News Category
From Date
To Date
Maximum Number of Result

ආපදා කළමනාකරණය ආපදාවට ලක් කිරීම..

Dec 14, 2025 at 08:58 AM
|

ශ්‍රී ලංකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින දිට්වා නමින් හැඳින්වූ සුළි කුණාටුව මගින් ශ්‍රී ලංකාවට බරපතළ ආපදා තත්ත්වයක් ඇතිවන බවට බී.බී.සී. ගුවන් විදුලිය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ 2025.11.10 දිනයේදී ය. ඉන්පසුව 2025.11.12 ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමා විසින් රූපවාහිනී වැඩසටහනක් මගින් අදාළ සුළි කුණාටුව නිස මිලිමීටර 300ක පමණ අධික වැසි තත්ත්වයක් ඇති විය හැකි බවට රටේ මහජනතාවට අනතුරු අඟවනු ලැබීය. එහිදී ඔහු අදාළ විද්‍යාත්මක සාක්ෂිවලට අමතරව තමාගේ දීර්ඝ කාලීන අත්දැකීම් අනුවද ආපදා තත්ත්වය බරපතළ විය හැකි බවට අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය දළ වශයෙන් මිලිමීටර් 600කි. ඒ අනුව දින කිහිපයක් තුළ ඉන් අඩක වර්ෂාපතනයක් ඇදහැලුණහොත් කෙතරම් විශාල ජල කඳක් මහපොළොවට කඩා වැටෙනු ඇත් ද යන්න තේරුම් ගැනීමට විශේෂ තාක්ෂණික ඥානයක් අවශ්‍ය වන්නේ නැත. අවසානයේදී ආපදා තත්ත්වය වර්ධනය වූ පසුව වාර්තාවූයේ වර්ෂාපතනය මිලිමීටර් 500ක් දක්වා ඉහළ ගොස් ඇති බවය. 

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා අධ්‍යක්ෂකතුමා එසේ ආපදා තත්ත්වය ආරම්භ වීමට දින 12කට පමණ පෙර රූපවාහිනය මගින් මහජනයා වෙත සිදුකළ අනතුරු ඇඟවීම අදාළ රාජ්‍ය බලධාරීන්ට අවධාරණය සහිතව සිදු කළා ද යන්න පැහැදිලි නැත. නමුත් එම රූපවාහිනී වැඩසටහනට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානියා සහ ගොඩවැගිලි පර්යේෂණ ආයතනයේ ප්‍රධානියා ද සහභාගී විය. එම සෙසු නිලධාරීන් දෙදෙනාටද ඔවුන්ට අදාළ පනත් මගින් දීර්ඝ කාලීන ආපදා කළමනාකරණ වගකීම් පැවරී ඇත. කෙසේ වෙතත් 2005 ආපදා කළමනාකරණ පනත අනුව පිහිටුවා ඇති ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානියාට විශේෂ වගකීමක් පැවරෙන අතර එම නිලධාරීන් දෙදෙනා විසින්ම හෝ එක් අයෙකු විසින් ජනාධිපතිවරයාට හෝ ජනාධිපති ලේකම්වරයාට ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දී ඇති බවට උපකල්පනය කළ හැක. එම නීතිය අනුව පිහිටුවා ඇති ආපදා කළමනාකරණ සභාවේ සභාපතිවරයා වන්නේ ජනාධිපතිතුමා වන අතර අගමැතිවරයා විපක්ෂ නායකවරයා සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 05 දෙනකු ඇතුළු අමාත්‍යවරුන් 20 දෙනෙකු  එම සභාවේ සාමාජිකයන් වේ. නීතියට අනුව එම සභාව ආපදාවක් නැති තත්ත්වයක දී පවා මාස 3කට වරක් රැස්වී ආපදා කළමනාකරණ ජාතික ප්‍රතිපත්තියට සහ ජාතික සැලසුමට අනුව පවතින තත්ත්වයන් සමාලෝචනය කළ යුතුය.

