News Category
From Date
To Date
Maximum Number of Result

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

අන්තර්ජාතික භූ දේශපාලනයේ එක් ප්‍රවේශයක් වන සම්පත් දේශපාලනය විසින් මේ වන විට ලෝකය බිහිසුණු අන්තයක් වෙත රැගෙන විත් තිබේ.

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ඇතුළු එම පක්ෂයේ කිහිප දෙනෙකු අද (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

ඇමරිකාවේ චිකාගෝ විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබද මහාචාර්ය ජෝන් මියර්ශෙයිමර් පවසන්නේ 1979 සිට 2021 දක්වා ඇමරිකානු සම්බාධක වල ප්‍රථිපල ලෙස ලෙස මිලියන 38 ක් මිනිසුන් මියගොස් ඇති බවයි.

ජනාධිපති අනුර කුමාරගේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ගජ මිතුරකු වූ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් ඊයේ රාත්‍රියේ දී මෙරට සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් රැසකට සුපිරි රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දී ඇති බවත්, එය සිදු කොට ඇත්තේ කොළඹ අමාරි සුඛෝපභෝගී හෝටලයේදී බවත් අන්තර්ජාල නාලිකාවක් ඔස්සේ කරුනු හෙළිකරයි.

චීන-කැනේඩියානු අධ්‍යාපනඥයෙකු සහ භූ දේශපාලන විචාරකයෙකු වන මහාචාර්ය ජියැං සුඕකින් විසින් “ඇමරිකාව යුද්ධය පරාජය වී ඇත, ඊළඟට සිදුවන්නේ මෙන්න (America Already Lost the Most Important War)” යන මාතෘකාව යටතේ ඉදිරිපත් කළ ඔහුගේ යූ ටියුබ් නාලිකාවේ වීඩියොවක සඳහන් කරන්නේ 21 වන සියවසේදී, බලය තීරණය වන්නේ මිලිටරි ශක්තියෙන් පමණක්ම නොවන බවයි.

ඇමරිකා - ඉරාන තීරණාත්මක සාම සාකච්ඡා කිසිදු නිල එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බව ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) ප්‍රකාශ කරයි.

මාතර සමුපකාර රෝහලේ පාලන බලය නිසි ඡන්ද විමසීමකින් තොරව ලබාගැනීමට ජාතික ජලබලවේගය පිරිසක් උත්සහ කිරීමත් සමඟ ඊයේ (11) පස්වරුවේ එහි උණුසුම් තත්ත්වයක් ඇති විය.

ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය ප්‍රකාශයට පත්කළ සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුව පහත පරිදි වේ.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.