News Category
From Date
To Date
Maximum Number of Result

හදිසි ව්‍යසන පුද්ගල මනසට බලපාන ආකාරය - මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අතුල සුමතිපාල

Dec 9, 2025 at 06:16 AM
|

අනපේක්ෂිත ව්‍යසනයක දී හෙවත් ආපදාවක දී තනි තනි පුද්ගලයාට සේ ම පුද්ගල කණ්ඩායම්වලට ද පවුල් ඒකකවලට ද මානසික බලපෑම ඇති විය හැකි ය. ආපදාවට ඝෘජු ව මෙන් ම වක්‍රාකාර ව මුහුණ දුන් පුද්ගල දෙකොට්ඨාසයට ම මෙකී මානසික බලපෑම පොදු ධර්මතාවකි.

සමස්තයක් ලෙස මානසික ව ඇති විය හැකි ප්‍රතික්‍රියා කීපයකි. ආපදාව වුණ සැණින් ඇති වන මානසික සිතුවිලි ධාරාව වනුයේ වික්ෂිප්ත භාවයයි. උදාහරණයක් ලෙස පාස්කු ඉරිදා සිදුවීම සලකමු. බෝම්බ පිපිරීමට මුහුණ දුන් අයකුට එක් වර ම සිදු වූයේ කුමක් ද යන්න හිතා ගත නොහැකි වේ. මහා කලබගෑනියකට, අවාසනාවන්ත සිදුවීමකට, මුහුණ දුන් පුද්ගලයෝ බවට පත් වෙති. විනාශයේ සැබෑ බරපතලකම මනසට දැනෙන්න පටන් ගන්නේ යම් කාල වකවානුවකට පසුවයි. සමහර විට ඊට පැය කීපයක් හෝ දවස් කීපයක් වුව ගත විය හැකි ය. 

 සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීමකින් පසු මනසේ බිය, සැකය, තරහව, දුක වැනි සිතුවිලි ධාරාවක් ගලා යනු ඇත. ‘ඇයි තමා පමණක් ඉතිරි වුණේ?’, ‘මැරිලා ගියා නම් ඉවරයි’, ‘මේ ජීවිතේ ඇති ඵලය කුමක් ද?’ වැනි සිතුවිලි සහ චිත්තවේග සමුදායක් එවැනි අවස්ථාවක පුද්ගල මනසට ඇති විය හැකි ය. එලෙස ම හැංගීම, දිවීම වැනි ස්ථානුකූල ව අස්වාභාවික චර්යා රටා දැකිය හැකි ය. මෙවැනි සිතුවිලි සහ චර්යා පෙන්වීම සාමාන්‍ය දෙයක් බව ද මෙය කිසිසේත් ම මානසික රෝගී තත්ත්වයක් නො වන බව ද අවබෝධ කර ගත යුතු ය. මානසික රෝගයක් යනු සාමාන්‍ය ජීවිතයේ තිබෙන සිතුවිලි, හැඟීම් හා චර්යා ප්‍රමාණයෙන් සහ ගුණයෙන් වැඩි වී එය තමාගේ හෝ තව කෙනකුගේ ජීවිතයට බලපෑමක් වීම දක්වා වර්ධනය වූ තත්ත්වයකි. 

ත්‍රස්තවාදී ක්‍රියාවක් මනසට බලපාන ආකාරය වෙනස්

 මිනිසා විසින් හිතා මතා සැලසුම් කර, නිරායුධ සාමාන්‍ය ජනතාව ඝාතනය වන අවස්ථාවක දී පුද්ගලයන්ට ඇති වන හැගීම්, සිතුවිලි ප්‍රමාණයෙන් හා ගුණයෙන් වැඩි විය හැකි ය. සුනාමිය වැනි ස්වභාවික ව්‍යසනයක දි පුද්ගලයාට දැනෙන දුක වැඩි වුවත් දැනෙන තරහව සාපේක්ෂ ව අඩු ය. එහෙත් සැලසුම් කර සමූහ ඝාතන සිදු කරන ත්‍රස්තවාදී ක්‍රියාවක දී වැඩිපුර ඇති වන්නේ තරහව, අවිශ්වාසය ප්‍රමුඛ කොට ගත් චිත්තවේග සමුදායකි. එය සමාජ කණ්ඩායම් අතර, විරසක භාවය වැඩි කිරීමේ බලයක් බවට පත් විය හැකි බැවින් එවැනි අවස්ථා කළමනාකරණය ඉතා සූක්ෂම ව කළ යුත්තකි. 

