හම්බන්තොට පිරිපහදුව ඉදිකිරීමට පැමිණි චීන කණ්ඩායම ආපසු හැරීයයි..
හම්බන්තොට චීන පිරිපහදුව ඉදිකිරීමට පැමිණි කණ්ඩායම ඊට අදාළ වැඩකටයුතු අත්හිටුවා නැවත චීනය බලා පිටව ගොස් ඇති බව 'මව්රට' පුවත්පත විසින් වාර්තා කර ඇත.
පිරිපහදුවට අදාළ අවසන් ගිවිසුම්වලට අස්සන් කිරීමට ඔන්න මෙන්න කියා පැවැතිය දී එය අස්සන් නොකරන ලෙසට බීජිංවලින් විශේෂ පණිවුඩයක් 'සිනොපැක්' ප්‍රධානීන්ට ලැබී ඇති බවක්ද එම පුවත් වාර්තාවෙන් කියවේ.
කෙසේ වෙතත් හම්බන්තොට චීන පිරිපහදුව ඉදි නොකිරීමට චීනය නිශ්චිත වශයෙන්ම තීරණය කොට ඇති බවක් එම වාර්තාවේ සඳහන් නොවේ.
* හම්බන්තොට පිරිපහදුවත් නැවතිලා!
* මධ්‍යම අධිවේගය හදන එකත් නවත්තලා!
* සංචාරකයො එන එකත් අඩුකරලා!
* ආයෝජකයොත් පිටවෙලා!
* විදේශ ඇමැති අනුරව හමුවෙන එකත් කැන්සල් කළා!
* චීනය හිටිහැටියේ වෙනස් වුණේ ඇයි?
යනාදී සිරස්තලයන්ගෙන් යුතුව එම පුවත්පතේ ''රාජ්‍ය රහස්'' තිරයේ පලවී ඇති එම අනාවරණය මතු පළවේ.
'' දකුණු අප්‍රිකාවේ සිට චීනය බලා යන අතරවාරයේදී අතරමැදි ගමනාන්තයක් (ට්‍රාන්සිට්) ලෙස චීන විදේශ අමාත්‍යවරයා ලංකාවට පැමිණියද, එම ගමනේදී කොළඹට පැමිණ ජනාධිපතිවරයා මුණගැසීමට චීන විදේශ අමාත්‍යවරයා මුලින් සැලසුම් කොට තිබිණී. නමුත් අවසන් මොහොතේදී සිය සැලසුම වෙනස් කරමින් චීන විදේශ අමාත්‍යවරයා කොළඹට නොපැමිණ කටුනායක පිහිටි ‘ජෙට්වින් ලැගූන් නිගම්බෝ’ හෝටලයේ නවාතැන් ගත් අතර, ජනාධිපතිවරයා හමුවූයේද නැත.
කෙසේ වෙතත් මේ සතිය වනවිට චීන විදේශ අමාත්‍යවරයා කටුනායකට පැමිණියද කොළඹ පැමිණ ජනාධිපතිවරයා හමු නොවීමට බලපෑ තවත් සිදුවීම් මාලාවක් පිළිබඳ තොරතුරුද අප වෙත වාර්තා වී තිබේ. මෙහි ඇත්තම කතාව නම් චීන විදේශ අමාත්‍යවරයාගේ ලංකා ගමනේදී පළමුවෙන්ම තීන්දු වී තිබුණේ කොළඹට පැමිණ ජනාධිපතිවරයා හමුවීමටය.
නමුත් අප්‍රිකානු රටවල් හතරකට ගොස් චීන විදේශ අමාත්‍යවරයා එම සංචාරය අවසන් කරනවාත් සමගම චීනයේ බීජිංවලින් එවා තිබූ විශේෂ වාර්තාවක් චීන විදේශ අමාත්‍යවරයා අතට පත්ව තිබිණි. මෙම වාර්තාව මගින් චීන රජය සිය විදේශ අමාත්‍යවරයාට වාර්තා කොට තිබුණේ ලංකාව සහ චීනය අතර ඇතිකරගත් එකඟතා සම්බන්ධයෙන් දැනට මතුව ඇති තත්ත්වයය. මෙහිදී ඇතැම් යෝජනා ධනාත්මක ආකාරයට ක්‍රියාත්මක වන බවත්, සමහර කරුණු කිසිදු ප්‍රතිඵලයක් නොමැති තත්ත්වයකට පත්ව ඇති බවත් අදාළ වාර්තාවෙන් චීන විදේශ අමාත්‍යවරයාට වාර්තා කොට තිබිණි. කොළඹ පැමිණ ජනාධිපතිවරයා හමුවීමට කර තිබූ සියලු සැලසුම් කනපිට පෙරළී ගියේ බීජිංවලින් චීන විදේශ අමාත්‍යවරයාට ලැබුණු මෙම විශේෂ වාර්තාවත් සමගය.
(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..