ආපදා කළමනාකරණ පනත මගින් රට තුළ ඇතිවිය හැකි ගංවතුර, නායයම් ඇතුළු ආපදා තත්ත්වයන් 20කට අධික ප්‍රමාණයකට මුහුණ දීම සඳහා පූර්ව සූදානම් වීම සහ පූර්ව ක්‍රියාමාර්ග සඳහා ප්‍රතිපාදන පනවා ඇත. ඉහත සඳහන් කළ ආකාරයට කාලගුණ විද්‍ය අධ්‍යක්ෂවරයා විසින් සිදු කළ අනතුරු ඇඟවීම වැනි ආපදාවක පෙර ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම් වත් වූ වහාම ඒ පිළිබඳව වැඩිදුර කරුණු සොයා බැලීම සහ සභාවට සහ ජනාධිපතිවරයාට උපදෙස් දීම සඳහා තාක්ෂණික කමිටුවක් ද පිහිටු  විය යුතු බව නීතියේ සඳහන් කර ඇත. නමුත් ජාත්‍යන්තර සහ දේශීය තාක්ෂණික අනතුරු ඇඟවීම්වලින් පසුව ආපදාව ආරම්භ වීම සඳහා ගත වූ දින 12ක කාලය තුළ ආපදා කළමනාකරණ සභාව කැඳවූ බවක් හෝ නීතියට අනුව එහි සාමාජිකයෙක් ලෙස සැළකෙන විපක්ෂ නායකවරයා විසින් සභාව කැඳවන ලෙස ඉල්ලීමක් සිදු කළ බවක් වාර්තා වූයේ නැත.ආපදා කළමනාකරණ නීතියට අනුව ආපදා තත්ත්වයන්ට මුහුණ දීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සහ ජාතික සැළසුමක් සකස් කළ යුතුය. ඊට අමතරව පනතේ දක්වා ඇති අමාත්‍යාංශ විසින් තම විෂය පථයට අදාළව හදිසි ආපදා කළමනාකරණ සැලසුම් සකස් කළ යුතුවේ. එසේ නැතහොත් පනත අනුව පූර්වගාමීව සකස් කර තිබෙන හදිසි සැලසුම් නව තත්වයට අනුව යාවත්කාලීන කිරීම අදාළ අමාත්‍යාංශවල වගකීම වේ. නීතියට අනුව එක් එක් අමාත්‍යාංශ වලට අදාළ සැලසුම් මධ්‍යගතව ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතුය. නමුත් එතෙක් අදාළ අමාත්‍යංශ විසින් හදිසි ක්‍රියාමාර්ග ගැනීමට නීතිය මඟින් බාධාවක් පමුණුවා නැත.

කෙසේ වෙතත් අදාළ පනත මගින් ආපදා කළමනාකරණ සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අරමුදල පිහිටුවීම මෙන්ම දීර්ඝ කාලීනව වගකීම ඉටු කිරීම පිළිබඳව විස්තීර්ිණව ප්‍රතිපාදන පනවා ඇතත් ආපදාවක් පිළිබඳව අනතුරු ඇඟවීමත් සිදුවූ සැණින් ආරම්භ කළ යුතු ක්‍රියාවලිය සහ නිශ්චිත වගකීම පිළිබඳව එනම්, ආපදාවක දී කාර්යක්ෂම සහ ප්‍රතිඵලදායකව රාජ්‍ය යාන්ත්‍රණය මෙහෙයවීමට අදාළ නිශ්චිත වගකීම් පැවරීමක් පනත තුළ අඩංගු නොවේ. එම තත්ත්වය එම නීතියේ බරපතල අඩුපාඩුවක් බව පනත සම්මත කිරීමට පෙර අප විසින් පෙන්වා දෙනු ලැබීය. ඊට හේතුව ආපදා කළමනාකරණයට අදාළව කොපමණ විස්තීරණ ප්‍රතිපත්ති සහ ජාතික සැලසුම් තිබුණ ද හදිසි තත්ත්වයන්ට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම සඳහා විශේෂ නීතිමය ප්‍රතිපාදන අවශ්‍ය වීමය. 

