News Category
From Date
To Date
Maximum Number of Result

සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙන් ඉවත් වෙලා කරපු රූපවාහිනී සංවාදයකදී, ජවිපෙ 2015 ජාතික ලැයිස්තුවටත් රිංගාගත් බටහිර ඒජන්තයන් ගැන සුවිශේෂී හෙළිදරව්වක්ව කරනවා. ජාතික ලැයිස්තුවේ මුලටම රිංගපු ඒ බොහෝ දෙනා ජවිපෙ වෙත කැන්දන් ආවේ අනුර කුමාර කියලයි සෝමවංශ අමරසිංහ කියන්නේ.

සෝමවංශ අමරසිංහ මහතා ජවිපෙන් ඉවත් වෙලා කරපු රූපවාහිනී සංවාදයකදී, ජවිපෙ 2015 ජාතික ලැයිස්තුවටත් රිංගාගත් බටහිර ඒජන්තයන් ගැන සුවිශේෂී හෙළිදරව්වක්ව කරනවා. ජාතික ලැයිස්තුවේ මුලටම රිංගපු ඒ බොහෝ දෙනා ජවිපෙ වෙත කැන්දන් ආවේ අනුර කුමාර කියලයි සෝමවංශ අමරසිංහ කියන්නේ.

යුද්ධය පවතින කාලයේ සමහරක් කොටස් රට බෙදීමට විරුද්ධව ගෙනාපු කතාවක් තමයි, ලංකාව රටවල් දෙකක් විදිහට දෙකඩ කළොත් දුර්වල රාජ්‍යයන් දෙකක් ඇති වෙනවාය කියන අදහස. ඒක වැරදි කතාවක්. දුර්වල රාජ්‍යයන් දෙකක් ඇති වෙන්‍නේ නැ. එක දුර්වල රාජ්‍යයි ඇති වෙන්නේ. ඒ තමයි සිංහල මිනිස්සු ඉන්න ලංකාව. ඊළාමය දුර්වල රාජ්‍යයක් වෙන්නේ නෑ.

රුසියාවේ කසාන් නගරයේ දී පැවැති 16 වන BRICS රාජ්‍ය නායක සමුළුව පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසන්නේ BRICS සංවිධානය යනු ලෝකයේ ජනගහණයෙන් සියයට 40කට වඩා වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන, ලෝකයේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 35කට වඩා වැඩි ප්‍රමාණයක් ගෙන එන අතිශයෙන්ම බල සම්පන්න මහා සංවිධානයක් බවය.

පළාලි හමුදා කදවුර සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය මැදින් වැටී ඇති පළාලි-අච්චුවේලි ප්‍රධාන මාර්ගය අද දින විවෘත කර තිබේ.

ඔබ පුපුරණ ද්‍රව්‍ය අත්හදා එය පිපිරිමෙන් තුවාළ ලැබුවොත් ඔබට ඇතිවන නීතිමය බාධාවන් කොහොමද ?

ඉකුත් දා පැවැති ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වැනි පක්ෂ වලට යම් උද්දාමයක් ඇති කර තිබෙන බවත්, එහෙත් ඇල්පිටිය ප්‍රතිඵලයෙන් මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල මැනීම වැඩකට නැති දෙයක් බවත් ප්‍රවීන මාධ්‍යවේදී ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් කෙරුණු ජනාධිපති කොමිසමේ වාර්තාවේ මෙතෙක් අවධානයට ලක් නොවූ සුවිශේෂී කාරණයක් තිබෙනවා.

ඊයේ මම දැක්කා කාදිනල්තුමා කියනවා උදය ගම්මන්පිළ පෙන්නපු වාර්ථාව එයා පිළිගන්නේ නෑ, එයා පිළිගන්නේ සිරිසේන පත්කරපු ගෝඨාභය අවසන් කරපු ජනාධිපති කොමිසමේ නිර්දේශ විතරයි කියලා.


ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.