දුෂණය වළක්වාගන්න ආණ්ඩුවට බැරිවෙලා.. මෙහෙම ගියොත් රට හදන්න වෙන්නේ නෑ.. - අගරදගුරු
දූෂණය වැළැක්වීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට වර්තමාන රජය අසමත් වී ඇති බවත්, පවතින ගනුදෙනුවල විනිවිදභාවයේ බරපතල අඩුවක් පවතින බවත් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
වෙසක් උත්සවය නිමිත්තෙන් කොළඹ අගරදගුරු මැදුරේ සංවිධානය කර තිබූ දන්සලක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
මෙහිදී රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනයට ලක් කළ කාදිනල් හිමිපාණන් රටේ සිදුවන ගනුදෙනු විනිවිද පෙනෙන ආකාරයෙන් සංස්කරණය කර ගැනීමට රජයට මෙතෙක් හැකියාවක් ලැබී නොමැති බවත්, දූෂණය වැළැක්වීමේ නිසි ක්‍රමවේදයක පවතින අඩුව හේතුවෙන් රටේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් පෙන්වා දුන්හ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු ජනතාවගේ පැත්තෙන් තීරණ ගන්නා ආයතනයක් නොව ලාභය අරමුණු කරගත් බැංකුවක් බව කාදිනල් හිමිපාණෝ පැවසූහ. එම කොන්දේසි මතම පමණක් රට ඉදිරියට ගෙන යාමට උත්සාහ කළහොත් රටේ ආර්ථිකය ගොඩනැගීමට නොහැකි වනු ඇති බවට උන්වහන්සේ අනතුරු ඇඟවූහ.
ලෝක දේශපාලන තත්ත්වයන් සහ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බවත්, රජය කළ යුත්තේ කෙසේ හෝ උත්සාහ කර ජනතාවගේ මෙම ජීවන බර අවම කිරීම බවත් උන්වහන්සේ පැවසූහ.
රට පාලනය කරන නායකයින් මීට වඩා විප්ලවීය සහ නවීන ආකාරයකින් සිතීමට පුරුදු විය යුතු බව කාදිනල් හිමිපාණන් අවධාරණය කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා