ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට වාර්තා වූ කලු කොකාගෙන් Black Heron (Egretta ardesiaca) ජීවිතයට ඉගෙන ගත හැකි දේවල්..
ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට කලු කොකෙක් (Black Heron) 2026.03.27 දින යාපනයෙන් වාර්තා වී තිබේ.තනිකර කලු ශරීරයක් සහ දීප්තිමත් කහ පාට පාද ඇඟිලි සහිත මෙම පක්ශියා ප්‍රමානයන් පුංචි සුදු කොකෙකු පමන වේ.අප්‍රිකානු මහාද්වීපයෙන් වාර්තාගත මෙම පක්ශියෙක් ශ්‍රී ලංකාවෙන් හමුවීම සුවිශේශී කරුනකි.නමුත් මෙම කෙටි ලිපියේ අරමුන වන්නේ මෙම පක්ශියා අනුසාරයෙන් ජීවිතයට ඉගෙන ගැනීමට ලැබුනු කරුනු කීපයක් බෙදා ගැනීම වේ.
* ඉස්මතු නොවී සිටීමේ වටිනාකම
සම්පූර්නයෙන් කලු පාට නිසා මෙම පක්ශියා පරිසරයේදී කැපී පෙනීමෙන් වලකී.එය පක්ශියාගේ ආරක්ශාවට මෙන්ම තම කටයුතු කරදරයකින් තොරව කරගෙන යාමට හේතු වේ.
* අන් අයගෙන් පැහැදිලිව වෙනස් වන විශේශතාවයක් තිබීමේ වටිනාකම
මේ පක්ශියා ගොදුරු සෙවීමේදී තම පියාපත් යුගල විහිදුවා ගෙන ඉන් විශාල සෙවනැල්ලක් ජලය මතට පතිත කරයි.මේ සෙවනැල්ලේ රැකවරනය සොයා එන මත්ස්‍යයන් සහ අනෙකුත් ජලජ ජීවීන් මෙම පක්ශියාගේ ගොදුරු බවට පත් වේ.මේ විශේශිත ගොදුරු අල්වා ගැනීමේ ක්‍රමවේදය "Canopy Fishing" නම් වේ.
* සාර්ථකත්වය වැඩිකර ගැනීම පිනිස සාමූහිකව කටයුතු කිරීම
මෙම පක්ශීන් කීප දෙනෙක් ඇතැම් විට එක්ව මෙම ආකාරයෙන් (Canopy Fishing) වඩා විශාල සෙවනැල්ලක් පතිත වීමට සලස්වන අතර එය සියලු දෙනාගේ දඩයම් වඩාත් සාර්ථක කර ගැනීමට හේතු වේ.
* අන් අයත් සමඟ එක්ව සහ සාමකාමීව සිටීම
කලු කොකා බොහෝවිට වෙනත් ජලජ පක්ශීන් සමඟ සහ සාමකාමීව වාසය කරන්නෙකි.
* ඉහල අනුවර්තනීය හැකියාව
මේ පක්ශියා තෙත්බිම් පරිසර පද්ධතීන් රාශියකම සාර්ථකව වාසය කිරීමේ හැකියාවෙන් යුතුය.
* ඉවසීම,දරා සිටීම සහ විනයානුකූල බව
කලු කොකා දඩයම් කිරීමේදී තම පියාපත් විහිදා නිශ්චලව බොහෝ වේලාවක් සිටින්නෙකි.මේ සෑම විටම පක්ශියා තද හිරු එලියට තම ශරීරය මුලුමනින් නිරාවරනය කර ගනී.එසේ වුවත් එම අපහසුතාවයන් ඉතා හොඳින් දරා සිටිමින් තම අරමුන සාර්ථක කර ගන්නෙකි.
* ඉතා ප්‍රශස්ථ පතිචාරයක් දැක්වීමේ වටිනාකම
නිශ්චලව සිටින කලු කොකා තමන්ට අවශ්‍ය ගොදුරක් ආසන්නයට පැමිනෙන තෙක් නිශ්චලව සිටියත්,එක්වරම ඉතා වේගවත් ප්‍රහාරයක් මගින් ගොදුර අල්ලා ගැනීමට ඉතා සමත් වේ.
* විශේශ අවශ්‍යතා නොමැතිකම සහ ලද දෙයින් තෘප්තිමත් වීම සාර්ථකත්වයට හේතු වන්නකි
කලු කොකා ජලජ සතුන් රාශියක් තම ආහාරය ලෙස යොදාගනී.වෙනත් ලෙසකින් දක්වතොත් ආහාර විශේශත්වයක් නොපෙන්වන්නෙකි.ආහාරය ලෙස මසුන් පමනක් නොව උභයජීවීන්,ක්‍රස්ට්‍රේශියාවන් සහ කෘමීන් ඇතුලු පුලු පරාසයක සතුන් අයත් වේ.
ඡායාරූප සියල්ල අන්තර්ජාලයෙනි.
(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්