කලණත් දැන් ලංකාවේ ලොකුම දේශපාලන පවුල් ගහේ සාමාජිකයෙක්..
කළණ නළුවෙක්. ඔහු රටට පෙන්නුවේ පවුල් රදළවාදය රටේ පිළිලයක් බවට වන අභිරූපනික දේශපාළනික මතවාදයක් සමග පීඩිත පංතියේ මතවාදී නියෝජනයක්. එහෙත් ඔහුට අද පෙන්නුම් කරන්නේ පෙනීසිටින මතවාදයට එහා ගිය සත්‍ය ජීවිතේ ගැඔුරුම හැගීමේ ඇත්තය.
කළණ අද සිට අයිති වන තැන හරි ලස්සනයි සුරක්ෂිතයි. සමහර විට සමාජවාදි ජීවිතයක් පංතියට හංගන ධනේෂ්වරයේ සුරක්ෂිත බව කළණ එලිපිට පයලෑම මම නම් අගේ කරනවා.
// දේශපාලන කතා මොනව උනත්
මේවා රස කතා ❤️❤️
.......................................................
කලණ ගුණසේකරත් දැන් ලංකාවේ ලොකුම දේශපාලන පවුල් ගහේ සාමාජිකයෙක්. ඒ ඊයේ ඔහු ඒ පවුලෙන් කසාද බැන්ද නිසා.පවුල් පරම්පරා කියන්නේ මා කැමැති විෂයක්.ඒ නිසා බසයේ ගෙදර යද්දී මගේ මතකය ඇවිස්සුනා .
කලණ බැන්දේ රෝහාන් විජේසුන්දරගේ දුව. රෝහාන්ගේ පවුලේ හතරයි.දෙවැනියා කැලණිය පන්සලේ බස්නායක නිලමේවරයකු වු ශාලිත. නංගිලා තමයි දීප්ති හා ලක්මිණ. ඇ බැන්දේ සාගල රත්නායක .පසුව ඔවුන් දෙන්නා වෙන් වුණා.
මේ හතර දෙනාගේ අම්මා අනෝජා දේවි විජේසුන්දර .තාත්තා ජවිපෙය මරා දැමු කොළඔ සරසවියේ උපකුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර .අනෝජා දේවිගේ සොයුරා තමයි උපාලි විජයවර්ධන උපාලි බැන්ඳේ සිරිමාවෝ මැතිනියගේ සොයුරෙකු වු සීවලි රත්වත්තේගේ දුව ලක්මීණි .චන්ද්‍රිකා ඇගේ නෑනා
උපාලිගේ අනෙක් සොයුරිය අනුලා කල්‍යාණි.ඇ බැන්දේ දොස්තර ගාමිණි ආටිගල .ඔහුගේ ලොකු අයියා තමයි වැඩිම කලක් යුද හමුදාපති පුටුවේ සිටි ජෙනරාල් සේපාල ආටිගල ගාමිණි ආටිගලගේ එකම පුතා තමයි ඔටෝ මෝබයිල් සංගමයේ සභාපති හා කැලණි පන්සලේ බස්නායක නිලමේ ධමිමික අටිගල.ඒ එක පරම්පරාවක්.
කලණ ගුණසේකර ගේ මාමණ්ඩිගේ අම්මා ගේ තාත්තා තමයි දොන් වෝල්ටර් විජයවර්ධන .කැලණියේ මුල්ම බස්නායක නිලමේ. දොන් වෝල්ටර්. දොන් රිචඩ් දොන් චාල්ස් ,දොනා හෙලන් ඇග්නස් ඇතුළු තව පිරිසක් එක අම්මා තාත්තාගේ සොයුර සොයුරියෝ. ඒ අයගේ තාත්තා දොන් පිලිප් තුඩුගල විජයවර්ධන උඩරට රජ දවස තුඩුගල මද්දුම රාළගෙන් තමයි මේ පරම්පරාව පැවැත එන්නේ තුඩුගලෙන් කොළඹ ආපු දොන් පිලිප් කොළඹ හදන්න ගොඩනැගිලි දාව්‍ය සපයලා ධනවතෙක් වුණා .
