News Category
From Date
To Date
Maximum Number of Result

වර්තමාන ආණ්ඩුවේ බහුතරයකගේ මැදිහත්වීමෙන් සිදුවී ඇති මහා පරිමාණ ගල් අඟුරු වංචාව වසා දැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා මේ වන විට නොරොච්චෝලේ බලාගාරය තුළ කුමන්ත්‍රණයක නිරත වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා චෝදනා කරයි.

ඉකුත් රජය සමයේ ශ්‍රී ලංකා ටෙලිකොම්, එයාර් ලංකා සමාගම, රක්ෂණ සමාගම සහ ලංකා හොස්පිටල් සමාගම ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 8 ක් විකිණීමට ගෙන තිබූ තීරණය වත්මන් රජය ක්‍රියාත්මක නොකරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

විදුලි බල සහ බලශක්ති ඇමති කුමාර ජයකොඩි කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බවට ප්‍රවෘති වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යය තුළ තොරතුරු සංසරණය වේ.

දැවැන්ත සමාජ ආර්ථික අර්බුදයකට පියමනින ලංකා රාජ්‍ය අස්ථාවර කල හැකි සියලු විදේශීය ඒජන්තයන් නිතිය හමුවට පැමිණවිය යුතු බව සංඛ චන්දිම අභයවර්ධන මහතා සිය සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් තබමින් පවසා තිබේ.

පාසල් සිසු සිසුවියන් අතර විනය පවත්වාගෙන යාමේදී ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තවත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඉරානයට එරෙහිව ක්‍රියාත්මක හමුදා මෙහෙයුම්වල අරමුණු "සම්පූර්ණ වීමට ආසන්න" බව ප්‍රකාශ කරමින්, ඉදිරි සති කිහිපය තුළ එම කටයුතු අවසන් කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජාතිය අමතමින් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වන විට Wear Texas Intermediate (WTI) ආයතනයෙන් බොරතෙල් ආනයනය කිරීමට කටයුතු කර ඇතැයි ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පවසයි.

පර්සියානු ගල්ෆ් කලාපයේ කුඩා බිම් කොටසක් නිහඬවම ගෝලීය ආර්ථිකය නැවත හැඩගස්වමින් මිලිටරි ආධිපත්‍යයේ සීමාවන් ලකුනු කරමින් සිටින තත්වයකට පත්ව තිබේ.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු සහ පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීමේ ක්‍රියාවලියට සිදුවන අනීතික දේශපාලන මැදිහත්වීම්වලට විරෝධය පළ කරමින් හෙට (02) උදෑසන 08.00 සිට යළිත් වරක් දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර තිබේ.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.