News Category
From Date
To Date
Maximum Number of Result

නූතන සමාජයේ වඩාත්ම කතාබහට ලක්වන, එහෙත් අපරාජිතව තාරුණ්‍යය ගිල ගනිමින් පවතින නිහඬ වසංගතයක් තිබේ. එය मත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාරවලට පමණක් සීමා වූවක් නොවේ. එය අපගේ ඇඟිලි තුඩු අද්දර, ස්මාර්ට් ජංගම දුරකථන තිරය මත සහ අපගේම මොළය ඇතුළත ක්‍රියාත්මක වන සූක්ෂ්ම ක්‍රියාවලියකි. විද්‍යාත්මකව මෙය “ඩොපමින් මායාව” ලෙස හඳුන්වන අතර, එහි ප්‍රධානතම ගොදුර බවට පත්ව ඇත්තේ රටක ජීව නාලිය බඳු වූ තාරුණ්‍යයයි.

මෑතකාලීනව ශ්‍රී ලංකාවේ දේශපාලන සහ ආරක්ෂක ක්ෂේත්‍රය දැඩි කැලඹීමකට ලක් කිරීමට බ්‍රිතාන්‍යයේ චැනල් 4 (Channel 4) නාලිකාව විසින් විකාශය කරන ලද වාර්තාමය වැඩසටහන සමත් විය. එහිදී ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස පෙනී සිටි අසාද් මවුලානා විසින් එල්ල කරන ලද චෝදනා, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව මෙන්ම ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන්ගේ කීර්තිනාමය ද දැඩි ලෙස ප්‍රශ්න කිරීමට ලක් කළේය.

අසාද් මවුලානා විසින් චැනල් 4 නාලිකාව වෙත ලබා දුන් ප්‍රකාශය ස්විට්සර්ලන්තයේ දේශපාලන සරණාගතභාවය (Political Asylum) ලබා ගැනීම වෙනුවෙන් සැලසුම් සහගතව ගෙතූ අසත්‍යයක් ද යන්න පිළිබඳව ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා විසින් සිය අන්තර්ජාල නාලිකාව හරහා විශේෂිත හෙළිදරව්වක් සිදුකර තිබේ.

​දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාව වෙලාගෙන තිබූ එල්.ටී.ටී.ඊ. (LTTE) ත්‍රස්තවාදය පරාජය කිරීම යනු හුදෙක් යුද පිටියේදී පමණක් ලබාගත් ජයග්‍රහණයක් නොවේ. එය යුදමය, බුද්ධිමය, ආර්ථිකමය සහ රාජ්‍යතාන්ත්‍රික යන අංශ රැසක සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයකි.

අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සමඟ මේ ඉන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායකය. ඔහු ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ ආරක්ෂක දිසාව භාර (Special Protection Range) හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ය.

ඉන්දු-ලංකා ගිවිසුමට සමාන්තරව දෙරටේ භූමිය එකිනෙකට එරෙහිව යොදා නොගැනීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර 1987 ජුලි මාසයේ 29 දින එකඟතාවයක් ඇතිවිය. මූලික වශයෙන් ආරක්ෂාව පිළිබඳව ඇතිකර ගත් එම එකඟතාවයට අනුව ත්‍රිකුණාමලයේ වරාය ඇතුළු අනෙකුත් වරායන් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කිසිදු විදේශීය රටකට යොදා ගැනීමට ඉඩ නොදීමට ශ්‍රී ලංකාව පොරොන්දු විය. එම ලිඛිත ගිවිසුමේ සඳහන් ප්‍රධානතම කරුණක් වූයේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීය-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමයි.

මේ වන විට මියන්මාර සහ තායිලන්ත සීමාවේ පැවැති චීන ජාතිකයන්ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන "ඔන් ලයින්" වංචා හෙවත් මාර්ගගත සූදු හා විදුලි සංදේශ පද්ධතිය ආශ්‍රිත වංචා මුලිනුපුටා දැමීමට චීන රජය සමත්ව තිබෙන බව දක්නට ලැබේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) විසින් 2026 ජුනි 17 වන දින කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවක් මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් (SL-UDI) ව්‍යාපෘතිය සම්බන්ධයෙන් බරපතළ අනාවරණයක් සිදු කරන ලදී. එහිදී එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කළේ, ලාංකික පුරවැසියන්ගේ අතිශය සංවේදී ජෛවමිතික දත්ත ඇතුළත් ටෙන්ඩරය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සමීප සබඳතා ඇති ඉන්ෆොසිස් (Infosys) සමාගමට ලබාදීමට වත්මන් රජය සූදානම් වන බවයි.

සිරිල් ගාමිණී පියතුමා පහුගිය 17 වෙනිදා කියලා තිබුණා “ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධූරයටත් රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයටත් පත් කරන්න කියලා අගරදගුරුවත් කතෝලික සභාවෙන්වත් ඉල්ලීමක් කළේ නෑ කියලා.බිමල් පාර්ලිමෙන්තුවේදී ඒ අය පත් කළේ අගරදගුරුගේ ඉල්ලීමට අනුව කියලා කියපු කතාව සිරිල් ගාමිණි ප්‍රතික්ෂේප කළා.එයා කිව්වේ බිමල් කියන කතා අපි දන්නේ නෑ කියලයි.බිමල් ඔය කතාව කියලා දැන් සෑහෙන කාලයක් වෙනවා.


ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.