අපදාවන් මානසික රෝගවලට අත වනයි ද?

 දුක යනු ඕනෑ ම කෙනකුට ඇති විය හැකි හැඟීමකි. එහෙත් යම් කිසි ආපදාවක් සිදු වූ විට එහි බරපතළකම අනුව දැනෙන දුක, ස්වාභාවික ව දැනෙන දුකට වඩා ප්‍රමාණයෙන් හා ගුණයෙන් විශාල විය හැකි ය. එම තත්ත්වය මානසික රෝගී තත්ත්වයක් නො වන අතර, වියෝ දුකේ යම් කිසි කොටසකි. තව ද නින්ද නොයාම, සිදුවීම නැවත නැවත වනවා සේ දැනීම, සැක හිතීම වැනි මානසික අපහසුතා යම් කාලයක් දක්වා පැවතිය හැකි ය. ඇතැම් අයගේ ක්‍රියාකාරිත්වයේ යම් කිසි අඩුපාඩු ද මතුවිය හැකි ය. එහෙත් කාලයත් සමග මෙවැනි හැඟීම් තුනී වී ගොස් මේ අයගේ ජීවිත යළි ගොඩ නගා ගත හැකි බව අපි අවබෝධ කර ගත යුතු වෙමු. යම් පුද්ගලයකු මෙවැනි අභාවාචක සිදුවීම්වලට ලේසියෙන් ගොදුරු විය හැකි (vulnerable) සේ ම එහි විරුද්ධ පැත්ත වන අභියෝගාත්මක ව මුහුණ දීමෙන් පසු නැවත නැගී සිටිය හැකි හැකියාවක් (ඔරොත්තු දීමේ ගුණය) (resilience) මානව සංහතිය තුළ පවතී. ඉන් පරිබාහිරයට ගොස් කෙනකුට මානසික අවපීඩනය, පශ්චාද් ව්‍යසන ක්ලමථ අක්‍රමතාව (PTSD) වැනි රෝග මතුවීමේ ඉඩකඩක් නිර්මාණය වීමට, මානසික පීඩාකාරී සිතුවිලි බොහෝ විට මාස 06ක පමණ කාලයක් පැවතිය යුතු ය. එහෙත් එවැනි තත්ත්වයකට පත් වන්නේ ඉතා සුළු ප්‍රතිශතයක් පමණි. එබැවින් පළවැනි මාස 06ක කාලය ඇතුළත මානසික රෝගී තත්ත්වයක් යැයි රෝග නීර්ණය කිරීම සුදුසු දෙයක් නො වේ. 

ළමයින්ට මුල් තැන

 ජාතික ආපදාවකට පසු ව පාසල් කඩිනමින් යළි විවෘත කිරීම සහ එම දරුවන්ට ආත්ම ගරුත්වයෙන් :ාසටබසඑහ* යුතු ව යළි අධ්‍යාපන කටයුතුවල නියැළීමට අවස්ථාව සලසා දීම, ළමයින්ගේ මානසික ප්‍රතිස්ථාපනය සඳහා ඉතා ම වැදගත් අවශ්‍යතාවකි. 2004 සුනාමි ඛේදවාචකය හමුවේ ද මෙම කාරණාව ‘පර්යේෂණ හා සංවර්ධන ආයතනය’ ලෙස අපි දැඩි ලෙස අවධාරණය කළෙමු. ඉන් නොනැවතී ළමයින්ගේ මානසික ගැටලු පන්ති කාමරයේ දී සාර්ථක ලෙස හසුරුවා ගැනීමට අවශ්‍ය පුහුණුව ද ගුරුවරුන්ට ලබා දීමට අපි කටයුතු කළෙමු. පසුගිය පාස්කු ඉරිදා ඛේදවාචකයට අදාළ ව සැලකූ විට, තනි වුණ දරුවෝ සිටිත් නම් ඔවුන් ව වෙන් කිරීම සුදුසු නැත. ඔවුන්ගේ සීයලා ආච්චිලා වැනි තමන් දන්න හඳුනන අය ඔවුන් ව රැක බලා ගැනීමට ප්‍රමුඛත්වය ගත යුතු ය. දරුවන් පාසල් යවා ඔවුන්ගේ යාළුවන් සමග කතා බහ කිරීමට, සෙල්ලම් කිරීමට ඉඩ හැරීමෙන් අනවශ්‍ය බිය, දුක තුනී වී යනු ඇත. 

