මහනුවර ආපදා සම්බන්ධීකරණ කමිටුවේදී ජනපති අනුර ප්‍රසිද්ධියේ අපහසුතාවට ලක්වීම..
ජනාධිපතිවරයා මහනුවර ආපදා සම්බන්ධීකරණ කමිටුව සමග කළ සාකච්ඡාවේ දී ප්‍රසිද්ධියේ විශාල අපහසුතාවකට ලක්වුණා.
ඔහු දිගින් දිගටම ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ නියෝජිතයා සමග පැටලෙමින් කීවේ කෙසේ හෝ අද හවස හානියට පත් ප්‍රදේශවලට ඉන්ධන යවන ලෙසයි. එහි දී CPC නියෝජිතයා දැනට ඉන්ධන නැති ප්‍රදේශ හඳුනාගෙන ඒවා විස්තර කළා.
අවසානයේ ජනාධිපතිවරයා ඔහුට කියන්නෙ අද සවස් වන විට කෙසේ හෝ අදාළ පිරවුම්හල්වලට ඉන්ධන යවන ලෙසයි. එසේ කරන ලෙස ඔහුගෙන් පොරොන්දුවක් ද ගත්තා.
මේ අතර අදාළ නියෝජිතයා විසින් ගලහ ප්‍රදේශයේ IOC පිරවුම්හලක් ගැනත් කිව්වා. එහි දී ජනාධිපතිවරයා නියෝජිතයාට තවත් තදින් කතා කළා. බලන්නකො බලන්නකො ඉතිං ඔයාට කිව්වනෙ, මේක ඔයාගේ ඩියුටිය. දැන්නෙ ඉතිං මේක ගැන කියන්නෙ කියල ප්‍රකාශ කළා.
සෑම දෙයකටම හරි සර් හරි සර් කිය කියා සිටි එතකොට තමා දැනගත්තෙ ජනාධිපතිවරයා මේ කතා කරන්නෙ රට පටලවාගෙන කියල.
ඔහු කිව්වෙ ජනාධිපතිතුමා, අපි CPC. අපි තෙල් ප්‍රවාහනය කරන්නෙ නැහැ. ඒක කරන්නෙ CPSTL එක !. එතකොට ජනාධිපතිතුමා දැනගත්තා තමන්ගෙ සායම ගියේ ගංවතුරට නෙමෙයි දැන් කියල. එතකොට අහනවා කෝ කෝ Cpstl එක කියල. එයාලා ගෙන්නල නැහැ.
ඒ කියන්නෙ මේක කැඳවපු ඇමති ලාල් කාන්තල දන්නෙත් නැ ලංකාවේ තෙල් බෙදාහරින්නෙ Cpstl එක කියල.
මෙයාල මේ ආයතනවල කොච්චර වැඩවර්ජන කළා ද? අඩුම තරමේ ලංකාවේ අත්‍යවශ්‍ය සේවා ජාලය වැඩ කරන විදිය ගැන ඒ කාලෙවත් ටිකක් ස්ටඩි කරල නැහැ. දැන් ජනාධිපති වෙලා අවුරුද්දකටත් වැඩියි, තාමත් ඒක දන්නෙ නැ.
ඊට පස්සෙ අර මනුස්සය කිව්වම LIOC ඒවට ට්‍රින්කො ඉඳල බෙදාහරින්නෙ කියල, එතකොට ජනාධිපති කියනවා කොලොන්නාවෙන් තෙල් ගෙනත් දෙන්නලු. LIOC ගැන මේයාල තරම් වෙන කවුරුත් කතා කරල නැහැ. ඒත් මේ රාජ්‍ය සහ පෞද්ගලික සමාගම් දෙක වැඩ කරන විදිය තාම දන්නෙ නැහැ.
- මහින්ද පතිරණ
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..