ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට වාර්තා වූ කලු කොකාගෙන් Black Heron (Egretta ardesiaca) ජීවිතයට ඉගෙන ගත හැකි දේවල්..
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට කලු කොකෙක් (Black Heron) 2026.03.27 දින යාපනයෙන් වාර්තා වී තිබේ.තනිකර කලු ශරීරයක් සහ දීප්තිමත් කහ පාට පාද ඇඟිලි සහිත මෙම පක්ශියා ප්‍රමානයන් පුංචි සුදු කොකෙකු පමන වේ.අප්‍රිකානු මහාද්වීපයෙන් වාර්තාගත මෙම පක්ශියෙක් ශ්‍රී ලංකාවෙන් හමුවීම සුවිශේශී කරුනකි.නමුත් මෙම කෙටි ලිපියේ අරමුන වන්නේ මෙම පක්ශියා අනුසාරයෙන් ජීවිතයට ඉගෙන ගැනීමට ලැබුනු කරුනු කීපයක් බෙදා ගැනීම වේ.
* ඉස්මතු නොවී සිටීමේ වටිනාකම
සම්පූර්නයෙන් කලු පාට නිසා මෙම පක්ශියා පරිසරයේදී කැපී පෙනීමෙන් වලකී.එය පක්ශියාගේ ආරක්ශාවට මෙන්ම තම කටයුතු කරදරයකින් තොරව කරගෙන යාමට හේතු වේ.
* අන් අයගෙන් පැහැදිලිව වෙනස් වන විශේශතාවයක් තිබීමේ වටිනාකම
මේ පක්ශියා ගොදුරු සෙවීමේදී තම පියාපත් යුගල විහිදුවා ගෙන ඉන් විශාල සෙවනැල්ලක් ජලය මතට පතිත කරයි.මේ සෙවනැල්ලේ රැකවරනය සොයා එන මත්ස්‍යයන් සහ අනෙකුත් ජලජ ජීවීන් මෙම පක්ශියාගේ ගොදුරු බවට පත් වේ.මේ විශේශිත ගොදුරු අල්වා ගැනීමේ ක්‍රමවේදය "Canopy Fishing" නම් වේ.
* සාර්ථකත්වය වැඩිකර ගැනීම පිනිස සාමූහිකව කටයුතු කිරීම
මෙම පක්ශීන් කීප දෙනෙක් ඇතැම් විට එක්ව මෙම ආකාරයෙන් (Canopy Fishing) වඩා විශාල සෙවනැල්ලක් පතිත වීමට සලස්වන අතර එය සියලු දෙනාගේ දඩයම් වඩාත් සාර්ථක කර ගැනීමට හේතු වේ.
* අන් අයත් සමඟ එක්ව සහ සාමකාමීව සිටීම
කලු කොකා බොහෝවිට වෙනත් ජලජ පක්ශීන් සමඟ සහ සාමකාමීව වාසය කරන්නෙකි.
* ඉහල අනුවර්තනීය හැකියාව
මේ පක්ශියා තෙත්බිම් පරිසර පද්ධතීන් රාශියකම සාර්ථකව වාසය කිරීමේ හැකියාවෙන් යුතුය.
* ඉවසීම,දරා සිටීම සහ විනයානුකූල බව
කලු කොකා දඩයම් කිරීමේදී තම පියාපත් විහිදා නිශ්චලව බොහෝ වේලාවක් සිටින්නෙකි.මේ සෑම විටම පක්ශියා තද හිරු එලියට තම ශරීරය මුලුමනින් නිරාවරනය කර ගනී.එසේ වුවත් එම අපහසුතාවයන් ඉතා හොඳින් දරා සිටිමින් තම අරමුන සාර්ථක කර ගන්නෙකි.
* ඉතා ප්‍රශස්ථ පතිචාරයක් දැක්වීමේ වටිනාකම
නිශ්චලව සිටින කලු කොකා තමන්ට අවශ්‍ය ගොදුරක් ආසන්නයට පැමිනෙන තෙක් නිශ්චලව සිටියත්,එක්වරම ඉතා වේගවත් ප්‍රහාරයක් මගින් ගොදුර අල්ලා ගැනීමට ඉතා සමත් වේ.
* විශේශ අවශ්‍යතා නොමැතිකම සහ ලද දෙයින් තෘප්තිමත් වීම සාර්ථකත්වයට හේතු වන්නකි
කලු කොකා ජලජ සතුන් රාශියක් තම ආහාරය ලෙස යොදාගනී.වෙනත් ලෙසකින් දක්වතොත් ආහාර විශේශත්වයක් නොපෙන්වන්නෙකි.ආහාරය ලෙස මසුන් පමනක් නොව උභයජීවීන්,ක්‍රස්ට්‍රේශියාවන් සහ කෘමීන් ඇතුලු පුලු පරාසයක සතුන් අයත් වේ.
ඡායාරූප සියල්ල අන්තර්ජාලයෙනි.
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්