බලය තියෙනකොට පරිත්‍යාගශීලීන් වට වෙනවා නම්, ඒක ජවිපෙ ලාල්ටත් පොදුයි නම්, මහින්දලාටත් පොදුයි..
ලාල් කාන්තගේ මේ කතාව ඇතුලේ කතා ගොඩකට උත්තර තියනවා.
ලාල් කාන්ත කියනවා අද මට පුළුවන් 100 දෙනෙක්ගෙන් ලක්ෂ 5 ගානේ ඉල්ල ගන්න කියලා.
ලාලා මෙතැනදී අද (දැන්) කියන්නේ වර්තමානය.
වර්තමානය ලාලා සහිත මාළිමාවේ පාලන කාලය. එනම් බලය ඇති කාලය
අද යනු ලාල්ලා පොරවල් වෙච්ච සමය
බළය සහිත කාලයේ ඕනැ කෙනෙක් මුදල් විතරක් නෙවේ ඕනැම අවශ්‍යතාවයකට උදව් කරනවා කර ගහනවා.
ඒ තමයි බළය.
බළය සමග දැවැන්තයන් (පොරවල්) බිහිකරනවා.
ජවිප ලාල් කාන්ත බළය සමග අද පොරක්.
මීට වසර දෙකකට කලිං ලාලා මේ කථාව කියලා මේ ගේ හදලා ජනතාවට පෙන්නුවනම් ලාල් අදට වඩා පොරක්. ‼️
මගේ කතාව ඒක නෙවේ. ජවිපයේ දේශපාලන මංඩලේ ඉදලා ජීවිත කාලයම ස්ට්‍රයික් විවේචන කරපු ලාල් කාන්තට
අද (බලය හිමි කාලයේ) 100 දෙනෙකුගෙන් ලක්ෂ පහ ගානේ ගෙන්නාගෙන පෙන්වන්න පුළුවන් කියනවනම් රටේ යුද්ධය නිමා කරලා රට ඉහළට ගත්ත
මහින්ද රාජපක්ෂලාට කෝටිය ගානේ ගෙනැත් දෙන්න මිනිස්සු 10000 රටෙන් සහ රටෙන් එපිට ලාංකිකයන්ගෙන් බලය තියෙනකොට එහෙමනම් පුළුවන්.‼️
ඒවා ජවිපය කීවේ හොර ව්‍යාපාරිකයන් එක්ක ඩීල් කියලනම්
රාජපක්ෂලාට අනුග්‍රහය දක්වනේ කළු ව්‍යාපාරිකයන් කිවනම්
බලය තියෙනකොට හාතවතුන් කියා රාජපක්ෂලාට උදවි කරන්නේ ඩීලි කරුවන් කියනවනම්
මහින්ද රාජපක්ෂලා රටට කරපු සේවයෙන් 10% කරලා නැති ලාල් කාන්තට බලය එක්ක
ලක්ෂ ගනන් වලින් ආධාර කරන මිනිස්සු පෙන්වන්න පුළුවන් කියනවනම්
රස්සාවක් නොකර මහින්දගේ දරුවො සැප ගත්තා කියන ඒවාට
මහින්දට කෝටි ගානන් වත්කම් තියනවා කියන ඒවට
උත්තරය තියනවා
මොකද අද ලාල්ගේ මේ ගෙදරත් දුවට සැප දෙන්න දුවගේ නමට අරගත්ත එකක්
වෙනස පොහොට්ටු මහින්දගේ පුත්තුසහ ජවිප ලාල්ගේ දුව වීම විතරයි.‼️
සැප එකයි
ලෙනින් කියනවා වගේම හොදම දේ දරුවන්ට බව තම තමන්ගේ දරැවන් වෙනුවෙන් එහෙමනම් මහින්දලා වගේම ලාල් කාන්තලත් පෞද්ගලිකවත් තෝරලා තියනවා බලය එක්ක.
මොකද ලාල් කාන්තට වඩා එහෙමනම් මහින්දලාට මිනිස්සු සලකන්න ඉඩ තියනවනේ.
බලය තියෙනකොට පරිත්‍යාග ශීලීන් වට වෙනවා නම්
ඒක ජවිපෙ ලාලාටත් පොදුයි නම්
මහින්දලාටත් පොදුයි. හොරකම් කරපුවා නෙවෙි මිනිස්සු අනිවාර්යයෙන් මහින්දට ලබා දුන්න පරිත්‍යාග ඇති තරම් ඇති.
බලය තියෙනකොට එහෙමයි.
සිස්ටම් එක එහෙමනම්
මහින්දලා ඒ සිස්ටම් එකේ හොරු වෙලා
ලාල් කාන්තලා පිරිසිදුවෙන්න බෑ.
අන්තිමට අපිට හිතන්න තියෙන්නේ ධනවාදයත් සමාජවාදයත් දෙකම එකිනෙකාට ඇගිල්ල දිගු කරගන්නේ බලය හුවමාරු වෙනකල් විතරයි.
දැන් සමාජවාදීන් උන්ම විවේචනය කරපු ධනපති ක්‍රමයට දුවනවා.😀😀
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්