News Category
From Date
To Date
Maximum Number of Result

මිනිසා විසින් නිර්මිත ලොව භයානකම ජලාශය ?

Dec 12, 2025 at 05:55 AM
|

වර්ග කිලෝමීටර් 6.5 ක වපසරියක පැතිරුණු ,මුහුදු මට්ටමේ සිට මීටර් 640 - 703 අතර උසකින් යුක්ත, ඝන මීටර මිලියන 174 ක ජල ධාරිතාවක් සහිත පූර්ණ වශයෙන් කළු ගල් අතුරා සකස් කළ  උස මීටර් 15 ක් සහ පළල මීටර 14 බැගින් වන සහ එක් වාන්දොරටුවකින් තත්පරයට ජලය ඝන මීටර් 1850 බැගින් මුදා හැරිය හැකි වාන් දොරටු තුනක් සහිත උස මීටර් 87ක් දිග මීටර් 600 ක් සහ මුදුනත පළල මීටර් 10කින් සමන්විත වූ වේල්ලක් ද සහිතව වර්ග කිලෝමීටර් 544 ක ජල පෝෂක ප්‍රදේශයකින් සමන්විත මෙම ජලාශය විවෘත කරන ලද්දේ 1985 වසරේදීය .

කොත්මලා ඔය මහවැලි ගඟට එක්වීමට කිලෝමීටර් 6.6 කට පෙර තිස්පනේ සහ කඩදොර කඳු වැටි දෙක මැදින් මෙම වේල්ල ඉදිකොට සාදන ලද මෙම “ලොව භයානකම” ජලාශය ශ්‍රී ලංකාවේ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ පළමුවන ව්‍යාපෘතිය වන කොත්මලේ ගාමිණී දිසානායක ජලාශයයි.  

මෙම ජලාශයේ ඉදිකිරීමේ ප්‍රධාන අරමුණවූයේ ජල විදුලිය නිපදවීමයි. ඊට අමතරව ගම්පොළ ප්‍රදේශයේ ගංවතුර පාලනය කිරීමද  මෙහි එක් අරමුණක් විය.

නමුත් මෙය ඉදිකර  වසර හතළිහකට පසු එය ලොව ඉදිකළ භයානකම ජලාශය බවට අදාල බලධාරීන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට පවසන ප්‍රකාශයෙන් තහවුරු වේ. 

ඕනෑම ජලාශයක් ජලය පිරවීමේදී පැය 24 පුරාවට සෑම දිනකම එම ජලාශය භාර ඉංජිනේරුවන් ඇතුළු නිලධාරින්  ජලාශයේ රඳවා ගන්නා ජලය ප්‍රමාණය නිශ්චිතව පාලනය කිරීමට සහ ජලාශයේ ආරක්ෂාවට වගකිය යුතුවේ. එසේම ගං වතුර පාලනය කිරීම සහ මුදා හරින ජලයෙන්  ජලාශයෙන් පහළ පුද්ගලයන්ගේ ජීවිත සහ දේපල ආරක්ෂා කිරීමේ අවධානීය යුතුකමක් පවතී.

නමුත් පසුගිය නොවැම්බර් මස 27  වන දින සවස  හදිසියේ මෙම ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා  අති විශාල ජල ප්‍රමාණයක් එකවර මහවැලි ගඟට එකතු වීමෙන් ගම්පොල ප්‍රදේශයට “මිරිදිය සුනාමියක්” (freshwater tsunami) ඇතිවීම නිසා විශාල ජීවිත සහ දේපල හානියක් සිදුවිය.එකවරම පැමිණි මීටර් දහයක් පමණ උස ජල කඳක් හේතුවෙන් ජීවිත බේරා ගැනීමට  ළඟපාත නිවාස වල ඉහළම තිබූ  තුන්වෙනි තට්ටුවලට පවා ගිය පිරිස්  යට කරගෙන ජල කඳ ගලා ගියේ ඔවුන්ගේ ජීවිතත් ප්‍රකෝටි ගණන් දේපලත් ඒ සමග රැගෙන යමිනි.මෙය කිසිසේන ස්වභාවික විපතක් සැලකිය යුතු නොවේ. ගං වතුර පාලනය කිරීමත් අරමුණු කර කරගත් කොත්මලේ ජලාශයෙන් මේ තරම් විනාශයක් සිදුවූයේ කෙසේද ?

