ගංවතුර ආපදාව හැසිරවීමට අපොහොසත් වීමෙන් ගෙදර ගිය වැලෙන්සියා නායකයා..
ස්පාඤ්ඤයේ වැලෙන්සියා කලාපයේ ජනාධිපති කාර්ලෝස් මාසෝන් පසුගිය වසරේ දී ක්ෂණිකව ඇතිවූ දරුණු ගංවතුර ආපදාව හැසිරවීමට අපොහොසත් වූ බවට පිළිගනිමින් සිය ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වී තිබේ.
ඒ සම්බන්ධයෙන් මාස ගණනාවක් තිස්සේ පැවති මහජන පීඩනය, විරෝධතා හේතුවෙන් ඔහු මෙලෙස ඉල්ලා අස්වී ඇති බවයි බීබීසීය ඇතුළු විදෙස් වාර්තා පවසන්නේ.
වැලෙන්සියා යනු ස්පාඤ්ඤයේ ස්වයං-පාලන කලාපයක්. වැලෙන්සියා යන නමින් එහි පළාතක්, නගරයක් සහ එහි ජනතාව ද හඳුන්වනු ලබයි. 1982 දී ස්පාඤ්ඤ රජය විසින් වැලෙන්සියා ජාතීන්ට ස්වයං පාලනයක් ලබාදුන්නේය. ඒ අනුව තමන්ටම වෙනම වූ ආණ්ඩුවක් පිහිටුවා ගනිමින්, තමන්ටම වෙනම ජනාධිපතිවරයෙක් පත්කරගෙන වෙනම රාජ්‍යයක් පවත්වාගෙන යාම සඳහා ස්වාධීන රාජ්‍යයක අයිතිය වැලෙන්සියා ජාතීන්ට හිමිව තිබිණි. ඒ ජූලි 1, 1982 වැලෙන්සියානු ප්‍රජාවේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රඥප්තිය මගින්. කෙසේවෙතත් එහි ස්වයං පාලන ක්‍රමය අර්ධ වශයෙන් ආරම්භ කර තිබුණේ 1977 දී ස්පාඤ්ඤය ප්‍රජාතන්ත්‍රවාදය වෙත සංක්‍රමණය වන අතරතුරයි. 1982 සිට වැලෙන්සියා වෙනම රාජ්‍යයක් ලෙස සියලු නීතිමය තත්ත්වයන් තුළ කටයුතු කරමින් සිටී.
2024 ඔක්තෝබර් 29 වන දින වැලෙන්සියා කලාපයේ පුද්ගලයන් 229 දෙනෙකු ගංවතුරෙන් මියගොස් තිබිණි.
අසල්වැසි ප්‍රදේශවල තවත් අටදෙනෙකු මියගිය අතර, මෙය දශක ගණනාවකට පසු ස්පාඤ්ඤයේ සිදු වූ දරුණුතම ස්වභාවික විපත ලෙසයි සැළකෙන්නේ.
කෙසේ වෙතත්, ගංවතුර විනාශය සිදුවෙමින් තිබියදීත්, කලාපීය ජනාධිපතිවරයා මාධ්‍යවේදිනී මැරිබෙල් විලාප්ලානා සමඟ පැය හතරකට ආසන්න කාලයක් ආපන ශාලාවක ගත කර ඇති බව අනාවරණය වී තිබිණි.
ඔහු දවසේ වැඩි කාලයක් හදිසි රැස්වීම්වලට සහභාගී නොවී සිටි බවයි චෝදනා එල්ල වුණේ.
මාසෝන්ගේ රජය හදිසි අනතුරු ඇඟවීමක් හෝ උපදෙස් වැලෙන්සියා වැසියන්ගේ දුරකථන වෙත නිකුත් කිරීමට අපොහොසත් වූ අතර, එය නිකුත් කෙරුණේ රාත්‍රී 20:00 න් පසුවයි.
ඒ වන විටත් මිනිසුන් දුසිම් ගණනක් මිය ගොස් සිටියේය.
මාරාන්තික ගංවතුර කළමනාකරණය සම්බන්ධයෙන් කොන්සර්වේටිව් ජනතා පක්ෂයේ (PP) මාසෝන් ඉල්ලා අස්විය යුතු බවට වැලෙන්සියාවේ බහුතර ජනතා මත විමසුම්වලදී ඉල්ලා තිබිණි.
ඔහුගේ ඉල්ලා අස්වීම ඉල්ලා අඛණ්ඩ විරෝධතා පැවැත්වූ අතර, මෑතකදී ඔක්තෝබර් 25 වන දින පමණ 50,000 ක් පමණ ජනතාව වැලෙන්සියා වීදිවලට රැස්වුණා. ඉන්පසුව පසුගිය නොවැම්බර් 03 වැනිදා මොහු සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..