එසේ නීතියේ කුමන අඩුපාඩුවක් තිබුණා වුවද අදාළ වගකිවයුතු ඉහළ නිලධාරීන්ට ඇඟ බේරා ගැනීමට සදාචාර අයිතියක් නැත. එහෙත් ආපදාව වර්ධනය වන තෙක් පෙර ක්‍රියා සිදු නොකර බලා සිටීම නිසා මේ වන විට දුෂ්කර ක්‍රියාවලියකට නායකත්වය දීමට සිදුවීම තුළ වෙහෙසට පත්ව සිටින ඔවුන්ගේ සිත් බිඳවීම සඳහා  විවේචන එල්ල කිරීම මේ මොහොතට අදාළව වරදකි. නමුත් වැරදි නිවැරදි කර ගැනීමෙන් තොරව අනාගතයේදී ඇතිවිය හැකි තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දිය නොහැක. ඒ අනුව මහජනයා තම කුඩා දැනුම අනුව ප්‍රශ්න කරන්නේ අධික වර්ෂාව නිසා ගංගා සහ වැව් උතුරා යනවිට වාන් දොරටු විවෘත කිරීම පිළිබඳව මාධ්‍ය මගින් මහජනයාට අනතුරු ඇගවීම් කරන නිලධාරීන් ඊට පෙර ඔවුන් විසින් ගතයුතු ක්‍රියාමාර්ග නොගත්තේ කුමක් නිසාද යන්නයි.  

උදාහරණයක් ලෙස දින කිහිපයක් තුළ වර්ෂාපතනය මිලිමීටර් 300 ක් විය හැකි නම් සහ වැඩි ආරක්ෂාව සඳහා ඊටත් වැඩි විය හැකි යැයි උපකල්පනය කරමින් ජලාශවල ජල මට්ටම් කොපමණ මට්ටමකින් ඉහළ යා හැකිදැයි ගණනය කළ නොහැකි ද? ඒ අනුව ගංවතුර තත්වයක් ඇති නොවන ලෙස යම් කාල රාමුවක් තුළ ජලය නිදහස් කිරීම සඳහා සැලසුමක් සකස් කළ නොහැකි ද? එසේම ගංවතුර ගැලීමට හේතුවන කැලණි කළු සහ මා ඔය වැනි ගංගාවල මෝය කටවල් පිරිසිදු කර පුළුල් කිරීම මූලික පෙර සූදානමක් නොවේ ද? කෘතිම බුද්ධිය තාක්ෂණය භාවිතා කිරීම සහ ඩිජිටල්කරණය මගින් මහා පෙරළියක් කිරීමට හැකි බවට පිළිගන්නා රජයක නිලධාරීන්ට වර්ෂාපතනය අනුව ගංගාවල ජල මාපකවල ඉහල යාම පූර්වගාමීව ගණනය කිරීමට සහ ඊට අනුව ඒ අදාළ ගංගා නිම්න ආශ්‍රිත ජල ගැලීම් සිතියම් සකස් කළ නොහැකි ද? ජනමාධ්‍ය මගින් පොදුවේ මහජනතාව වෙත අනතුරු ඇඟවීම හෝ රතු නිවේදන නිකුත් කිරීම වෙනුවට අදාළ සිතියම් අනුව ප්‍රදේශීය ලේකම්වරුන් ප්‍රමුඛ බිම් මට්ටමේ නිලධාරීන් මගින්  මහජනයා පූර්ව සූදානම සඳහා පෙළඹවිය නොහැකිද?  

