News Category
From Date
To Date
Maximum Number of Result

මිනිසා යනු සමාජීය සත්වයෙකි. එනම් ඔහු සෑම විටම සමාජයක ජීවත් වීමට ප්‍රිය කරන්නෙකි. ලෝකයේ හතර දිග් භාගයේ කුමන කොනක ජීවත් වන මිනිසෙකුට වුවද ඔහුටම අනන්‍ය වූ සමාජීය ජීවිතයක් අයත් වන්නේය. එම මිනිසා ජීවත්වන සමාජය ගොඩ නැගුණු ශිෂ්ඨාචාරයට අයත් සභ්‍යත්වය එම මිනිසාගේ සියළු හැඩ තල නිර්මාණය කරන්නේය.

බංකොලොත් යැයි කියන රටක ඩොලර් බිලියනපතියෙකු බිහි වී තිබේ.

නිදහස යනු මිලකින් තොර දෙයක් නොවේ. එය ලැබෙන්නේ මිනිසුන්ගේ ජීවිත හා රුධිරය ගෙවාය. අද අප භුක්තිවිඳින නිදහස සහ සන්සුන්භාවය සඳහා ගෙවූ අධික මිල, අප විසින් අමතක කර ඇත්ද යන්න අප සිතිය යුතුය.

ඔයා විශිෂ්ට කවි හිතක් තියන මිනිහෙක්. අනික ඔයා දකුණු පළාතේ... ඔයා මොකටද මේ කෙහෙල්මල් වෛද්‍ය උපාධියක් වෙනුවෙන් නැහෙන්නේ... විසි කරන්න ඔය උපාධි පැත්තකට... යන්න දකුණේ ධීවර ජනතාවගේ සුවඳ විඳින්න... ගිහින් කවි ලියන්න.

අනුර ජනාධිනති ධූරය බාරගත්තම අගමැතිධූරය බාරදුන්නේ හරිනිට.ඒ වෙලාවේ අනුරට ඕනි නං ඒක විජිත හේරත්ටත් දෙන්නත් පුළුවන්කම තිබුණා.හැබැයි ඒ වෙලාවේ ජවිපෙ සහ මාලිමා පාර්ශවවල ඒකමතික තීරණය උනේ හරිනි.ඒ වෙන විකල්පයක් නොතිබුණ හින්දා සහ මහ මැතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් හරිනිගේ මාලිමා පාර්ශවයේ සහය අත්‍යවශ්‍ය වෙලා තිබුණ නිසයි.මහ මැතිවරණ කැම්පේන් එකට අනුර ජනාධිනති විදිහට එකතු වෙද්දී හරි ආවේ අගමැති විදිහට.ඒ මැතිවරණ කැම්පේන් එක ඇතුලේ හරිනි දෙවෙනි උනේ අනුරට විතරයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ (Reforms) ක්‍රියාවලියක් යනු පවතින පද්ධතියක් තව දුරටත් දියුණු කිරීම මගින් සුවිශේෂී අභියෝග සහ ගැටළුවලට මුහුණ දීම මෙන්ම පද්ධතියේ කාර්යක්ෂමතාව වර්ධනය කිරීම සඳහා පියවරෙන් පියවර ඉදිරියට ගමන් කරන්නක් බවත්, අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මැතිණිය විසින් ඉදිරිපත් කරන විෂය මාලා සංශෝධනය සමස්ථ පරිවර්ථනයේ අරම්භයක් හෝ කොටසක් ලෙස එහි පැහැදිලිව සඳහන් නොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

1945 අගෝස්තු 6 වන දින, අලුයම 2:45 ට, ජපානයට සැතපුම් 1,500 ක් දුරින්, ඉන්දු-පැසිෆික් කලාපයේ මරියානාස්හි ටිනියන් දූපතේ පිහිටි, දෙවන ලෝක යුද්ධ සමයේද, ඇමරිකානු භූමියේ ලොව විශාලතම ගුවන් තොටුපළ වූ නෝර්ත්ෆීල්ඩ් සිට ඇමරිකානු B-29 බෝම්බ හෙළන ගුවන් යානා තුනක් ජපානය බලා පිටත් විය. ‘එනෝලා ගේ’ නම් ප්‍රධාන ගුවන් යානය, ‘ලිට්ල් බෝයි’ නමින් වූ යුරේනියම් බෝම්බය රැගෙන ගොස්, පෙ.ව. 8:15 ට හෙළන ලදුව පුපුරා ගිය අතර, එහි ධාරිතාව TNT කිලෝටොන් 16 ක් වූ බව ගණන් බලා ඇත. ඒ වේලාවේ ‘හිරෝෂිමා’ හි ආසන්න වශයෙන් සිවිල් වැසියන් 300,000 ක්, සොල්දාදුවන් 43,000 ක්, කොරියානු වහල් කම්කරුවන් 45,000 ක් සහ ජපන් හා ඇමරිකානුවන් දහස් ගණනක් ජපන් අධිරාජ්‍යයේ හා යුද්ධයේ ගොදුරු බවට පත් ගැහැනුන්ද දරුවන්ද, තම දවස ආරම්භ කරමින් සිටියහ.

මේ ලිපියේ දැක්වෙන්නේ ඉතිහාසය ඉගෙනීමේ වැදගත්කම ගැන ලෝකයේ ප්‍රකට නායකයන් දැක්වූ අදහස්වල එකතුවකි. ඉතිහාසය ඉගෙනීම යනු අතීතය උදෙසා නොව අනාගතය උදෙසා කෙරෙන ආයෝජනයක් බවද, රටක ඉතිහාසය මකා දැමීම හුදකලා කාරණයක් නොව යටත්විජිත ආධිපත්‍ය උදෙසා අතීතයේ මෙන්ම වර්තමානයේද භාවිත වන ප්‍රබල දේශපාලන මෙවලමක් බවද, තනි තනි පුද්ගලයන්ට රස්සා ලබාගැනීම වැනි සීමිත කාරණාවලින් ඔබ්බට ගිය මහා ජාතික අරමුණක් රටක ඉතිහාස අධ්‍යාපනය තුළ ඇති බවද ඔවුන්ගේ අදහස් තුළින් මනාව පැහැදිලි වේ. මෙය ඉතිහාසය පිළිබද ලංකාවේ ඇතැම් උගතුන් තුළ වන පසුගාමී ආකල්පයන්ට ලෝක නායකයන් විසින් ලබා දුන් කදිම පිළිතුරු එකතුවකි.

නිල වාහනේ පුද්ගලික පාවිච්චියට ගත්තා කියලා උඹලා බනිනවා නේ. එහෙම බනින්නේ කලින් එහෙම කරන එක ලොකු වරදක් කියලා මේ අයම කිව්ව නිසා නේ. නිකමට අනිප්පැත හිතපන්කෝ


ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.