉවරයි.අනුර දැන් කරන්නේ ජවිපෙ පාවාදීමයි.ඒ වෙනුවෙන් ජවිපෙ ඉතිහාසය වළලා දැමීමයි.

භූ විද්‍යාව පිළිබඳ මෙරට රාජ්‍ය ආයතනයක් ආරම්භ වී ඇත්තේ 1903 වර්ෂයේදීය. එම ආයතනයේ ප්‍රධාන ඛනිජ විද්‍යාඥයා ලෙස කටයුතු කර ඇත්තේ මෙරට ශ්‍රේෂ්ඨ කතුවරයෙක් වූ ආනන්ද කුමාරස්වාමී මහතාය. ඔහුගේ උපදෙස් මත ඛනිජ සම්පත් ගවේෂණය කරගෙන ගිය ඉංග්‍රීසි ජාතික ඛනිජ ගවේෂකයන් විසින් මෙරට පොළොව තුළ නිධන්ව තිබෙන ඛනිජ බොහෝමයක් සොයාගෙන තිබේ. ඒ අතරින් ප්‍රධාන මිනිරන්ය.

(අනගාරික ධර්මපාලතුමා දියත් කළ ජාතික විමුක්ති ව්‍යාපාරයේ අධ්‍යාපන - ආර්ථික දර්ශනය, වර්තමානයේ අපේ රට මුහුණ දෙන අභියෝග සහ අප ගත යුතු මග පිළිබඳ රුහුණු විශ්වවිද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති, මහාචාර්ය වසන්ත දේවසිරි මහතා සමග සිංහල බෞද්ධයා පුවත්පතේ පසුගිය කලාපය වෙනුවෙන් සිදුකළ සාකච්ඡාවකි.)

කලින් මඩකලපුව කියල පළාතක් තිබුණේ නෑ. මේක ඉතිහාසගත දිගාමඩුල්ලයි. සිංහල මිනිස්සු ලේ කඳුළු දහදියෙන් ගොඩ නගපු දිගාමඩුල්ලයි.ඒ ගැන අමුතුවෙන් ලියන්න දෙයක් නෑ.


ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.