ඇගේ බිරිඳ තමයි කැලණි පන්සල අලුතෙන් හැදූ හෙලේනා රූපසිංහ. දොන් පිලිප් ගේ දුවෙක් වු හෙලන් බැන්ද ඊ.ඩබ්ලිව් .ජයවර්ධන ගේ පරම්පරාවේ
දොන් පිලිප්ගේ පුතෙකු වු ඩී.ආර්.බැන්දේ රුවන්වැල්ලේ මීදෙණිය වලව්වේ රූබි .ඇගේ වැඩිමහලු සොයුරිය තමයි ලංකාවේ මුල්ම මන්ත්‍රීනි ඇඩ්ලින්.ඇගේ සැමියා මුල්ම කතානායක සර් ෆ්‍රැන්සිස් මොලමුරේ
රුබිගේ සොයුරාගේ එක දුවෙක් තමයි අයිරංගනි සේරසිංහ. ඇගේ සොයුරියක වු කාමණි බැන්දේ මහාචාර්ය තිස්ස විතාරණ.
රුබිගේ දුව නාලිනි බැන්දේ එස්මන්ඩ් වික්‍රමසිංහ රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ එක් පුතෙක් රනිල්ගේ නැන්දා. ඒ කියන්නේ එස්මන්ඩ්ගේ සොයුරිය මුක්තා බැන්දේ පාර්ලිමේන්තුවේ මහ ලේකම් සෑම් විජේසිංහ ඔවුන්ගේ පුතා තමයි මහාචාර්ය රජිව් විජේසිංහ.
රනිල්ගේ අම්මාගේ සොයුරා වු රංජිත්ගේ බාල පුතා තමයි රුවන් විජයවර්ධන .රුවන්ගේ අම්මා රංජනි ඩි.ඇස් සේනානායක ගේ බාල පුතා වු රොබට්ගේ දුවෙක් .රැක්මන් පුතෙක්.
ඩි.ඇස්ගේ සොයුරු එෆ් ආර්.බැන්දේ කොතලාවල පවුලෙන් සර් ජෝන් කොතලාවල කියන්නේ එෆ්.ආර්ගේ බිරිඳගේ එක සොයුරියක පුතෙක්.බිරිදගේ අනෙක් සොයුරිය බැන්දේ ජේ.ආර්.ගේ බාප්පා ටී.ජී.ජයවර්ධන .
ජේ.ආර්.තව.පැත්තකින් මේ පවුලට සම්බන්ධයි ජේ ආර් .අම්මා ඒ කියන්නේ ඉහත කී හෙලන් ඇග්නස් කලණගේ මාමණ්ඩිගේ මිත්තණියක්.
කලණ ඊයේ ඉදන් නැකම් කියන විජයවර්ධන පවුලේ දොන් චාල්ස් බැන්දේ විමලා .ඈ තමයි ලංකාවේ මුල්ම ඇමැතිනිය.
එහෙම බලන විට ජයවර්ධන ,විජයවර්ධන ,රත්වත්තේ මීදෙණිය, කොතලාවල ,බණ්ඩාරනායක .විජේසුන්දර ,සේනානායක කියන්නේ එකම පවුලක්.
ලංකාවේ ලොකුම දේශපාලන පවුල් ගහ අඩසියවසක් රට පාලනය කළ. දශක හතක ශාපේ එලවන්න ගෝල්ෆේස් අරගලයට එක් වු කලණත් දැන් ඒ පවුලේ අයෙක්. කොටින්ම කියනවා නම් අරගලකාරයෝ එලවන්න හදපු රනිල් වික්‍රමසිංහත් ඊයේ මඟුල් ගෙදරට ගිහින් නව යුවලට සුබ පැතුවා..
ජීවිතේ කියන්නේ මහ පුදුම හමුවීම්, බැඳීම්,වෙන්වීම් මම නම් මේ කතා රස විඳිනවා.දේශපාලන මත මොනවා වුණත් මේවා රස කතා.
(උපුටා ගැනීමක්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?