News Category
From Date
To Date
Maximum Number of Result

කුමන ආකාරයේ "ඓතිහාසික පරස්පරයක්" හෝ අමුතු "තායිවාන නිදහස" පිළිබඳ ආඛ්‍යානය ලායි චිං-ටේ ඉදිරිපත් කළත්, ඔහුට තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපසම එකම චීනයකට අයත් බවත් තායිවාන සමවැසියා තුළ වන මව්බිම පිළිබඳ හැඟීම වෙනස් කළ නොහැකි බවත් තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශිකාවක වන ෂු ෆෙන්ග්ලියන් ඊයේ(08) ප්‍රකාශ කළාය.

2009 වර්ෂයේ මැයි මාසයේදී යුද්ධය සාර්ථක ලෙස අවසන් කිරීමට ශ්‍රී ලංකාවෙන් වගවීම ඉල්ලා සිටින අය රට තුළ ත්‍රස්තවාදයේ මූලාරම්භය ගැන නිහඬව සිටින බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පැවසයි. ඊනියා ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය (Sri Lanka Accountability Project -SLAP) සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා ගෝලීය ද්‍රවිඩ සංසදය (GTF) විසින් නිකුත් කරන ලද නවතම ප්‍රකාශය, ඉන්දියානු හමුදාව විසින් 1987 ජූලි මස සිට 1990 මාර්තු මස දක්වා සිදු කරන ලද ඝාතන, විනාශයන් සහ අතුරුදහන් කිරීම් මෙන්ම එල්.ටී.ටී.ඊ. ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම් දුසිම් භාගයකට අධික සංඛ්‍යාවකින් තිස් අවුරුදු යුධ සමයේදී සිදු කරන ලද ඝාතන, විනාශයන් සහ අතුරුදහන් කිරීම් ඉතා පහසුවෙන් අමතක කර ඇතැයී ගෝලීය ශ්‍රී ලාංකික සංසදය වැඩිදුරටත් අවධාරණය කරයි.

රුසියානු භූමියේ ඇතුලාන්තය ඉලක්ක කර මිසයිල් ප්‍රහාර එල්ල කිරීමට බටහිරින් සැපයෙන දිගු දුර මිසයිල භාවිතා කිරීමට යුක්රේනයට අවසර ලැබුණහොත් මොස්කව් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් මේ වන විට ගෙනහැර දක්වන ලද “අනපේක්ෂිත සැලැස්ම” ක්‍රියාත්මක කරනු ඇතැයි විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අනතුරු ඇඟවූ බව රුසියානු මාධ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන් මීට පෙර අදහස් දැක්වූ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා සිටියේ එවැනි ඕනෑම ප්‍රහාරයක් ආයුධ ලබා දුන් රටවල සෘජු ප්‍රහාරයක් ලෙස මොස්කව් පරිපාලනය සලකන බවයි.

IMFනියෝජිතයින් සමග පසුගියදා පැවැත්වුයේ සංකල්පමය සාකච්ඡාවක් පමණක් බවත් ව්‍යුහාත්මක වෙනස්වීමක් සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දු තීරණ නොගත් බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.‍

ඉන්දු-ලංකා ගිවිසුම කාලයේ සිටම බෙදුම්වාදී බලවේග වෙනුවෙන් පෙනීසිටි රාජ්‍ය නොවන සංවිධාන ප්‍රබලයකු වූ ජෙහාන් පෙරේරා නමැත්තා ජනප්‍රිය පුවත්පතකට ලිපියක් සපයමින් සඳහන් කරන්නේ ජවිපෙ වෙනස් වීම ඔවුන්ගේ ජයග්‍රහණයකට හේතුවූ බවත්, එම වෙනස තමා අගය කරන බවත් ය.

ලංකාව තුළ හොරකම, වංචාව මුල් බැසගෙන ඇත්තේ දේශපාලනඥයන් පමණක් නොව ජාලයක් ලෙසින් බවත්, එම ජාලයට දේශපාලන අනුග්‍රහය සපයන්නේ දේශපාලනඥයන් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ප්‍රධාන දේශපාලන පක්ෂ හා සන්ධාන නාම යෝජනා භාරදීම අද (9දා) සිට ආරම්භ කරයි.

ශ්‍රී ලංකාවේ නව රජය, ඉන්දීය අදානි සමූහ ව්‍යාපාරය සමඟ සුලං බලශක්ති ගිවිසුම නැවත සමාලෝචනය කරන බව ප්‍රකාශ කර ඇති අතර, එය විදේශයන්හි තම ව්‍යාපාර ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන අදානි සමූහ ව්‍යාපාරයට නව බාධාවක් එල්ල කර ඇති බවත් වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසියේ දී යෝජිත යෝජනා කෙටුම්පත ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරන බව හා යාන්ත්‍රණයේ බලතල දීර්ඝ කරන කිසිඳු යෝජනාවකට එකඟ නොවීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.


දේශීය පුවත්

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

මෝදිගේ ගැහුවොත් ගහනවා ප්‍රකාශය පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය හෙළා දකී..

හමුදා ක්‍රියාමාර්ග නතර කළත් ආපසු ගැහුවොත් පෙරළා පහර දෙන බවට ඉන්දීය අගමැති මෝදි පෙරේදා (13දා) කර ඇති ප්‍රකාශය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (14දා) නිවේදනය කළේය. එහි මෙසේද දැක්වෙයි.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ගැන විපක්ෂයේ නායකයන් එකඟතාවකට..

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ නායකයෝ ඊයේ (14) එකඟතාවයකට පැමිණියහ.

පාකිස්තානයේ දැවැන්ත කොටසක් කැඩී වෙනම රාජ්‍යක් බිහිවීමට යයි..

පාකිස්තානයට අයත් විශාලම පළාත ලෙසින් සැලකෙන බලොචිස්තාන්, පාකිස්තානයෙන් ඉවත් වී වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙසින් නුදුරේදීම බිහිවනු ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

හරක් කටා මාධ්‍ය අමතයි... ටිරාන් අලස්ට, දේශබන්දුට බරපතල චෝදනාවක්

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජය විරෝධය පළ කරයි..

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුව ගන්න එපායැයි ඉල්ලා මහින්දානන්ද අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරයි..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.