News Category
From Date
To Date
Maximum Number of Result

අධිකරනයන් ඉදිරියේ දිලීප පිරිස් නීතිපතිතුමන් නියෝජනය කරමින් සිදුකරන ආන්දෝලනාත්මක ප්‍රකාශ පිලිබඳ නීතියේ ඇසින් සිදුකරනු ලබන විවරනයක්!

Feb 3, 2026 at 06:30 AM
|

මෑතකාලීනව පැවති ආන්දෝලනාත්මක නඩු විභාගයන්හිදී  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් (ASG) දිලීප පීරිස් මහතා ඉදිරිපත් කළ කරුණු පිලිබදව නීතිඥ ප්‍රජාව හමුවේ යම් කතා බහක් ඇතිවී තිබේ.

එවැනි ප්‍රකාෂ කිරීමට පීරිස් මහතාට පවතින වෟත්තිමය අයිතිය පිලිගනිමින්ම එම කරුනු දැක්වීම් හුදු ජනප්‍රියවාදී" හෝ "අතාර්කික" ප්‍රකාෂද වන්නේද යන්න පිලිබදව මෙන්ම එවැනි චර්යාවකට ඇති අයිතිය විමර්ශනය කිරීම නීතියේ ප්‍රගමනයට දායකත්වයක් ලැබිය හැකි මාතෟකාවක් වන්නේය.

මෙසේ කතා බහට ලක්වන කෂේත්‍රය නීතිඥවරයකුගේ වරප්‍රසාදී වපසරියකට අදාල වන්නේ නමුදු එවැන්නක අන්තර්ගතය නීතිමය ක්ෂේත්‍රයේ පිළිගත් ප්‍රමිති කිහිපයක් ඔස්සේ එය ඇගයිය හැකිව තිබේ.

මෙහිලා සාකච්ඡාවට ලක්වන්නේ පීරිස් මහතා අධිකරනයන් ඉදිරියේ සිදු කරන ලද ප්‍රකාෂයන් ලෙසට ජන මාධ්‍ය විසින් එසේ වාර්ථා කරන ලද ප්‍රකාෂ පමනකි.

එම ප්‍රකාෂ එලෙසටම අධිකරනයේ වාර්ථාවන සාක්ෂි සටහන් තුල අන්තර්ගත නොවන්නට පිලිවන.

නමුත් එසේ ජනමාධ්‍ය මගින් වාර්ථා කොට ඇති ප්‍රකාෂ දෙස බලන කල ඒවා සාමාන්‍ය ජන සමාජය ඇද බැදගන්නා අධි වෝල්ටීයතාවයෙන් ප්‍රකාෂ බව පෙනෙන්නට තිබේ.

එවැනි ප්‍රකාෂ ගනනාවක් මාධ්‍ය විසින් වාර්ථාගත කොට තිබේ.

පසුගියදා මහේස්ත්‍රාත් අධිකරනය ඉදිරියට පමුනුවන ලද හිටපු ජනාධිපති ලේකම් වරයාගේ නම හා වාසගම උපුටමින් සිදුකල ප්‍රකාෂය මෙහිලා ගිනිය හැති ආසන්නතම උදාහරනය වන්නේය. 

වාර්ථා කරනය තුල සමාජය තේරුම් ගෙන තිබුනේ එම පුද්ගලයා තම නම පවා වෙනස් කොට සමාජයට වංචා කරන පුද්ගලයකු බවයි.

 එසේම හිටපු ජනාධිපති ලේකම් වරයා අධිකරනය මගහැරීමට උත්සාහ දරන පුද්ගලයකු ලෙස අධිකරයට තහවුරු කරන්නට භාවිතා කරන ලද වාග්මාලාවද එවැනි කථිවකට සුදුසු ප්‍රකාෂයක් වන්නේය.

වාර්ථාකරනය තුල සමාජය තේරුම්ගත්තේ අදාල පුද්ගලික විශ්ව විද්‍යාලයතුල වාඩිවීමට පුටුවක් හෝ නොලැබ පුද්ගලික සුඛවිහරනයට පොදු මුල්‍ය වැය කල වංචනිකයකු ලෙසටය.

එසේම රනිල් වික්‍රමසිංහ එංගලන්තයේදී නියෝජනය කරන ලද්දේ නිල කාර්යක්ද නැද්ද අදාලව ඒ මහතා භාවිතා කල වාග්මාලාවද කථිකාවකට පොලඹවන්නේය.