ජනාධිපතිවරයාගේ විමසීමට පිළිතුරු දුන් අදාල ජලාශය භාර නිලධාරින් ඉතා සැහැල්ලුවෙන් ප්‍රකාශ කළේ  විශාල ජල කඳක් එකවර පැමිණි නිසා වේල්ල බේරාගැනීමේ අදහසින් තමන් ක්ෂණිකව  වාන් දොරටු විවෘත කළ බවයි. එම වාන් දොරටු විවෘත කිරීම තුළ  අති විශාල ජල ප්‍රමාණයක් එකවර මුදාහැරීම නිසා පහත ප්‍රදේශවල ක්ෂණික අධි ගංවතුර තත්ත්වයක් ඇතිවීම නිසා මිනිස් ජීවිත  සහ දේපළ විනාශ වන බව හොඳාකාරව දනිමින් මෙලෙස වාන් දොරටු හැර දැමීම ඔවුන් සිදුකර ඇත.

එම නිලධාරියා ප්‍රකාශ කරන පරිදි නොවැම්බර් මස 27වන දිනන රාත්‍රියේ ඔවුන් ක්ෂණිකව ජලය මුදා හැර ඇත්තේ කිසිදු පූර්ව දැනුම් දීමක් සහ ජලයට යට විය හැකි ප්‍රදේශවල පුද්ගලයන් ඉවත් කිරීමකින් තොරවයි.ජලය මුදා හැරීමට පෙර එදින සයිරන් සංඥා නාදයක් ලබාදීමද සිදුකර නොමැත. විශාල ජල ප්‍රමාණයක් එකවර මුදාහැර ඉන්පසු වාන් දොරටු වසා දැමීමට කටයුතු කර ඇත.නැවත පසුදා සුළු වෙලාවකට වාන්දොරටු විවෘත කිරීමේදී  ඊට විනාඩි දහයකට පෙර සයුරන් නලාව නාද කළ බවත් එය නාද කරන්නේ ගඟ පහළ “මාළු ඇල්ලීම, ගඟ බැලීම “ වැනි කටයුතු වල යෙදෙන පුද්ගලයන්ට ඉවත්වීමට බවත් එය ඔවුන්ගේ උපදේශන අත්පොත් වල  ලබා දී ඇති උපදෙසක් බවත් ඔහු ප්‍රකාශ කරයි. නමුත් පෙර දින රාත්‍රියේ  වාන් දොරටු විවෘත කිරීමේදී එලෙස සංඥාවක් නොලැබූ  එම නාදය වේල්ල කඩා වැටීමේ අනතුරු සංඥාවක් ලෙස සැලකූ බොහෝ දෙනා මරණ බයට පත්ව හිස් ලු ලූ දිව යන ලදී.

ජනාධිපතිවරයා විමසුවේ වාන් දොරටු විවෘත කිරීමට සිදුවන බව පැය භාගෙකට පැයකට වගේ කලින් දැන ගැනීමේ හැකියාවක් නැද්ද ? යන්නයි. 

මෙයට පිළිතුරු දෙන නිලධාරියා එලෙස හැකියාවක් නොමැති බව ප්‍රකාශ කරයි.

මේක තමා ඉතාම භයානක තත්වය.මේක තමයි මේ වේල්ල ලොව භයානක තමා ජලාශ වේල්ල බවට පත්වීමට හේතුව.මේ අනුව ඉදිරියේදීත් මෙවන් තත්ත්වයක් ඇතිවන සෑම විටකදීම අනිවාර්යයෙන්ම ගම්පොළ ප්‍රදේශයේ ජීවිත සහ දේපොළ අති විශාල ප්‍රමාණයක් හානිවීමත් එතනින් පහළ මහවැලි ගඟ ආශ්‍රිතව අධිගංවතුර තත්ත්වයක් ඇතිවීමත් වළක්වා ගැනීමේ හැකියාවක් නොමැත.  විනාඩි දහයකින් පුද්ගලයන්ට තමන් ඉන්න තැනින් ආරක්ෂිත ස්ථානයකට යෑමට නම්” එර්දියෙන් “ ගමන් කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව පැහැදිලිය. තත්ත්වය එසේ නම් මෙම ජලාශය මෙගාවොට් 201 ක ජල විදුලියක් නිපදවුවද එමගින් සිදු විය හැකි ජීවිත සහ දේපළ හානි සලකා බැලූ විට මේ “භයානක ජලාශය”  වහාම ඉවත් කිරීමට කටයුතු කළ යුතුව ඇත

.https://www.facebook.com/share/v/16oVPhUsEj/

නමුත් මේ නිලධාරින් පවසන්නේ ඇත්තද ? 

