අධ්‍යාපන පරිපාලන සේවා (SLEAS) සම්මුඛ පරීක්ෂණ මණ්ඩල තුළ සිදු වූ අහස පොළොව නුසුලන අක්‍රමිකතා සහ පක්ෂග්‍රාහී ක්‍රියාකලාපය..
අධ්‍යාපන පරිපාලන සේවා (සීමිත) බඳවා ගැනීම් තුළ "නීතිය" සහ "ගැසට්ටුව" හිතවත්කම් මත පාවා දුන් ආකාරය ලේඛනගත සාක්ෂි සහිතව දැන් හෙළි වෙමින් පවතී. සාමාන්‍ය ගුරුවරුන්ට තාක්ෂණික හේතු පෙන්වා දොර වසන බලධාරීන්, තමන්ගේ හිතවතුන් වෙනුවෙන් නීති පද්ධතියම උඩුයටිකුරු කර ඇත!
📍 සම්මුඛ පරීක්ෂණ මණ්ඩල සිදු කළ බරපතලම වැරදි 04 ක් ඔබ හමුවේ සාක්ෂි සහිතව මෙලෙස අනාවරණය කරන්නෙමු.
1️⃣ සුදුසුකම් නැති බව දැන දැනත් "වාචික" පරීක්ෂණට දැමීම:
සම්මුක පරීක්ෂක්ෂණ සදහා කැදවීම් ලිපියේ පැහැදිලිවම දක්වා ඇති පරිදි "මූලික සුදුසුකම් පරීක්ෂාවෙන් පසු එම සුදුසුකම් සම්පුර්ණ කරන අයදුම්කරුවන් පමණක් වාචික පරීක්ෂක්ෂණ මණ්ඩල වෙත යොමු කරන බව පැහැදිලිවම දක්වා තිබියදී සම්මුක පරීක්ෂක්ෂණ සදහා සහභාගී වූ සියලූම දෙනාව වාචික පරීක්ෂක්ෂණ මණ්ඩල සදහා යොමු කිරීමට අදාළ නිලධාරීන් කටයුතු කොට ඇත.
ඒ අනුව අධ්‍යාපන ලේකම්වරයා පවසන පරිදි
මූලික සුදුසුකම් නැති අයව එදිනම වාචික පරීක්ෂණ මණ්ඩල වෙත යොමු කළේ "අයදුම්කරුවන් අපහසුතාවයට පත්වීම වැළැක්වීමට" බව පවසමිනි. නමුත් සැබෑ අරමුණ වූයේ හිතවත්කම්මත නුසුදුස්සන්ට ද ලකුණු ලබා දී, පසුව නිලධාරීන්ට අවශ්‍ය පරිදි ලැයිස්තු සකස් කර ගැනීමට අවස්ථාව සලසා ගැනීමයි!
2️⃣ පශ්චාත් ලේඛන ඉදිරිපත් කිරීමේ "සූදුව":
ගැසට් නිවේදනයේ සහ කැඳවුම් ලිපියේ "පසුව ලේඛන ඉදිරිපත් කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන" බව පැහැදිලිව තිබුණ ද, නිලධාරීන්ගේ හිතවතුන්ට සම්මුඛ පරීක්ෂණය අවසන් වී දින කිහිපයකට පසුව පවා අසම්පූර්ණ ලේඛන සහ සහතික ඉදිරිපත් කිරීමට හොර රහසේ අවස්ථාව ලබා දී ඇත.
3️⃣ තමන්ට රිසි පරිදි දින වෙනස් කර ගැනීම:
"සම්මුඛ පරීක්ෂණ දිනය කිසිසේත් වෙනස් නොකරන" බවට තිබූ නීතිය, ඇතැම් බලගතු අයදුම්කරුවන් වෙනුවෙන් වෙනස් කර ඇති බව අධ්‍යාපන ලේකම්වරයාගේ වාර්තා අනුව පවා පැහැදිලි වන අතර ඊට අදාළ ලේඛනයෙන් උපුටාගත් කොටස පහතින් පළ කොට ඇත.ඒ අනුව ඇතැමුන් තමන්ට පහසු දිනවල සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිට ඇති බව තහවුරු වී ඇත.
4️⃣ වසරකට පසු තොරතුරු ගෙන්වා ගැනීම:
සම්මුඛ පරීක්ෂණ පවත්වා වසරක් ගතවීමෙන් පසුව ද, ඇතැම් අයදුම්කරුවන් 80 කට අධික පිරිසකගේ අසම්පූර්ණ තොරතුරු කලාප කාර්යාලවලින් ගෙන්වා ගැනීමට කටයුතු කිරීම මගින් තහවුරු වන්නේ, සම්මුඛ පරීක්ෂණ මොහොතේ එම අයදුම්කරුවන් සතුව කිසිදු මූලික සුදුසුකමක් නොතිබූ බවයි!
⚠️ අසාධාරණයේ උපරිමය:
පාසල්වල ඉගෙනුම්-ඉගැන්වීමේ දී ව්‍යාජ කාලසටහන් ඉදිරිපත්කළ හිතවතුන් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල හරහා "සුදුස්සන්" කර ඇති අතර
බරපතල විනය පරීක්ෂණ පවතින විදුහල්පතිවරුන් පවා පත්වීම් ලැයිස්තුවේ ඉහළටම පැමිණ පත්වීම් ගෙන වැඩතහනමට ලක්වූයේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලවල සිදුවූ අක්‍රමිකතා නිසාවෙනි.
ඒ අනුව මෙහිදී සිදුව ඇත්තේ අධ්‍යාපන පරිපාලන සේවයට සුදුසුකම් සම්පුර්ණ කළ කුසලතාවයෙන් යුක්ත නිලධාරීන්ව බඳවා ගැනීමක් නොව, රජයේ ගැසට්ටුවට මුවා වී හිතවතුන් අතර තනතුරු බෙදා දීමකි!
සාක්ෂි සහිතව ඉදිරිපත් කළ මෙම සියලූම තොරතුරු සැලකිල්ලට ගෙන අගතියට පත් සියලූම දෙනා බදවා ගැනීම කෙරෙහි වත්මන් පාලකයින් වහා කටයුතු කිරීම නුවණට හුරු බව පමණක් සිහිපත් කරන්නෙමු.
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)




සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..