News Category
From Date
To Date
Maximum Number of Result

2021.10.23 - අන්තර්ජාතික යුක්ති සංදානයේ zoom meeting එකේදී සිරිල් ගාමිණී පියතුමා ඔස්ට්‍රේලියානු දමිළ මාධ්‍යවේදියකුට පිලිතුරු දෙමින් "පාස්කු ප්‍රහාරය පිටුපස ලංකාවේ බුද්ධි අංශ ඉන්න පුලුවන්" යැයි පවසනවා.

හමුදා නිලධාරියකුට වැඩියෙන්ම වටින්නේ ඔහුගේ නිල ඇඳුමය. ඒ සා වටිනා නිල ඇඳුම බොහෝ කාලයක් පුරා ඇඳීමට මේජර් ජෙනරාල් සුරේෂ් සලේට ඉඩ ලැබුණේ නැත. ඊට හේතුව නිල ඇඳුම අඳිනවාට වඩා වටිනාකමින් වැඩි රාජකාරියක් ඔහුට රට වෙනුවෙන් පැවරුණු නිසාය. ඒ රාජකාරිය කරන්නෝ නිල ඇඳුම වෙනුවට අඳින්නේ සිවිල් ඇඳුමය. සුරේෂ් සලේට රාජකාරි දිවියේදී නිල ඇඳුම පසෙකින් තැබීමට වූයේ ඔහු බුද්ධි නිලධාරියකු වන නිසාය. එනමුත් ඔහු මීට 38 වසරකට පෙර දෙවැනි ලුතිනන්වරයකු ලෙස අධිකාරි ලැබුවේ සන්නද්ධ බුද්ධි අංශ නිලධාරියකු ලෙස නොවෙයි.

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් ආයතනය 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම (Asia’s Greatest Brands 2026) අතරට තේරී පත්ව ඇති අතර, එහි නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයන් (Asia’s Greatest Leaders 2026) අතරට නම් කර ගෞරවයට පාත්‍ර කර ඇත.

ශ්‍රී ලංකාව යනු සියවස් ගණනාවක සිට විවිධ ජාතීන් සහ ආගමිකයන් එකට සහයෝගයෙන් ජීවත් වූ බහුසංස්කෘතික නිවසක් වැන්නකි. විශේෂයෙන්ම ලාංකික මුස්ලිම් ජනතාව, මෙරට සිංහල සහ දෙමළ ජන සමාජය සමඟ අතීතයේ සිටම පැවැත්වූයේ දැඩි සංස්කෘතික සහ ආර්ථික සබඳතාවයකි.

ලංකාවේ සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපන පද්ධතිය මුහුණ දී ඇති අභියෝග සහ ඒ ආශ්‍රිතව මෑතකදී මතු වූ විවේචන සම්බන්ධයෙන් සමාජයීය වශයෙන් දැඩි අවධානයක් යොමුව තිබේ.

ආදරණීය සෝමවංශ අමරසිංහ සහෝදරයා අප අතරින් වෙන්ව වසර 10 ක් ගතව තිබේ.

දේශපාලන අඳුරු යුගයක, 1988–89 ව්‍ පසු අළු හා දූවිලි අතර වැටී තිබූ ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩනැගීමට නායකත්වය දුන් අසමසම සංවිධායකයා වූයේ සෝමවංශ අමරසිංහ මහතාය. 1994 දී ජවිපෙ නැවත දේශපාලන වේදිකාවට ගෙන එමින් එය රටේ ප්‍රබල දේශපාලන බලවේගයක් බවට පත් කළේ ඔහුගේ කැපවීම, ධෛර්යය සහ දුරදක්නා නායකත්වය මගිනි.

පළාත් සභා ක්‍රමය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලද්දේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයෙනි. 1987 නොවැම්බර් 14 වන දින කථානායකවරයා විසින් එය සහතික කර තිබේ.

ආණ්ඩුවක් කියන්නේ රටක ජාතික සංස්කෘතියේ නියෝජිත ආයතනයක්. තමන්ගේ ජාතික සංස්කෘතීක් ආරක්‍ෂා කරගෙන ඒවා පෝෂණය කිරීමේ වගකීම ආණ්ඩුවලට පැවැරිලා තියෙනවා. සංස්කෘතිය ආරක්‍ෂා කිරීමේ දී පිටස්තර සංස්කෘතික ආක්‍රමණවලට එරෙහි සටනක් කරන්න ආණ්ඩුවලට සිද්දවෙනවා. ඒ වගේ ම, අභ්‍යන්තරික සංස්කෘතික ගැටලු විසඳාගන්නත් ආණ්ඩු මහන්සිවෙන්න ඕන. සංස්කෘතිය පෝෂණය කිරීම වෙනුවෙන් අභ්‍යන්තර සංස්කෘතික නවෝත්පාදන සිද්දකිරීමේ සහ පිටස්තරින් හොඳ, ඒ වගේ ම ගැලැපෙන සංස්කෘතික ආභාෂයන් ලබාගැනීමේ කාර්යයටත් ආණ්ඩුවල නායකත්වය ලැබෙන්න ඕන.


ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.