 සුනාමි ඛේදවාචකයේ මුල් දින කිහිපයේ දුටු ලක්ෂණයක් වූයේ බොහෝ අවධානය වැඩිහිටියන් වෙත යොමු වී ඇති බවත් ළමයින් පිළිබඳ සැලකිල්ල බෙහෙවින් අඩු බවත් ය. එම තත්ත්වය යටතේ අපේ විශේෂ සැලකිල්ල ළමයින් වෙත යොමු කළෙමු. ඒ “ළමයින් අඩු ව නොහිතයි, එහෙත් වෙනස් ව හිතයි” යන පදනමේ සිට ය. එනම් විද්‍යාත්මක දැනුම මත පදනම් ව ඉතා සරල, එහෙත් ප්‍රබල මැදිහත් වීමක් කළෙමු. ළමයින්ට පතපොත, ක්‍රිඩා උපකරණ සපයා ඔවුන්ට තම හැඟීම් සිතුවම් කිරීමට ඉඩ ලබා දුන්නෙමු. නිවැරදි දිශාව වෙනුවෙන් අප කළ පුංචි ප්‍රවේශය දීපව්‍යාප්ත ජාතික තලයේ මැදිහත් වීමක් බවට පත් විය. විශේෂයෙන් සංස්කෘතික අමාත්‍යාංශය මේ කටයුත්ත ඉහළින් භාර ගනිමින් මහගු පූර්වාදර්ශයක් සැපයීය. මේ ක්‍රියාදාමය කොතරම් සාර්ථක වූයේ ද යත් හිටපු ඇමෙරිකා ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන් හා ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් එකල මෙරට සංචාරය කළ විට ළමයින් ඔවුන්ට පිළිගැන්වූයේ ද මෙලෙස ඇඳි චිත්‍ර ය. 

යෞවන අවධියේ දරුවන් කෙරෙහි විශේෂයෙන් සැලකිළිමත් වන්න

 විශේෂයෙන් පාසල් යන අවුරුදු 12යි 18යි අතර යෞවන අවධියේ සිටින දරුවන් පිළිබඳ ව ගුරුවරුන් බොහොම සැලකිලිමත් විය යුතු ය. ඒ ඔවුන්ට ඇති වන සාධාරණ තරහ යාම, වික්ෂිප්තභාවය විනාශකාරී අරමුණක් සඳහා යොමු වන තැනට පත්විය හැකි නිසා ය. එයට නිවැරදි දේ පෙරළා අපිත් ඒ වැරැද්ද ම කිරීම නොවන බවත් මෙම තත්ත්වය සාමූහික ලෙස පරාජය කිරීම සඳහා සියලු ම ජාතිකත්වයේ දරුවන් එකමුතු වීම, සාමූහික නැගිටීම කළ යුතුයි යන පණිවුඩය ඔවුන් වෙත ලබා දිය යුතු ය.  

ගෞරවනීය භූමදානය 

2004 සුනාමියේ මුල් දින කිහිපයේ මෘත ශරීර මිහිදන් වූයේ කිසිදු ගරුසරුවක් නොමැති ව සමූහ මිනී වලවල්වල ය. සමූහ මිනී වලවල් යනු ජාතියට ප්‍රසන්න මතකයක් නො වේ. එම තත්ත්වය යටතේ ශරීරවල අනන්‍යතාව හඳුනා ගෙන ඒවාට ගෞරවනීය භූමදානයක් කිරීමට අවශ්‍ය මානුෂවාදී මෙන් ම ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේද ඔස්සේ අපි අපගේ මැදිහත් වීම් කළෙමු.

