තමන්ට අවශ්‍ය තීන්දු ගන්න සියළු අධිකරණවල Bench Fixing කරනවා.. - අජිත් පී. පෙරේරාගෙන් චෝදනා..
තමන්ට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සඳහා මෙරට අධිකරණ පද්ධතියේ විනිසුරු මඬුලු සැලසුම්සහගතව සකස් කිරීමේ (Bench Fixing) ක්‍රියාවලියක් සිදුවන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය මෙන්ම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුලු පවා මේ ආකාරයෙන් සකස් කෙරෙන බවයි.
එමෙන්ම කොළඹ කොටුව සහ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණවල තනතුරු දරන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීම ද එම ක්රියාවලියේම කොටසක් බව ඔහු සඳහන් කළේය.
ලැබෙන ප්‍රතිඵල, එම ස්ථානවල සිටින පුද්ගලයින් සහ ලබා දෙන තීන්දු දෙස බැලීමේදී මෙම තත්ත්වය පැහැදිලිව පෙනෙන බව පැවසූ මන්ත්‍රීවරයා, අභියාචනාධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කෙරෙන අභියාචනා අවසර ඉල්ලුම්පත් අද වන විට ඉදිරියට යන්නේ ඉතා කලාතුරකින් බව ද ප්‍රකාශ කළේය.
ඒ සියල්ල විභාග කරනු ලබන්නේ එකම විනිශ්චය කණ්ඩායමක් විසින් බවත්, ඊට අදාළ තොරතුරු තමන් සතුව පවතින බවත් හෙතෙම පැවසීය.
සෑම දෙයකටම සීමාවක් පවතින බව පෙන්වා දුන් අජිත් පෙරේරා මහතා, නීතියේ ආධිපත්‍යය, පොලිසිය, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා වූ ආයතන කෙරෙහි මහජනතාව තුළ ඇති විශ්වාසය බිඳ වැටුණහොත් එහි ප්‍රතිවිපාකවලට සියලු දෙනාටම මුහුණ දීමට සිදුවනු ඇති බවට අනතුරු ඇඟවීය. එබැවින් එවැනි ක්‍රියාවල නිරත නොවන ලෙස තමන් බැගෑපත්ව ඉල්ලා සිටින බව ද ඔහු කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..