News Category
From Date
To Date
Maximum Number of Result

"අනුර කජු කන්නේ හොරෙන් හැංගිලා " ලිපියෙන් රටේ රාළ කිව්වේ අනුරලා ආරක්ෂාව එපා කියමින් ඉතිහාසයේ කරපු බොරුව සහ එදා හිටපු රාජ්‍ය නායකයන්ට දීලා තිබුණ ආරක්ෂාව සතුරාට නිරාවරණය කරන්න දරපු උත්සාහය ගැනයි.ඒ නින්දිත උස්සාහයේ පලවිපාක අද ජවිපෙට විදින්න සිද්ධවෙලා.ඇත්තටම ලාල් ඒ කතාව කිව්වේ අනුරට ආරක්ෂාව නැති හින්දා නෙවෙයි.අනුරට තරම් ආරක්ෂාවක් මේ වෙනකොට ලංකාවේ සාමාන්‍ය කාල පරිච්ඡේදයකදී ජනාධිපති කෙනෙකුට දීලා නෑ.

ලෝකයේ සෑම රටක්ම පාහේ විශ්‍රාමික රාජ්‍ය නායකයන්ට සැලකිය යුතු වරප්‍රසාද ලබා දෙනවා.

කිසිදු රටකින් සහය නොලැබෙන වටපිටාවක වුවද පවතින රජයේ බලය ගිලිහෙමින් පවතින අවස්ථාවක, අනෙකුත් හමුදා ප්‍රධානීන් දුරකථන විසන්ධි කරගෙන සිටියදී තම සේනාධිනාක ගෝඨාභය රාජපක්ෂ රැකගැනීනට අරගලයේ උච්ජතම අවස්ථාවේ මුදවාගැනීමේ මෙහෙයුමක් කිරීමට නායකත්වය දුන් හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.

කිසිදු රටකින් සහය නොලැබෙන වටපිටාවක වුවද පවතින රජයේ බලය ගිලිහෙමින් පවතින අවස්ථාවක, අනෙකුත් හමුදා ප්‍රධානීන් දුරකථන විසන්ධි කරගෙන සිටියදී තම සේනාධිනාක ගෝඨාභය රාජපක්ෂ රැකගැනීනට අරගලයේ උච්ජතම අවස්ථාවේ මුදවාගැනීමේ මෙහෙයුමක් කිරීමට නායකත්වය දුන් හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.

“චීන පොදු නිෂ්පාදන පක්‍ෂය යනු චීන වැඩ කරන පන්තියේ, චීන ජනතාවගේ සහ චීන ජාතියේ පෙරටුගාමියා වේ” කියලා ඒ පක්‍ෂයේ ව්‍යවස්ථාවේ ම සඳහන් කරලා තියෙනවා. පක්‍ෂය විසින් (1) චීනයේ උසස් නිෂ්පාදන බලවේගවල ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන අවශ්‍යතා සපුරාලන බවත්, (2) චීනයේ උසස් සංස්කෘතිය සඳහා දිශානතියක් ලබාදෙන බවත්, (3) චීනයේ අතිමහත් බහුතර ජනතාවගේ මූලික අභිලාසයන් නියෝජනය කරන බවත් ඒ තුළින් තවදුරටත් අවධාරණය කරලා තියෙනවා. ඉතින් චීනයේ ඉතාමත් දීර්ඝ වූ ඉතිහාසය ගැනත් පොහොසත් සංස්කෘතිය ගැනත් මහත් අභිමානයකින් චීන නායකයෝ නිතර නිතර කතාකිරීම පුදුමයට කාරණයක් නෙවෙයි.

ජනාධිපතිතුමා ග්‍රාමීය දරිද්‍රතාවය පිටු දැකීම උදෙසා ප්‍රජා ශක්ති ව්‍යාපෘතිය අරඹා ඇත. එය විශිෂ්ඨ මානව වගකීමක් වෙත ප්‍රවිෂ්ඨ වීමකි.ග්‍රාමීය දරිද්‍රතාවය වැඩිපුරම බද්ධ වී ඇත්තේ ගොවිතැන සමගයි.

මෙය පසුගිය ජූලි 16 වැනිදා අමෙරිකාවේ බෝස්ටන් නගරයේ පැවති Coldplay සංගීත ප්‍රසංගය අතරතුර සිදුවූ සුප්‍රකට සිදුවීම මුල් කරගෙන නිර්මාණය වූ වීඩියෝවකි.

ලතින් අමෙරිකානු රටවල් 5කට ස්පාඤ්ඤ අධිරාජ්‍යවාදියාගෙන් විමුක්තිය උදාකර දීමට නායකත්වය සැපයූ සයිමන් බොලිවාර්ගේ 242 වැනි ජන්ම දින සැමරුම, ජනාධිපති නිකලොස් මදුරෝගේ දෙවන ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය නිමිති කර ගනිමින් සහ වෙනිසියුලානු පලාත් පාලන මැතිවරණය නිමිති කරගනිමින් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවේ දෙවන දිනය "සාමය සඳහා වූ මහජන සම්මේලනය" යනුවෙන් නම් කර තිබිණි.

පසුගිය ජුනි 23 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මීට පෙර පැමිණි කොමසාරිස්වරුන්ට වඩා බලහත්කාරී ප්‍රකාශ සිදුකරනු ලැබූ බවත්, එසේ මානව හිමිකම් කොමසාරිස්වරුන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඉන් පසුව ඔවුන් විසින් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත සදා නිමකළ කොමසාරිස් වාර්තාව සාධාරණිකරණය කිරීමට බව ඉතා පැහැදිලි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.