 මෘත ශරීර කල් ගත වුව හොත් ලෙඩ රෝග පැතිරිය හැකි බව යනු සහමුලින් ම වැරදි අවිද්‍යාත්මක විශ්වාසයකි. මෙවැනි අවිද්‍යාත්මක විශ්වාස මත පිහිටා සමූහ වළවල් තුළ කිසිදු ගරුසරුවකින් තොර ව කරනු ලබන භූමදානයකින් දිගු කාලීන ලෙස ජීවත් වන පුද්ගල මනසට කරන බලපෑම් බරපතළ ය. මෘත ශරීර කල් ගත වීම නිසා ඇති වන දුර්ගන්ධය හා විෂ බීජ පැතිරී යාම, විය හැකි බව අමතක කිරීම මින් අදහස් නො වේ. එසේ නම් කළ යුතු වන්නේ හැකි ඉක්මනින් එම මෘත ශරීර මිහිදන් කිරීමට කටයුතු කිරීම බව සැබෑ ය. එහෙත් එය ගෞරවාන්විත භූමදානයක් විය යුතු ය. එක් අතකින් ගෞරවාන්විත භූමදානය යනු මූලික මිනිස් අයිතිවාසිකමකි. අනෙක් අතට එම ක්‍රියාවලිය ජීවත් ව සිටින අයට පුද කරන මානසික සහනයකි. 

හඳුනා නොගත් මෘත දේහයක් මිහිදන් කරන විට අපි ඒ සමග පුද්ගලයාගේ අනන්‍යතාව ද මිහිදන් කරන්නෙමු. ඉන් පසු ඔහු හෝ ඇය මිය ගිය බව අනුමාන කරනු විනා වෙනත් විකල්පයක් නැත. මෙහි ප්‍රතිවිපාක බොහෝ ය. ජීවත් වන ඥාතිවරුන්ට මෙය දැඩි බලපෑමක් ඇති කරයි. මරණය නිසා යමකු අපගෙන් වියෝ වූ පසු අපි එම යථාර්ථය බාර ගෙන ඒ අනුව අපගේ මනස හැඩ ගසා ගන්නා නමුත් කෙනකු මිය ගියේ ද නැති ද යන්න ගැන නිශ්චිත නිගමනයක් නොවුණු කල එසේ මනස හැඩ ගස්වා ගන්නට ඉතා අසීරු විය හැකි ය. එම සහෘදයා අපගෙන් වෙන් වී ගොස් ඇති බව පිළිගන්නට සිත මැළි වේ. ඒ නිසා එම පුද්ගලයා වෙනුවෙන් ශෝක වීමේ සීමාවක් ඇති වන්නේ නැත. තව ද එම පුද්ලයාගේ මරණ සහතික නිකුත් කිරීම, රැකියාව සම්බන්ධයෙන් කළ යුතු දෑ, දේපළ බෙදීම, රක්ෂණ වන්දි ආදී නෛතික සහ සමාජීය ගැටලු රැසකට ජීවත් ව සිටින ඥාතීහු මුහුණ දෙති. 

 ඒ සමග ම නූතන විද්‍යාව විසින් මානව සංහතියට ඉතිරි කළ මහා පරිමාණ දැනුම හරහා එම මෘත ශරීරය කාගේ කවුරුන් ද යන බව හඳුනා ගැනීමට අවශ්‍ය මූලික පදනම දැමීම, එම භූමදානයට පෙර කළ හැකි ය. එසේ නම් ආපදා කළමනාකරණයේ අනිවාර්ය අංගයක් වශයෙන් ජීවිත අහිමි වීම අඩු කිරීම මෙන් ම අහිමි වන ජීවිත කාගේ කවුරුන් ද යන වග සනාථ කිරීමට ගත හැකි උපරිම උත්සාහය දැරීමට අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා ජාන තාක්ෂණය මෙන් ම දියුණු වෝහාරික (Forensic) තාක්ෂණය අද ලෝකය සතු ව ඇත. මා අධ්‍යක්ෂ ධුරය දරන පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ ද ජාන තාක්ෂණ පර්යේෂණාගාරයක් ස්ථාපිත කොට ඇති අතර, එය ක්‍රමික ව, ලෝකයේ තිබෙන ඉහළ ම පහසුකම්වලින් සන්නද්ධ කිරීම අපගේ අනාගත අපේක්ෂාවයි.  

කෝකටත් තෛලය මානසික උපදේශනය ද?

 ආපදාවකට පසු මානසික උපදේශනය ලබා දීම අත්‍යවශ්‍ය දෙයක් නො වන බවට බටහිර විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි කර ඇති කරුණකි. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා එය තහවුරු කර ඇත. පසුගිය සුනාමි වකවානුවේ අප මනෝ සමාජීය ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ කටයුතු කරන විට, එදා ලෝකයේ හැම තැනින් පැමිණි සංවිධාන, උපදේශනය හැර වෙන දෙයක් කතා කළේ නැත. අද තත්ත්වය එදාට වඩා වෙනස් ව තිබීම සුබවාදී බව කිව යුතු ය. 