මෑත අතීතයට ගියහොත් හිටපු පොලිස්පති දේශබන්දුගේ නඩුවේදී මාතර මහේස්ත්‍රාත් වරයා ඉදිරියේ කල ආවේගාත්මක කරුනු දැක්වීම අන්තර්ගතවු වාග්මාලාවද කථිකාවකට සුදුසු මාතෟකාවක් වුයේය. 

ගෝටාභය පාලන සමයේදී පාඨලී චම්පික රනවක රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට සිදු කරන ලද නීතිපති වරයාගේ ඉල්ලීම තුල ඇතුලත්වු වාග්මාලාවද එවැන්නකි.

ගොටාභය ජනාධිපති වරයාගේ සමයේ දී මහාධිකරන නඩුවේදී පීරිස් මහතා රජයේ අභිචෝදක ලෙස 

කරන ලද කරුනු දැක්වීම් තුල ඇතුලත්වු වාග්මාලාවන් තුල ගැබ්වු හරයද එවැනිමය.

නීතිමය රාමුවක් ඔස්සේ සිදු කරන ලද ප්‍රකාෂ වුවද පීරිස් මහතා මෑත භාගයේදී අධිකරනයන් ඉදිරියේ සිදුකරන ලද ප්‍රකාෂ නීතීඥ ප්‍රජාව තුල කතා බහට ලක්වන්නේ එම ප්‍රකාෂ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් එම දෙපාර්තමේන්තුවේ නීති නිලධාරියකුට අධිකරනයක් ඉදිරියේ ප්‍රකාෂ කිරීම් වලට තරම් නොවන ප්‍රකාෂයන් ලෙසටය.

එම නිසා එවැනි නිමිත්තක ගුන අගුන සලකා බැලීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මට සහයෝගයක් වන්නේය.

නීතිපති තුමා මෑතකදී කියා තිබුනේ තමන්ගේ අභිමතය ඉහල අධිකරනයන් ඉදිරියේ අභියෝග කල හැකිබවය.

නීතීඥ සංගමය ප්‍රකාෂ කොට තිබුනේ නීතිපති වරයා අර්ධ අධිකරන බලය හොබවන පද්දතියක් වන බවය.

ඒ අනුව අප රජයේ නීතිඥවරයකුගෙ හැසිරීමද එලෙසට සදහන් අර්ධ අධිකරන බලයට යටත් වන නිසා එවැනි බලයක් අධිකරනයක් ඉදිරියේ ක්‍රියාත්මක විය යුත්තේ කෙලෙසටද යන්න සොයාබැලීම කාලෝචිතය.

නීතිඥ වෘත්තීය ආචාර ධර්ම (Legal Ethics)

1988 අංක 02 දරන ශ්‍රේෂ්ඨාධිකරණ රීති (නීතිඥයන්ගේ චර්යා ධර්ම හා විනය) මගින් නීතිඥයෙකු අධිකරණය තුළ කටයුතු කළ යුතු ආකාරය පැහැදිලි කරයි.

ඒ යටතේ නීතිඥයකු අධිකරණයට ඇති ගෞරවය ආරක්ෂා කිරීමට බැදී සිටී.

ඒ අනුව ඕනෑම නීතිඥයෙකු අධිකරණය හමුවේ කරුණු දැක්වීමේදී "අධිකරණයේ ගරුත්වය සහ ස්වාධීනත්වය" ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතුව තිබේ. 

ඒ අනුව යම් නීතීඥයකු අධිකරනයට කරුනු දැක්වීමේදී “අතාර්කික" හෝ හුදෙක් "ජනප්‍රියවාදී" ප්‍රකාශ මගින් නඩුවේ යුක්තිය පසිඳලීමට බාධා වේ නම්, එය වෘත්තීය විනය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකිව තිබේ.

එලෙසටම යම් නීතීඥවරයකු විසින් තමන් අභිමුඛවන ප්‍රතිවිරුද්ධ පාර්ශවයට සැලකීමේ වගකීමක් පවතී.

නීතිඥයෙකු තමාට පෞද්ගලිකව අකමැති පුද්ගලයෙකුට වුවද, අධිකරණය හමුවේ අපහාසාත්මක හෝ අගෞරවනීය ලෙස කරුණු ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිය යුතුය.