ඔහු පවසන පරිදි නොවැම්බර් 27 වැනි දින තත්පරයට ඝන මීටර් 2720 ක වේගයෙන් ලැබුණ බව ගණනය කළ හැකිව තිබුණා නම් ආසන්න වශයෙන් සම්පූර්ණයෙන් පිරීමට ගතවන කාලය පහසුවෙන්ම ගණනය කළ හැකිව තිබුණි.උදාහරණයක් ලෙස වර්ෂාව පටන්ගෙන ජලාශයට ජලය ලැබෙන විට ජලාශයෙන් 85% ක් පිරී තිබුණේ නම් ඉහත සඳහන් වේගයෙන්  ජලාශයට ජලය එකතු වී පිටාර මට්ටමට පැමිණීමට නම්  ජල විදුලිය සඳහා ජලය මුදා හැරීමක් හෝ වාන් දොරටු වලින් ජලය මුදා හැරීමක් හෝ සිදු නොකර ඇති විට ඒ සඳහා ආසන්න වශයෙන් පැය 2 යි විනාඩි 40 ක්  ගතවේ. එසේම ජලය මීටරයක් උසට පිරීම සඳහා විනාඩි 40 ක් ගතවේ. එක් වාන් දොරටුවක් 25% විවෘත කර ඇති විට මේ සඳහා ආසන්න වශයෙන් පැය 3යි විනාඩි 15ක් ගතවන අතර වාන් දොරටු දෙකක් 25% බැගින් විවෘත කර ඇති විට ඒ සඳහා පැය 4 

ක් ද වාන් දොරටු තුනක් 25% බැගින් විවෘත කොට තැබුවේ නම් ඒ සඳහා  පැය 5යි විනාඩි 30ක් ගත වනු ඇත.

එසේ නම් මෙම ඉංජිනේරුවන්ට පූර්වයෙන් මෙම තත්ත්වය ගණනය කර ගත නොහැකි වූයේ ඇයි ? එය සම්පූර්ණයෙන්ම ඔවුන්ගේ නොසලකිල්ල නිසා වූවක් නොවේද ?  ජලාශයේ ජලය වාන් මට්ටමට ළඟා වූ විට දුවගෙන ගොස් වාන් දොරටු සියල්ල විවෘත කොට දමා” මිරිදිය සුනාමි” තත්ත්වයක් ඇති කිරීම සම්පූර්ණයෙන්ම ස්වභාවික ක්‍රියාවක් නොව පුද්ගල ක්‍රියාවක් බව ඉතා පැහැදිලිය.ජලය මුදා හැරීම පියවර වශයෙන් සිදුකළ බවට ඔහු කළ ප්‍රකාශය සත්‍යයක් බව විශ්වාස කළ නොහැක.  ගම්පොළ ප්‍රදේශයේ පුද්ගලයන් ප්‍රකාශ කරන්නේ එකවර අති විශාල වතුර කඳක් පැමිණි බවයි. පියවරෙන් පියවර ජලය මුදා හැරී නම් එලෙස සිදුවිය නොහැක  වේල්ල නොතිබුනෙ නම් ඔහු කියන පරිදි කොත්මලා ඔයට ලැබෙන්නේ තත්පරයට ඝණ මීටර් 2720 ක ජල ප්‍රමාණය ඒ ආකාරයටම මහවැලි ගඟට එකතු වුවත් මෙතරම් විනාශයක් සිදු නොවේ.එහිදී සිදුවන්නේ ගංවතුර මට්ටම කෙමෙන් ඉහළ යාමක් මිස එකවරම මීටර් දහයක විතර උස ජල කඳක් කඩා වැටීම නොවේ.එම නිසා එවන් ගංවතුරකදී පුද්ගලයන්ට ජීවිත හානි අවම කරන ගනිමින් එම ප්‍රදේශ වලින් ඉවත් වීමේ හැකියාව ලැබේ. 