 මෙවැනි අභාවාචක සිදුවීම් හමුවේ ඇතැම් පුද්ගලයන් කතාබහ කිරීමෙන්, තම සිත තුළ ඇති පීඩාකාරී තත්ත්වය දුරු කර ගන්නා අතර, ඇතැම් පුද්ගලයන් එවැනි මානසික පීඩාකාරී තත්ත්වය දුරු කර ගන්නේ කතා නො කර නිහඩ ව සිටීම තුළ ය. අනෙක් අතට එවැනි නිහඩ ව සිට තම මානසික තත්ත්වය කළමනාකරණය කර ගන්නා අයකුට අපි මානසික උපදේශනය දීමට බල කිරීම බොහොම වැරදි සහගත දෙයකි. සුළු කොටසකට උපදේශනය නොව මනෝ විද්‍යාත්මක ප්‍රතිකාර ක්‍රම අවශ්‍ය විය හැකි අතර, එය ප්‍රජානන චර්යා චිකිත්සාව (Cognitive behavior therapy) ලෙස හඳුන්වයි. 

මනෝ විද්‍යාත්මක ප්‍රථමාධාර

 මනෝ විද්‍යාත්මක ප්‍රථමාධාර යන්න අලුතින් අහන්න ලැබුණා වුවත්, මෙය ඉතිහාසය පුරා ම සාමාන්‍ය ව්‍යවහාරයේ දී මිනිසුන් භාවිත කළ දෙයකි. වෙනස වන්නේ සැප්තැම්බර් 11 ඇමෙරිකාවේ සිදු වූ ප්‍රහාරයෙන් පසු මේ ගැන වැඩිපුර සමාජ කතා බහක් ඇති වීමයි. මෙහි පර්යේෂණාත්මක බලපෑම, තවමත් පර්යේෂණ කර තහවුරු කර ගෙන නොමැත. එයින් පැවසෙන්නේ පාවිච්චි කරන්න එපා ය කින දේ නොවේ. මෙහි මූලික සිද්ධාන්තය වන්නේ මිනිසා ව්‍යසනවලට ඔරොත්තු දීමේ තමන්ගේ ආවේණික ශක්තීන් නිසි ලෙස කළමනාකරණය කිරීමයි. මෙහි ප්‍රධාන අංග කීපයකි. පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඉන් එකකි. උදාහරණයක් ලෙස බෝම්බයක් පිපිරුණ තැනින් ආරක්ෂිත තැනකට යැවීම දැක්විය හැකි ය. එලෙස ම එවැනි සිදුවීමක දී කලබලයට පත් ජනතාව සමනයට පත් කිරීම තවත් කාරණාවකි. එසේ ම සමාජයේ සියලු දෙනා සාමූහික ව සිටින බවත් තනි නොවුණ බවත් හැගීම් ඇති වන ලෙස ක්‍රියා කිරීම තවත් කාරණාවකි. ඊළඟට තමන්ගේ ශක්තිය මත මෙවැනි දේවලට මුහුණ දීමට සහ බලාපොරොත්තු නැති නො කර ගැනීමට කටයුතු කිරීම තවත් කාරණාවකි. පසුගිය පාස්කු සිදුවීම හරහා පල්ලියේ පූජකවරුන් විසින් බොහොම ප්‍රශංසනීය ලෙස ඊට මැදිහත් වූ ආකාරය අපට දැක ගත හැකි විය. එලෙස ම ආරක්ෂක හමුදාවෝ වහා ම ක්‍රියාත්මක වී ආරක්ෂාව තහවුරු කළ අයුරුත් රෝහල් පද්ධතිය කඩිනම් ව, කළ යුතු ප්‍රතිකාර කළ අයුරුත් මෙහි දී සැලකිය හැකි ය.  

