News Category
From Date
To Date
Maximum Number of Result

චීනය ඉදිරියට යන ආකාරය පිළිබඳව Nvidia හි ප්‍රධාන විධායක නිලධාරී ජෙන්සන් හුවාං තොරතුරු හෙළි කරයි.

වත්මන් ජාතික ජන බලවේගය (මාලිමාව) රජයේ බලශක්ති අමාත්‍යවරයාගේ සැබෑ පැටිකිරිය සහ ක්‍රියාකලාපය කුමක්ද? මෙන්ම මාලිමාව නියෝජනය කරන තවත් වෛද්‍යවරයෙකුගේ මතභේදාත්මක හැසිරීම සහ ප්‍රකාශ සම්බන්ධයෙන් අභීත එදිරිසිංහ සිදුකරන දේශපාලන විග්‍රහය පහත වීඩියෝවෙන්..

"පැය 72ක් එකදිගට නිදි නැතුව සටන් කරන්න පුළුවන්ද?" අහද්දිත් පුදුමයි නේද? හැබැයි 1940 අවුරුද්දේ මැයි මාසයේදී, හිට්ලර්ගේ නාසි හමුදාව ප්‍රංශය ආක්‍රමණය කරද්දී මේ පුදුමය ඇස් පනාපිටම සිද්ධ වුණා. ලෝකයම හිතාගෙන හිටියේ ප්‍රංශය කියන්නේ ලේසියෙන් හෙල්ලන්න බැරි මහා බලවතෙක් කියලා. හැබැයි සති හයක් වැනි කෙටි කාලයකින් මුළු ප්‍රංශයම හිට්ලර්ගේ කකුල් දෙක ළඟ දණ ගැහුවා.

අපේ ජාතිය, අපේ ආගම, අපේ භාසාව කියා කතා කරනකොට මාත් මහ ජාතිවාදියෙක් කියල සමහර විටක උඹලාටත් හිතෙන්‍ට පුළුවන් ද මන්දා!

"තෙල් සංස්ථාවෙන් නිකුත් කළ තෙල් බවුසර් විශාල ගණනක් ඉන්ධන පිරවුම් හල් වෙත ගොස් නැති බව විගණන වාර්තාවකින් හෙළි වෙයි..." මේ ඊයෙ ආපු නිවුස් එකක්. " මේක කරේ ජවිපෙට සම්බන්ධ නිලධාරීන්. 2022 තෙල් පෝලිං වැඩි කලේ එහෙමයි" දයාසිරි ජයසේකර මේ පිළිබඳව සෘජුවම ජවිපෙට චෝදනා කරනවා. ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන්න ප්‍රධානතම හේතුව උනේ තෙල් සහ විදුලි අර්බුදය මත ජනතාව මත ඇති වූ පීඩනය..

1970 දශකය වන විට පියාජේගේ හා විගොට්ස්කිගේ නිර්මාණවාදී මනෝවිද්‍යාව මත පදනම්ව ජෙරෝමෙ බෲනර් වැනි අය අධ්‍යාපන ක්‍රමවේද ගෙන ඒමට කටයුතු කළහ.

Llte ය කාන්තන්කුඩි එරාවුර් පල්ලි වල 140 වඩා මිනිස්සු බල්ලො වගේ maරුවෙ.නැගෙනහිරින් ගහල පැන්නුවේ. යුද්දෙ ඉවර වෙලා මුස්ලිම් මිනිස්සු නිදහසේ ඒ ප්‍රදේශවල ආයෙත් ජීවත් වෙනව.කොච්චර ජයග්‍රහනයක්ද කියනවනම් වෙනම පාලනයක් ඉල්ලනව. අනාතකදවුරක හිටපු බදුයිදීන් කෝටිපතියෙක් වෙන්නෙ ඊට පස්සෙ...

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්‍ෂක පොලිස් සැරයන්වරයාව අමානුෂික ලෙස ඝාතනය කිරීම සහ ඔවුන්ගේ දේපල කොල්ලකෑමට විරුද්ධ නඩු තීන්දුව සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.


ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.