News Category
From Date
To Date
Maximum Number of Result

ඉරානය, නාවික යාත්‍රා වලට පනවා ඇති අවහිර කිරීම අවසන් කරන ලෙස ඉල්ලා සිටින බැවින් පාකිස්තානයට සාකච්ඡාකරුවන් යැවීම පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

ඉන්දියාවේ සහයෝගිතාව ඇතිව ත්‍රිකුණාමලය දකුණු ආසියාවේ ප්‍රධාන බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාව ඉන්දියාව අවධාරණය කර ඇත.

මාලිමා ආණ්ඩුවේ 159 පවසන දේ දියවෙන්නට ගතවන්නේ බොහෝ කෙටි වේලාවක් බවත්, ඉදිරි කාලය යනු මහජන බලය මහපාරේ ක්‍රියාත්මක වෙන කාලයක් බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඉරානය, ගල්ෆ් රාජ්‍යයන්, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය අතර පවතින සියළුම ප්‍රධාන ගැටළු එකවර විසඳීම සඳහා සමබර හා බලාත්මක කළ හැකි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවලි රාමුවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රතිපත්ති විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා අදහස් දක්වා තිබේ.

ඇමරිකානු ප්‍රහාරයක් එල්ල වුවහොත් කියුබාව ආරක්ෂා කිරීම සඳහා සමස්ත කියුබානු ජනතාවම බලමුලු ගන්වනු ඇති බව කියුබානු ජනාධිපති මිගෙල් ඩයස්-කැනෙල් රුසියානු මාධ්‍ය ආයතනයක් වන RT වෙත පවසා තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය අද (18) සිට යළිත් වසා තැබීමට පියවරගත් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකා (IRGC) මූලස්ථානය පවසයි.

පසුගිය කාලසීමාව තුළ මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී රුපියල් බිලියන 17.715 ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 56.27 ක දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ බලශක්ති අමාත්‍යංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබේ.

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම ඉරානය සාදරයෙන් පිළිගත් අතර, දකුණු ලෙබනනයේ අල්ලා ගත් ප්‍රදේශවලින් ඊශ්‍රායල පාලනය සම්පූර්ණයෙන්ම ඉවත් කර ගැනීම, සියලුම සිරකරුවන් නිදහස් කිරීම සහ අවතැන් වූ පුද්ගලයින් ඔවුන්ගේ නිවෙස්වලට ආපසු යැවීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.