එසේම මාධ්‍ය මගින් යම් පුළුල් ප්‍රදේශයක් හෝ යම් සැතපුම් කණුවක සිට තවත් කණුවක් දක්වා නාය යෑමේ  රතු නිවේදන නිකුත් කිරීම වෙනුවට නිශ්චිත ප්‍රදේශ සහ නිවාස හඳුනාගැනීම මෙන්ම සැලකුණු කිරීම මගින් අදාළ නිවාස හිමියන් පූර්වගාමීව සෘජුව දැනුවත් කිරීම වඩා සුදුසු නොවේද? ඒ සඳහා දින 12 කාලයක් සෑහෙන්නේ නැතිනම් කළ හැකි ප්‍රමාණයක් විශේෂයෙන්ම වැඩිම අනතුරුදායක ප්‍රදේශවලට වැඩි අවධානයක් යොමු කිරීම සිදුකළ නොහැකිද? ගංවතුර සිතියම් සහ නාය යෑම සිතියම් අනුව බිම් මට්ටමේ නිලධාරීන් මෙහෙයවීම සිදුවූවා නම් බොහෝ ඛේදවාචකයන් වළක්වා ගත හැකිව තිබූ බව බැහැර කළ නොහැකි සත්‍යයකි. විශේෂයෙන්ම වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් ජල රකුසා බිලිගන්නා තෙක් බලා සිටීම වැනි බරපතළ වැරදි සිදු නොවීමට ඉඩ තිබුණි. එහිදී මහජනයා මාධ්‍ය මගින් නිකුත් කරන අවවාද හෝ අනතුරු ඇඟවීම් පිළි නොගන්නා බවට සහ ඒ නිසා ඛේදවාචකය වඩා දරුණු වූ බවට මහජනයාට දොස් පැවරීම සාධාරණ නොවේ. ඊට හේතුව ඔවුන් විසින් පවතින  තත්ත්වයන් ඊට පෙර පැවති  තත්වයන් සමග ගොඩනගන්නේ පවතින තත්ත්වයන් සංසන්දනය කිරීමට පෙළඹීමය. උදාහරණයක් ලෙස කොළඹ නගරයේ 2016 ගංවතුර තත්ත්වය සමඟ සසදන විට මෙවර තත්ත්වය ඊට වඩා ඉතා බරපතල වේ.

එම නිසා එක් පැත්තකින් ජන මසාධ්‍ය මගින් හුදු සිදුවීම් වාර්තා කිරීම වෙනුවට හෝ ඊට අමතරව නිශ්චිත අවධාරණය සහිතව මහජනයා දැනුවත් කිරීම සඳහා බලධාරීන්ට සහ විද්වතුන්ට අවස්ථාව ලබා දීමද වැදගත් වේ. එසේම මාධ්‍ය මගින් පසු නිවේදන නිකුත් කිරීමට අමතරව එම ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීම සහ ඔවුන්ට ඉවත්වීම සඳහා සහාය ලබාදීම පිණිස බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරින්, ස්වේච්ඡා කණ්ඩායම්, ආරක්ෂක හමුදාව සහ පොලිසියේ යෙදවිය යුතු නොවේ ද? ආපදා කළමනාකරන නීතියට අනුව වැඩි අවදානම් ප්‍රදේශවලට අදාළ හදිසි සැලසුම් තුළ ඒ සඳහා ප්‍රතිපාදන ඇතුළු විය යුතුය. නමුත් ප්‍රායෝගිකව ගත්විට ප්‍රාදේශිය සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට අදාළ සහන සේවා සඳහා වියදම් සීමා සහිත චක්‍රලේඛ සංශෝධනය කර නිකුත් කරන්නේ ආපදා තත්වය වර්ධනය වී දින කිහිපයකට ද පසුවය.

ඒ පිළිබඳ උසස් නිලධාරීන් වගකිවයුතු වුවද ,පහළ නිලධාරින් විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්වරු සහ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් තමා සතු බලතල සහ වගකීම් අනුව මීට පෙර කටයුතු කළ ආකාරයට අඩියක් පෙරට තබා මහජනයා වෙනුවෙන් ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව විසින්ම මානසික බාධක රාශියක් පනවා ඇත.  පසුගිය කාලයේදී පරිපාලන නිලධාරීන්ගේ අතපසුවීම් නොසැලකිලිමත් භාවය හෝ එදිනෙදා පරිපාලනයේදී සිදුවිය හැකි වැරදි පිළිබඳව පවා අල්ලස් දූෂණ කොමිසම විසින් පරීක්ෂණ පැවැත්වීම සහ අත්අඩංගුවට ගැනීම සිදුවිය.  සමහර ඉහළ නිලධාරීන්ට අමාත්‍යවරයාගේ නියෝග මත ගනු ලැබූ තීරණ හේතුකොට ගෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිරගතවීමට සිදුවිය. නාවික හමුදාපතිවරයෙකුට තම සේවයේ යෙදී සිටියදී ඉටුකළ වගකීම් මුල් කරගෙන අභූත චෝදනා මත රිමාන්ඩ් බන්ඩනාගාර ගතවීමට සිදුවිය. ඊට අමතරව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකවරයා ඉහළ රාජ්‍ය නිලධාරීන්ට අවවාද කරන්නේ අමාත්‍ය මණ්ඩල තීරණ තිබූ පමණක් නිලධාරීන්ට ඔවුන් ගන්නා තීන්දුවල වගකීමෙන් ගැලවිය නොහැකි බවය. 