පීරිස් මහතා විසින් අධිකරනය ඉදිරියේ සිදුකොට ඇතැයි වාර්ථාවන ඇතැම් ප්‍රකාෂ ගත් කල ඒවා බොහෝ දුරට නීති නිලධාරයකුගේ වෘත්තිමය භාෂනයකින් එපිටට යන අධිකරණයට සහාය දක්වන නිලධාරියෙකුගෙන් අපේක්ෂා කරන වෘත්තීය, සදාචාරාත්මක සහ නිපුනතා ප්‍රමිතීන්ට වඩා පහළ මට්ටමක පැවතින බවට මතයක් සමාජය තුල මෝදු වෙමින් පවතී.

මෙය නීතිපති දෙපාර්තමේන්තුවට මෙන්ම ලාංකික යුක්තිය පසිදලීමේ ක්‍රියාවලියට සුභදායක කරුනක් වන්නේනේ නැත.

එවැනි පසුබිමක නීතිපත් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු අධිකරනයක් ඉදිරියේ සිදුකරනු ලබන ප්‍රකාෂයක් ඇගයීමේ නිර්නායක පිලිබදව කථිකාවක් කාලෝචිතවී තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුගේ කරුණු දැක්වීමක් ඇගයීමට ලක් කළ හැකි සම්මත නීතිමය මූලධර්ම ගනනාවක් තිබේ.

ඉන් පලමුවැන්න යුක්තියේ අමාත්‍යවරයා" (Minister of Justice) පිළිබඳ සංකල්පයයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය නීති සම්ප්‍රදායට (ශ්‍රී ලංකාවද එම සම්ප්‍රදාය අනුගමනය කරයි) අනුව, රජයේ නීතිඥයෙකු යනු හුදෙක් නඩුවක් ජයග්‍රහණය කිරීමට පමණක් උත්සාහ කරන පාර්ශවීය නියෝජිතයෙකු නොවේ. ඔහු "යුක්තියේ අමාත්‍යවරයෙකු" ලෙස සැලකේ.

එම සංකල්පය තුලින් අපට දිලීප පීරිස් මහතා අධිකරනය ඉදිරියේ ඉදිරිපත් කළ කරුණු මහජන මතයට වඩා සත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ප්‍රමුඛත්වය දී තිබේද යන්න සොයා බැලීමකට පෙලඹවනු ලබයි.

එසේ කරුනු ඉදිරිපත් කිරීමකදී වරදේ ස්වභාවය පසෙකලා ප්‍රකෝපකාරී භාෂාවක් හෝ මහජන ක්‍රෝධය ඇවිස්සීමට (populism) උත්සාහ කර ඇත්නම්, එවැනි කරුනු දැක්වීමක් අපේක්ෂිත මධ්‍යස්ථභාවය පිළිබඳ වගකීමෙන් බැහැර වීමකි.

දෙවැනි පදනම වන්නේ  පදනම වන්නේ බැලු බැල්මට නඩුවක් පවතින්නේ ද යන පදනමින් (Prima Facie case) තහවුරු කිරීම සදහා කරුනු දැක්වීමයි.

එවැනි නීතිමය කරුණු දැක්වීමක පදනම විය යුත්තේ අනුමාන හෝ සදාචාරාත්මක කෝපය මත නොව, පිළිගත හැකි සාක්ෂි මතය.

පොලිස් පරීක්ෂන අවසන් නොවී තිබෙන පදනමක බැලුබැල්මට නඩුවක් තිබේ යයි කියමින් අනුමානයට අවලාද නැගීම වෟත්තිය භාවයක් නොවේ.

තුන්වන මුලධර්මය වන්නේ අධිකරණ විනය සහ වෘත්තීය ආචාර ධර්ම, ශ්‍රේෂ්ඨාධිකරණ රීති සහ රජයේ නීති නිලධාරීන්ගේ චර්යා ධර්ම තුලින් තහවුරු කොට ඇනි වෟත්තීමය රාමුවෙන් එබිටට යන “නොහොබිනා" (Unbecoming) හැසිරීමක් යන්නට එවැනි ප්‍රකාෂ යටත් වන්නේද යන්නයි.

එවැනි කරුණු දැක්වීම් මගින් අදාල නිලයේ ගෞරවය සහ බැරෑරුම්කම ආරක්ෂා වී තිබේද යන්නයි.

දැඩි ලෙස තර්ක කිරීම වෘත්තීයමය අයිතියක් වුවද, නීතිමය පූර්වාදර්ශ නොසලකා හරිමින් "මහජන අධිකරණය" (Court of public opinion) සතුටු කිරීමට කරුණු දක්වන්නේ නම්, එය වෘත්තීය විනයට පටහැනි වන්නේය.

