News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුව මුහුණ දෙන අභියෝග සැලකීමේ දී මැද පෙරදිග යුද්ධය යනු අතුරු කාරණයක් බවත්, යුද්ධයට පෙර සිටම ආණ්ඩුව අර්බුදයට ගමන්කරමින් සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ගල්අඟුරු කිලෝ කැලරි ප්‍රමාණය 5900 ට වඩා අඩුනම් ගල්අඟුරු ප්‍රතික්ෂේප කළ යුතු වුවත් මෙරටට ගල්අඟුරු ගෙන්වීමට දුන් ටෙන්ඩරයේ දී 'රිජෙක්ට්' යන වචනය මකා දමා ඇති බවත්, ජලවිදුලි බලාගාර ටික විකුණා දැමීමට විදුලි පනත සංශෝධනය කළ අවස්ථාවේ දීද ආණ්ඩුව මෙලෙසම වචනයක් මකා දැමූ බවත් සංඛ චන්දම අභයවර්ධන මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ FBI විමර්ශනය කළ රාජ් පටෙල්ට ඒ සඳහා ඇමරිකාවේ හොඳම සම්මානය හිමිවුණු අතර එම FBI විමර්ශන වාර්තාවේ නොතිබුණු සුරේෂ් සලේගේ නම CIDය මේ වනවිට ඈදා ගන්නේ කෙසේද යන්න සැක සහිත බව හිටපු ඇමැති සරත් වීරසේකර පවසයි.

ඉරාන සහ මැද­පෙ­ර­දිග යුද්ධය අව­සන් කරන ලෙස බල කර­මින් දහස් සංඛ්‍යාත ජන­තාව ඊයේ ඊශ්‍රා­යල රජ­යට එරෙ­හිව වීදි බැස විරෝ­ධ­තා­වක නිරත වූ බව වාර්තා වේ.

ඉරානයට එරෙහි යුද්ධයෙන් අමරිකාව තම පරමාර්ථ සාක්ෂාත් කරගෙන නොමැති බවත්, මෙම යුද්ධය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දිනන බව කෙතරම් වාරයක් පැවසුවත් ඔහු පරාජයට පත්වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අසාද් පෙරලා දමා සිරියාව විනාශ කිරීමට එක්සත් ජනපදය “අල්-කයිඩා” සහ ඉස්ලාමීය රාජ්‍ය (IS, කලින් ISIS) සමඟ සෘජුවම වැඩ කළ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ හිටපු ප්‍රධානියා වන ජෝ කෙන්ට් පවසා තිබේ.

පසුගිය පෙබරවාරි සහ මාර්තු මාසය අතර කාලසීමාව තුළ ලොව පුරා ඉන්ධන මිල ඉහළ ගිය රටවල් අතර ඉහළම ප්‍රතිශතයක් වාර්තා කළ රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වී තිබේමැද පෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙලෙස ගෝලීය වශයෙන් ඉන්ධන මිල ඉහළ ගොස් ඇත.

රුසියාව මේ අවස්ථාවේ දී බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකාව සමග ඉන්ධන සම්බන්ධව දිගුකාලීන සබඳතාවක් බවත්, රුසියාව විසින් මෙරටට පොහොර නැවක් සම්පූර්ණයෙන්ම ලබාදුන් බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

තම සන්නද්ධ හමුදා ඇමරිකානු උපායික නාවික යාත්‍රා 6 ක් ඉලක්ක කර එල්ල කළ ප්‍රහාරයකින් ඇමරිකානු අන්මෙරිකානු සෙබළු විශාල සංඛ්‍යාවක් මිය ගිය බව ඉරානය පවසයි.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.