කාලයට ඉඩ දෙන්න

 ජාතික ආපදාවල දී පීඩාවට ලක් වන පුද්ගලයන්ගේ සිතුවිලි, හැඟීම් සමුදාය ලෙඩක් නොවන බවට මුලින් ම වටහා ගත යුතු ය. සාමාන්‍ය මරණයක් සිදු වූ විට මිනිසුන් හඬා වැටීම, නොකා නොබී සිටීම, නින්ද නොයාම වැනි පොදු ලක්ෂණ පළ කරති. සාමාන්‍ය මරණයකට වඩා ආපදාවල දී පුද්ගලයකුගේ එවැනි ලක්ෂණ ප්‍රමාණයෙන් වැඩි විය හැකි ය. මෙහි දී වැදගත් වන්නේ මේ කිසි දෙයක් අස්වාභාවික දෙයක් හෝ ලෙඩක් නොවන බව අවබෝධ කර ගැනීමයි. තමන්ගේ වියෝ දුක තුනී වීමට අපේ සංස්කෘතිය ඇතුළේ තිබෙන සාම්ප්‍රදායික ක්‍රමවේදවලට ඉඩ දිය යුතු ය. එනම් පන්සලට යාම, පල්ලියට ගොස් මතක බණ දී ගෞරවනීය භූමදානය කිරීම ඉතා ම වැදගත් ය. රටේ ආරක්ෂාව ද තහවුරු කිරීම තුළ මීට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වනු ඇත. එබැවින් දේශපාලනඥයන්ට ද මෙහි දී සුවිශේෂ වගකීමක් පැවරෙනු ඇත. ඒ සියලු කරුණු කාරණා ඉටු කෙරෙනා විට, කාලයත් සමග, පීඩාවට ලක් වූ පුද්ගලයන්ගේ මනස සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇත.  

මුලින් ප්‍රතිචාර දක්වන වෘත්තිකයන් 

 ආපදාවක දී මුලින් ප්‍රතිචාර දක්වන සෞඛ්‍ය වෘත්තිකයන්, හමුදාව, පොලීසිය, ගිනි නිවන හමුදාව වැනි අයට ද සාමාන්‍ය මිනිසුන්ට දැනෙන හැගීම් සමුදාය ම දැනෙනු ඇත. එහෙත් ඔවුන්ගේ වෘත්තීය වගකීමට සවිඥානික වීම නිසා ඔවුන් දැනුම්වත් ව ම එම හැගීම් පසෙක තබා තමන්ගේ වෘත්තිය වගකීම ඉෂ්ඨ කිරීමක් සිදු වේ. එහෙත් එයින් අදහස් වන්නේ ඔවුන් මේ පීඩනයට හසු නො වන බව නො වේ. උදාහරණයක් ලෙස අධිකරණ වෛද්‍ය කාර්යාලයේ වැඩ කරන අයට ශරීර කැබලි කොටස් නැවත නැවත දකින විට හිතට මහා පීඩාකාරී හැගීමක් ඇති විය හැකි ය. එබැවින් ඔවුන් ද මේ සිදුවීම්වලට මුහුණ දුන්  අය වගේ ම ඉදිරි කාලයේ යම් මානසික තත්ත්වවලට මුහුණ දීමේ ඉතා සුළු අවදානමක් තිබෙනු ඇත. 

කායරූපී රෝග පිළිබඳ සැලකිලිමත් වෙමු 

 පශ්චාද් ව්‍යසනවල දී සාමාන්‍යයෙන් කායරූපී රෝග (Somatoform Disorder) බහුල වශයෙන් දැකිය හැකි ය. කායරූපී රෝග වශයෙන් හඳුන්වන්නේ, මානසික හේතු මුල් කර ගෙන ඇති වන කායික රෝග ලක්ෂණ වන අතර, මෙම කායික රෝග ලක්ෂණවලට සැබැවින් ම කායික පදනමක් නොමැත. බෙහෙත් හේත් සොයා දොස්තරවරු හොයා ගෙන යාම අවශ්‍ය නොවේ. විශේෂයෙන් ම කුඩා ළමයින් හිසරදය, බඩේ අමාරුව යැයි පැවසීම, පශ්චාද් ආපදා පසුබිමක පොදු ලක්ෂණයක් වන අතර, ඔවුන්ට බෙහෙත් ලබා දීම හෝ වෛද්‍ය පරීක්ෂණ කිරීම අනවශ්‍ය වේ. කායරූපී රෝග පිළිබඳ ව අප ආයතනයෙන් පර්යේෂණ දෙකක් කර ඇති අතර, ඒවාට ජාත්‍යන්තරයේ වැදගත් ස්ථානයක් හිමි ව පැවතීම සතුටට කරුණකි. එම දැනුම මත පදනම් ව ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් ඇතුළු මෙරට සෞඛ්‍ය වෘත්තිකයන් පුහුණු කිරීමේ වැඩමුළු ගණනාවක් ද සුනාමියෙන් පසු ව අපි පැවැත්වූවෙමු. 

