News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය ආණ්ඩු සමයේ ගෙන ආ නව නීති අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ ලේඛනයක් බවත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම එය සිය වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට එකතු කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසයි.

ඉන්දියන් සාගරය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකාවට හිමිවීමට තිබූ ඩොලර් බිලියන 120කට වඩා අධික වටිනාකමකින් යුත් සාගර සම්පත් අයිතිය සම්බන්ධයෙන් මේ වන විට අර්බුදයක් නිර්මාණය වී තිබේ.

කොංග්‍රස් මණ්ඩලයේ අනුමැතියකින් තොරව සහ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් ට්‍රම්ප් පරිපාලනය විසින් ආරම්භ කරන ලද මේ වන විට ගෙවා ඇති ගල්ෆ් කලාපයේ දින 40 ක යුද්ධය, නවීන ඇමරිකානු ඉතිහාසයේ සිදු වූ දරුණුතම මිලිටරි සහ රාජ්‍ය තාන්ත්‍රික අසාර්ථකත්වයන්ගෙන් එකක් ලෙස සනිටුහන් වේ.

දකුණු ආසියාවේ රටවල් අටෙන් හතරකම පසුගිය කාල සමයේ දී ප්‍රජාතන්ත්‍රවාදී නොවන මාර්ගවලින් එම රටවල ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පත්වූ ආණ්ඩු පෙරලා දැමූ බවත්, මෙම ක්‍රියාදාමය පිටුපස ලෝකයේ බලවත් රාජ්‍යයන් සිටි බවට සාක්ෂි ඇති බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

තමන් ඉතා අසීරු ආර්ථික ජීවිතයක් ගත කරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ 2025 වසරට අදාළ වත්කම් බැරකම් ප්‍රකාශය යැයි කියනු ලබන ලේඛනයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල දැඩි කතාබහට ලක්වෙමින් පවතී.

විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

භූ දේශපාලන විශ්ලේෂකයෙකු සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරදයෙක් වන මහාචාර්ය ජියැං සුඕකින් විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝර්මුස් අවහිර කිරීම සම්බන්ධයෙන් සිදුකර ඇති සුවිශේෂී අනාවරණය පහළ සබැඳියෙන්..

අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා දෙරටේ නියෝජිතයින් මෙම සතියේදී ඉස්ලාමාබාද් නුවරට පැමිණීමට හැකියාවක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්ව භාග 09.32ට උදාවිය.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.