News Category
From Date
To Date
Maximum Number of Result

ගෝලීය තත්ත්වයන් සමග ගෝලීය දේශපාලනය පිළිබඳව කතා කිරීමේ දී අත්හල නොහැකි ප්‍රධානතම කාරණයක් වන්නේ පාරිසරික තත්ත්වය බවත්, ගෝලීය උෂ්ණත්වය අධික වීමත් සමග ඇති වී තිබෙන බරපතළ අර්බුද අතහැර දමා ගෝලීය දේශපාලනය ගැන කතා කළ නොහැකි බවත් දෙවන පරපුර පුර දේශපාලන ව්‍යාපාරයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අද (ඔක්තෝබර් 10) ලෝක මානසික සෞඛ්‍ය දිනයයි. ලෝක මානසික සෞඛ්‍ය දිනයේ අරමුණ වන්නේ ලොව පුරා මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සහ මානසික යහපැවැත්ම සඳහා ඉහළ මට්ටමේ සහයෝගයක් ලබා දීමයි.

මේ, රට වෙනුවෙන් කැපවී යුද කළ සහ හමුදා නිලධාරීන්ට සහ අයුක්‌තියට අසාධාරණයට එරෙහිවත් මත්ද්‍රව්‍ය ජාවාරමට විරුද්ධවත් සටන් කළ පොලිස්‌ නිලධාරීන් එකා පිට එකා හිරගෙට දක්‌කන කාලයක්‌ යයි සමාජයේ මතයක්‌ පවතී.

වසර ගාණනාවකට කලින්, මානව විද්‍යාඥවරියක වන Margaret Mead ගේ එක් ශිෂ්‍යයෙක් ඇගෙන් ප්‍රශ්නයක් අහනව. ඔහු අහනව මිනිසා සත්ත්ව භාවය ඉක්මවල ශිෂ්ටාචාරගත වෙන්න පටන්ගත්ත බවට හමුවෙන මුල්ම සාධකය මොකක්ද කියල. ශිෂ්‍යයා බලාපොරොත්තු වුණා ඇය මාලු අල්ලන්න භාවිතා කළ බිලී කොක්කක්, මැටියෙන් හැදූ වළඳක්, ඇඹරුම් ගලක් වගේ දෙයක් ගැන කතා කරාවි කියල.

දරුවන් වැඩිහිටියන්ට වැඳීමෙන් සිදුවන ලෝක විනාශය ගැන ව්‍යාජ රචනා ලිවීම, නිවහල්කමක ප්‍රතිඵලයක් නොව දීන වහල් මානසිකත්වයක ප්‍රතිඵලයකි.

නිකොලායි ඔස්ත්‍රොව්ස්කි, ඔහු ජීවත් වෙන්නේ අවුරුදු 32යි. ඒ ජීවත් වෙන අවුරුදු තිස්දෙකෙනුත් අවුරුද් හතක් ඔහු ගත කරන්නේ අන්ධ භාවයෙන්.

(නිමිත්ත - සටනේදී වෙඩි වැදුණු මිතුරා බේරා ගැනීමට ජ්‍යෙෂ්ඨ අණ නොතකා ගිය ලුතිනන්වරයකු පසුව සිය අණදෙන නිලධාරියාට දුන් කටඋත්තරය)

මිනිසුන් තුළ මුල් බැසගෙන ඇති දේශපාලන මතවාද හා ජීව විද්‍යාව අතර කිසියම් සම්බන්ධයක් තිබේ ද යන්න පරීක්ෂණාත්මක හෙළිදරව් මගින් සිදුකෙරෙන විග්‍රයක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු හා මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන ඉසුරු ප්‍රසංග මහතා විසින් සිදුකර තිබේ.


ප්‍රධාන පුවත්

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.