News Category
From Date
To Date
Maximum Number of Result

අඩෝ මචං, අද අපි UK වල සෙන්ට් සුවඳ ගගා, Central Heating Boiler එකෙන් රත් වෙච්ච වතුරෙන් "ෂවර්" එකක් දාගෙන ටියුබ් එකේ (London Tube) යන විදියට නෙවෙයි බං ඉස්සර එංගලන්තේ රජ පවුල් පවා හිටියේ. මේක ඇහුවම උබට අද රෑට නින්ද යන්නෙත් නැති වෙයි. UK වල ඉතිහාසයේ හැංගිච්ච, අහද්දිත් ඇඟ හිරිවැටෙන "කුණු" කතාවක් මේක.

සිංහල සංස්කෘතියෙන් බුද්ධාගම අයින් කල දවසට සිංහලයත් ඉවරයි බුද්ධාගමත් ඉවරයි.

“පාලාවී රජ්ජුරුවන්ගේ කාලේ ඉරාන කාන්තාවෝ බිකිනි ඇන්දා. ඒත් දැන් ඉරාන කාන්තාවන්ට ඒ නිදහස නෑ” කියලා වැළැපෙන සිංහල බෞද්ධයෝ පිරිසක් අපි අතර ඉන්නවා.

2005ට පෙර ශ්‍රී ලංකාවේ නිවාසවලින් විදුලි බලය තිබුණේ සීයට 78කට පමණයි. හැබැයි 2014 වන විට මේ ප්‍රමාණය සීයට 98 දක්වා ඉහළ ගියා.

අම්පාර දිස්ත්‍රික්කයේ දේශපාලනය අධිකාරිය සහ අම්පාර දිසාපතිවරයා අතර ඇතිවි තියෙන සීතල යුද්ධය උණුසුම් තත්වය පැමින ඇති බවත්, ඒ අනුව ඉදිරි දින කිහිපය තුල අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතාට සිය පදවිය අත්හැර කොළඹ ප්‍රදේශයට යෑමට සිදුව ඇති බවත් සමාජ මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කලකට පෙර සිදුකළ ප්‍රකාශයක් පිළිබඳ වීඩියෝවක් හිටපු අමාත්‍ය, ආචාර්ය චන්න ජයසුමන මහතා විසින් මාධ්‍ය හමුවකදී හෙළිදරව් කරයි.

අසූ අට - අසූ නවය (1987-1989) යුගය කියන්නේ ලාංකීය ඉතිහාසයේ ලියැවුණු රුධිරයෙන් පෙඟුණු කළු පැල්ලමක්. ඉන්දු - ලංකා ගිවිසුමත්, ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) ලංකාවට පැමිණීමත් එක්ක මේ රටේ තරුණයන්ගේ ලේ කෝප වෙලා තිබුණේ. මේ ආක්‍රමණයට එරෙහිව නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සන්නද්ධ අංශය වූ 'දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ' (DJV) උත්තරීතර අණදෙන නිලධාරියා වුණේ වෙන කවුරුවත් නෙවෙයි; දින 32 ක කෙටි කාලයකට ජවිපෙ දෙවන නායකයා ලෙසත් කටයුතු කළ සෙල්ලප්පෙරුමගේ සමන් පියසිරි ප්‍රනාන්දු හෙවත් "කීර්ති විජයබාහු" ය.

අරගල සමය තුළ අප දුටු එම "ඩමි" භික්ෂූන් සහ ශාසනය හෑල්ලු කරන ලද විවිධ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් පිටුපස ඇත්තේ දැවැන්ත විදේශීය න්‍යායපත්‍රයකි. මෙය හුදෙක් අහඹු සිදුවීමක් නොව, රටක ජාතික පවුර බිඳ දැමීමට වැය කරන ලද "මුදල්වල" ප්‍රතිඵලයකි.

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වැටී ඇති ප්‍රපාතයට ප්‍රධාන හේතුවක් ලෙස වර්තමාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ක්‍රියාකලාපය හේතු වූ බව බොහෝ ක්‍රීඩා ලෝලීන්ගෙ මතයයි. රටේ ජනාධිපතිවරයා තේරීමට ලක්ෂ 120ක් ඡන්දය දුන්නද, ක්‍රිකට් පාලනය තීරණය කරන්නේ වරදානවලට යට වූ සංවෘත කල්ලියකි.


ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.