හතරවනුව සාධාරණ තර්කනය පිළිබඳ මූලධර්මය (Wednesbury Unreasonableness)

පරිපාලන තීරණයක් සම්බන්ධයෙන් භාවිත වන මෙම මූලධර්මය, නීතිමය තර්කනයක ඇති "අතාර්කික බව" මැන බැලීමට ද යොදාගත හැකිව තිබේ.

එහිලා භාවිතා කරනු ලබන මිනුම් දන්ඩ වන්නේ පවතින නීතිය සහ කරුණු දන්නා කිසිදු බුද්ධිමත් පුද්ගලයෙකු මෙවැනි තර්කයක් ඉදිරිපත් කරනු ඇත්ද යන්නය.

එලෙසට කරනු ලබන යම් කරුණු දැක්වීමක් තර්කනයෙන් තොර හෝ පවතින නීතිමය ප්‍රොටෝකෝල සම්පූර්ණයෙන්ම නොසලකා හැර තිබේ නම්, එවැනි ප්‍රකාෂයක් අතාර්කික ප්‍රකාෂ ලෙස හැඳින්විය හැකිය.

යුක්තිය ඉටුකිරීමේ වගකීම" පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ පූර්වාදර්ශ ලබාදී තිබෙන පදනමක නීතිපති දෙපාර්තමේන්තුවද එකී පුර්වාදර්ශ මගින් බැදී සිටින බව සිහිපත් කලයුතුව තිබේ.

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ භූමිකාව ගැන වැදගත් නිරීක්ෂණ කිහිපයක් ලබා දී ඇත.

ඉන් පලමු වැන්න අගතිගාමී නොවීමයි.

රජයේ නීතිඥයෙකුගේ අරමුණ විය යුත්තේ පුද්ගලයෙකු කෙසේ හෝ වරදකරු කිරීම නොව, පවතින සාක්ෂි මත යුක්තිය ඉටු කිරීමයි.

දෙවැන්න සාධාරණත්වයයි. (Fairness). නීතිපති දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් රජයේ නිලධාරීන්ද වන බැවින් ඔවුන් සැමවිටම සාධාරණව හා පක්ෂපාතී නොවී කටයුතු කරනු ඇතැයි අධිකරණය අපේක්ෂා කරයි. 

තුන්වැන්න වන්නේ කරුණු දැක්වීමේදී එම ඉදිරිපත් කිරීම් දේශපාලනික හෝ සමාජීය රැල්ලක් මත පදනම් වන්නේ නම් එවැනි කරුනු දැක්වීමක් "නීතියේ ආධිපත්‍යයට" (Rule of Law) පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගෙන තිබේ.

දේශපාලන මැදිහත්වීම් සහ ස්වාධීනත්වය අරබයා

නීතිපතිවරයාගේ සහ ඔහුගේ සහායකයින්ගේ ස්වාධීනත්වය පිළිබඳව ප්‍රියසත් ඩෙප් එදිරිව නීතිපති වැනි නඩු වලදී අවධාරණය කොට තිබේ.

එහිලා වැදගත් වන්නේ යුක්තියට ඇති වගවීමයි.

මක් නිසාද යත් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු කරුණු දක්වන්නේ මුළු රාජ්‍යයම නියෝජනය කරමිනි. 

එබැවින්, ඔවුන්ගේ ප්‍රකාශ "අසම්බන්ධිත" හෝ "අතාර්කික" වීම මුළු දෙපාර්තමේන්තුවේම විශ්වාසනීයත්වයට හානි කරවිය හැකිව තිබේ.

අවසාන වශයාගෙන් කිව යුත්තේ යම් නීතිඥයෙකු අධිකරණයට බලපෑම් කිරීමට හෝ ජනප්‍රිය මතවාද ඔස්සේ විනිසුරුවරයා තීරණයක් කරා මෙහෙයවීමට (Emotional manipulation) උත්සාහ කරන්නේ නම් එය 

අධිකරණ නිදහසට අදාල කරුනක් වන බවයි.

එසේ නම් එය අධිකරණයට අපහාස කිරීමක් (Contempt of Court) දක්වා දුරදිග යා හැකි කරුනක් වන්නේය.

අවාසනාවකට මෙවැනි කරුනු පිලිබදව ශ්‍රී ලංකාවේ නීතීඥ ප්‍රජාවට පවතින්නේ මදහසකි.

එම නිසා නීතිපති දෙපාර්තමේන්තුව සිතන්නේ තමන් රජකු වෙනුවෙන් පෙනී සිටිමින් නඩු මෙහෙයවන බවය.

- Shiral Lakthilaka

 

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.