නමුත් 2018-2119 කාලයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයාගේ නියෝජිතයා ලෙස අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්ෂක ලෙස පත්කරනු ලැබීය. එම කාලයේදී ජාතික ආපදා කළමනාකරණ සැළසුමක් සකස් කළ අතර දිස්ත්‍රික් මට්ටමින් දිස්ත්‍රික් ලේකම්වරුන් යටතේ මෙහෙයුම් මධ්‍යස්ථාන පමණක් නොව ආරක්ෂක හමුදා මෙහෙයුම් කටයුතු සඳහා යොදාගැනීම මුල්කරගෙන අකුමත මෙහෙයුම් පටිපාටීන් ද සකස් කරනු ලැබීය. නමුත් පසුකාලීනව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර පවා අහෝසි වූ අතර අද්මිරාල් දසනායක මහතාට අභූත චෝදනා මත රහස් පොලීසියේ කට උත්තර දීමට සහ රිමාන්ඩ් බන්ධනාගාර ගතවීම සඳහා කාලය වැය කිරීමට සිදුවිය.   

කෙසේ වෙතත් ඒ සියලු වැරදිවලට අමතරව 2005 ආපදා කළමනාකරණ පනත නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ පනතේ පවතින දුර්වලතා ද වත්මන් ආපදාව නිසි ලෙස කළමනාකරණය කිරීමට ආණ්ඩුව අසමත් වීමට අදාලව හුවා දැක්විය හැක. බොහෝ විට පරිපාලන සේවයට නවකයකු වන වර්තමාන ජනාධිපති ලේකම්වරයාට එම පනත පිළිබඳව අවබෝධයක් තිබෙනවා ද යන්න සැක සහිතය. එසේ තිබුණා නම් අදාළ ආපදා කළමනාකරණ සභාව කැඳවිය යුතුව තිබුණේ කාලගුණ විද්‍යා අධ්‍යක්ෂවරයාගේ අනතුරු ඇඟවීමට පසු දිනය. එම පනත මගින් ඉටු කර ගත යුතු අරමුණු ඉටු කර ගැනීමට අපේක්ෂා කරනුයේ ප්‍රධාන වශයෙන් විකල්ප අමාත්‍ය මණ්ඩලයක් ලෙස පෙනෙන ආපදා කළමනාකරන සභාව මඟිනි. එවැනි සභාවක් අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් වුවද පිහිටුවිය හැකි අතර එ සඳහා නව නීතියක් අවශ්‍ය වන්නේ නැත. නමුත් විපක්ෂ නායකවරයා සහ විපක්ෂ මන්ත්‍රීවරු පස්දෙනකු ඊට ඇතුල්කර නව නීතියක් මගින් සභාව පිහිටුවීම නිසා ආණ්ඩුව විසින් අදාළ භූමිකාව ඉටු නොකරන තත්ත්වයක් විපක්ෂයට විසින් ආණ්ඩුවට බල කිරීමේ භූමිකාව ඉටු කිරීම සඳහා අවස්ථාව සැලසේ. නමුත් පනතේ ප්‍රතිපාදන අනුව ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බව විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ පළමු අනතුර ඇඟවීම සිදුවී දින 15කට පසුවය.