වර්ෂාව අධිකව ලැබෙන විට සහ ඉදිරියේදීත් විශාල වර්ෂාවක් ලැබෙන බවට සියලු කාලු ගුණික වාර්තාලින් තහවුරු වී තිබියදී ජලාශය පිරෙනතුරු බලා නොසිට එම තත්ත්වය පූර්වේක්ෂණය කොට ජලාශ වාන් දොරටු පූර්වයෙන් ක්‍රමිකව විවෘත කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමයි.ගං වතුර පාලනය කරන්නේ එලෙසයි.නමුත් එම වගකීම ඔවුන් සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති බව ඉතා පැහැදිලිය. විදුලි බලය අතිරික්තයක් පවතින බැවින් මෙම ජලාශයේ ජලය පහළ මට්ටමක පවත්වාගෙන යාම කිසිසේත් විදුලි බලය නිෂ්පාදනයට බලපෑමක් සිදු නොවේ.එම නිසා එම පූර්වයෙන් ප්‍රමාණවත්ව ජලය හිස් කිරීම සිදු නොකිරීම සඳහා නිදහසට කරුණක් නොවේ. ප්‍රමාණවත් කාලයක් තිබූ බැවින් පියවර වශයෙන් ටිකෙන් ටික ජලය මුදා හැරීමටත්, ඒ අනුව යටවිය හැකි ප්‍රදේශ නිර්ණය කොට ඒ ප්‍රදේශ වලින් පුද්ගලයන් ඉවත් කිරීමට ක්ෂණිකව කටයුතු කළ යුතුව තිබිණි.එසේ නොකොට මිනිස් ජීවිත නැතිවෙන බව පැහැදිලිවම දැන දැනම ජලය මුදා හැරීමට කටයුතු කිරීම එම නිලධාරීන්ට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ 293 සමග කියවිය යුතු  294 (ඈ)  වගන්තිය පරිදි මිනීමැරුම් චෝදනා එල්ල කළ හැක 

293 වගන්තියේ දැක්වෙන්නේ 

තමන් කරන යම් ක්‍රියාවකින් මරණය වීමට ඉඩ ඇති  බව දනිමින්ම යම් ක්‍රියාවක් කිරීමෙන් මරණය සිදු කරන තැනැත්තා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය නම් වරද සිදුකරන බවයි.

එසේම 294(ඈ) වගන්තියේ දැක්වෙන්නේ අන්තරාය කොපමණ ආසන්නද කිවහොත් සෑම අතින්ම මරණය සිදු විය හැකි බව හෝ මරණය විය හැකි ශාරීරික පාඩුවක්  සිදු විය හැකි බව ක්‍රියාව සිදු කරන්නා දැනගෙන සිටින විට

එම ක්‍රියාවෙන් හෝ නොකර හැරීමෙන් සිදුවන මරණයක් මිනීමැරුමක් බවට පත්වන බවයි.

2005 වසරේදී යාන්ගල්මෝදර දුම්රිය මාර්ගයට දුම්රිය ගේට්ටුව වසා තිබියදී බස් රථයක් ඇතුළු කිරීම නිසා දුම්රිය බස් රථේ ගැටීමෙන් සිදුවූ අනතුරේදී බස් රථයේ රියදුරුට සහ කොන්දොස්තරවරයාට අධිකරණය මගින් මරණ දඬුවම නියම කළේ මෙම වගන්ති මගිනි. එම රියදුරාගේ සහ කොන්දොස්තරගේ ක්‍රියාවත් කොත්මලේ ජලාශයේ වාන් දොරටු වර්ෂාව පටන් ගැනීමත් සමග ක්‍රමයෙන් විවෘත නොකිරීමත් ජලයෙන් යටවිය හැකි ප්‍රදේශවල ජනතාව ඊට ප්‍රථම ඉවත් කිරීමට කටයුතු නොකර සිටීමත්   මිනිසුන් මිය යන බව දැන දැනම ජලාශයේ වාන් දොරටු එකවර විවෘත කිරීමත් මගින් මෙම ජලාශයේ පාලන කටයුතු භාරව සිටි පුද්ගලයන් සිදුකළ ක්‍රියාවත් බොහෝ දුරට සමාන බව දක්නට ලැබේ. .

- වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ. 

(අන්තර්ජාලයෙන්)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.