නිවැරදි මාධ්‍ය භාවිතය

 ව්‍යසනයක දී ජන මාධ්‍යයේ ප්‍රධාන වගකීමක් විය යුත්තේ ආවේගශීලී නොවන මාධ්‍ය වාර්තා කිරීම ය. තමන්ගේ වාර්තාකරණය නිසා මිනිසුන්ට වෛරය, ද්වේශය ඇති විය හැකි ද යන දේ තමන් විසින් ම ප්‍රශ්න කර නිවැරදි, එහෙත් අවශ්‍ය තොරතුරු වාර්තා කිරීම ජනමාධ්‍යවේදීන් ගේ වගකීමකි. වාර්තාකරණයේ චර්යාධර්මවලට උපරිම ලෙස ගරු කරමින් මහජනතාවට තොරතුරු ගෙන යාම කෙරෙහි ජනමාධ්‍යවේදීන් උත්සුක විය යුතු ය. විශේෂයෙන් මෙවැනි අවස්ථාවල සෞඛ්‍ය වෘත්තිකයන් දෙන පණිවිඩ සරල ලෙස ගෙන යාමේ දැවැන්ත ම හැකියාව ඇත්තේ මාධ්‍යවලටයි. 

 සිදුවීම්වල ඡායාරූප සහ වීඩියෝ වැඩසටහන් ඉදිරිපත් කිරීමේ දී මාධ්‍ය ආචාරධර්මවලට අනුකූල ව එය කළ යුතු ය. සුනාමිය සිදු වූ වකවානුවේ මෙරට ප්‍රධාන රූපවාහිනී චැනල්වල, ගාල්ල බස් නැවතුම්පොළේ වතුරට ගසා ගෙන ගිය මගීන් පිළිබඳ දර්ශන පෙළ යළි යළිත් ප්‍රදර්ශනය කරන ලද අතර, එවැනි යළි නො වීමට වග බලා ගත යුතු ය. එමගින් වාර්තාකරණයේ දී ඒ ඒ අසීරු පරිසරයේ එම රූප රාමු රූ ගත කළ මාධ්‍යවේදීන් වාර්තාමය වශයෙන් කළ මෙහෙවර ගැන අඩු තක්සේරුවක් කළ නොහැකි වුවත් එය නැවත නැවත ප්‍රදර්ශනය කිරීම තුළින් විශේෂයෙන් ම ළමයින්ට ඇති විය හැකි අහිතකර මානසික බලපෑම් බරපතළ බවට ජාත්‍යන්තර පර්යේෂණ දත්ත පැහැදිලි සාක්ෂ්‍ය සපයයි. එතැනින් නොනැවතී මාධ්‍යයේ සැලසුම් සහගත හිතකර භාවිතය, එනම් හදිසි ආපදා හරහා ඇති වන දිගු කාලීන මානසික ආදීන ව පිළිබඳ නොයෙක් ආකාරයේ ධනාත්මක කටයුතු කිරීම ද අතවශ්‍ය ය. 

සමාජ මාධ්‍ය ජාලා

 සමාජ මාධ්‍ය ජාලා හොඳ දේ වගේ ම නරක දේත් කරන්න පුළුවන් ආකාරයේ නවීන තාක්ෂණයකි. වගකීම් රහිත ලෙස පාවිච්චි කළ හොත් එය විනාශකාරී අන්තයකට යා හැකි ය. ඉන් අදහස් වන්නේ සමාජ මාධ්‍ය තහනම් කිරීම නොවේ. නිවැරදි දේ වන්නේ එවැනි ආකාරයෙන් මතු වන ගැටලුවලට අභියෝගාත්මක ව ප්‍රවේශ වී නිවැරදි දේ ප්‍රවර්ධනය උදෙසා සමාජ ජාලා පාවිච්චි කිරීම ය. 

- අරුණ ප්‍රශාන්ත වලිසුන්දර

(මහාචාර්ය අතුල සුමතිපාල මහතාගේ විවිධ දේශන හා සාකච්ඡා ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කෙරිණි) 

(Gaveshana Magazine- 2019 April-June/35th issue)

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.