ඒ සියල්ලටම වඩා ඉහත සඳහන් කළ ආකාරයට පනතට අනුව සකස් කළ යුතු අපදා කළමනාකරණ ජාතික ප්‍රතිපත්තිය සහ ජාතික සැලසුම් මේ වනතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැත. එසේම පනතට අනුව අමාත්‍යංශ විස්සක් විසින් සකස් කළ යුතු ඊට අදාළ ක්‍රියාකාරී සැළසුම් පිළිබඳව මහජනයා දන්නේ නැත. තවද ඉහත සඳහන් කළ ආකාරයට පනතේ ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ සභාවට සියල්ල පැවරීම වෙනුවට ක්ෂණිකව ක්‍රියාත්මක විය යුතු ආයතන සහ නිලධාරීන්ට අදාළව යම් නිශ්චිත ප්‍රතිපාදන ඇතුල් කිරීමක් සිදු නොවීමය. තවද පනත අනුව පිහිටවිය යුතු තාක්ෂණික උපදේශක මණ්ඩලයේ සාමාජිකයන් පිළිබඳව ද මහජනයා දන්නේ නැත. එසේ පිහිටුවා තිබුණා නම් අනිවාර්යෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා එහි සාමාජිකයකු විය යුතු අතර එසේ වූවා නම් ඔහු මහජනයාට අනතුරු ඇඟවීමට එම විදවත් මණ්ඩලයට අදාළ අනතුරු ඇඟවීම සිදුකර ඉදිරි පියවර ගන්නා බවට සැකයක් නැත.

කෙසේ වෙතත් පනතට අදාළව ඒ ආකාරයට දුර්වලකම් රාශියක් දැකගත හැකි වන්නේ 2005 දී සම්මත කළ එම පනතේ සැබෑ අරමුණු එක්තරා යටි අරමුණක් වීම නිසා බවටද එකල චෝදනාවක් එල්ල විය. ඊට හේතුව පනත මගින් ආපදාවකදී දේශීය සහ විදේශීය රාජ්‍ය නොවෙන සංවිධානවලට විශේෂ ආවරණයක් ලබාදීමේ ඒ අනුව එම සංවිධාන වලට විශාල මුක්තියක් සහ වරප්‍රසාද සහිතව රාජ්‍යය ආයතනයකට සමාන ආකාරයට බිම් මට්ටමේ පුනරුත්ථාපන කටයුතු මෙහෙයවීමේ හැකියාව ලැබේ. සුනාමි ව්‍යසනයෙන් පසු විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ජාත්‍යන්තර සහ දේශීය රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් ඉතා බලවත් භූමිකාවක් ඉටු කරනු ලැබීය. එම සංවිධාන බෙදුම්වාදී න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරන බවට සහ එම ක්‍රියාවලිය “ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමක්” හෙවත් ආපදාවක් යොදා ගනිමින් අධිරාජ්‍යවාදී න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක් බවට සාක්ෂි සහිතව චෝදනා එල්ල විය.

අවසාන වශයෙන් කිය යුත්තේ මෙම ස්වභාවික ආපදාව නිසා ජීවිත 400ක් අහිමි වී තවත් එවැනි දස ගුණයක්  අතුරුදහන් විය හැකි  තත්ත්වයක් තුළ ඊට අදාළ නොසැලකිලිමත් භාවය පිළිබඳ චෝදනාව පාස්කු ප්‍රහාරයට අදාලව නිලධාරීන්ට දේශපාලන නායකයින්ට  එල්ල වූ චෝදනා වලට වඩා බරපතළ විය හැක. විශේෂයෙන්ම එම ක්‍රියාවලියට අසදාළ විශේෂ නීතියක් මගින් ප්‍රතිපාදන පණවා තිබීම තුළ අදාළ නිතිය නොසලකා හැරීම හෝ උල්ලංගණය කිරීම යන චෝදනාව වඩා බරපතළ වේ. 


වෛද්‍ය වසන්ත බණ්ඩාර

ප්‍රධාන ලේකම්,

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය  


සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.