News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන මහතා විසින් රචිත උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය කෘතිය මේ වන විට මුද්‍රණය වී ඇති අතර එම කෘතිය පිළිබඳව ඒ මහතා විසින් සිදුකරනු ලබන විග්‍රහයක් පහළ වීඩියෝවෙන්..

රටවල් ආක්‍රමනය කරන ඒකාධිපති යැයි හංවඩු ගහපු මේ අය ගැන අති අමානුශික චිත්‍රයක් තමයි බටහිර විසින් අද වෙනකොට මවලා තියෙන්නෙ...මේ අතරට ගඩාෆි,සදාම් හුසේන් වගේ අයත් ඉන්නවා.. හැබැයි අපි දේවත්වයෙන් සලකපු මදර් තෙරේසා , ගාන්ධි සහ ගොඩක් අයගෙ පිලෝසොපිකල් මෙන්ටර් කෙනෙක් වෙච්ච චොම්ස්කි වගේ අයගෙ ඇත්ත තත්වය දැන් දැන් එලිවෙමින් පවතිනවා.

එප්ස්ටීන් යනු ලිංගික අපරාධකරුවෙකු මෙන්ම ලොව බලවත්, ධනවත් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ට ලිංගික සේවා සැපයීමට වෙනස්ම විදිහේ කුරිරු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ පුද්ගලයෙකි. එයට හේතුව මොහුගෙන් සේවා සපයාගනු ලැබ ඇත්තේ ලෝකයෙහි ඉතාම බලවත් ධනවත් ප්‍රසිද්ධ පුද්ගලයන් වීමය. ඒ අතර ලොව සුප්‍රසිද්ධ නළුවන්, ධනවතුන්, දේශපාලකයන්, රාජ කුමාර වරුන්, ආගමික නායකයින්, සුප්‍රසිද්ධ විද්‍යාඥයන්, පාතාල නායකයන්, ගායකයන්, ආදී අදහා ගත නොහැකි පිරිසක ගේ නම් ගම් හෙළි වී ඇත.

මේ රූපය කියන්නේ ජවිපයේ තුන්වන කාර්තුව නිම වු වගය.

මෙරට රාජ්‍ය නායකයින් සහ දේශපාලකයින් කිහිපදෙනෙකුම සාහසිකයින් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳව අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන්ගේ සහයෝගයෙන් බලයට පැමිණි, මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකට, එකී පංච මහා බලවේගයේ පළමු බලවේගයට අයත්වූවෙකු විසින් වෙඩි තබන ලද සිදුවීම, පෙරකී අවස්ථාවන් අතරින් විශේෂ තැනක් ගනියි.

එස්ප්ටයින් ලේඛන නිකුත් කිරීමත් සමඟ 2017 දී ලන්දේසි බැංකුකරුවෙකු වන රොනල්ඩ් බර්නාඩ් විසින් ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් වෙත නැවතත් අවධානයට ලක් වී තිබේ.

අනුරලා අනුරලාගෙ බාල, ලාබ, පුංචි සිතුවිලි අතරෙ රාජ්‍ය හකුලවමින් ඇත...

1960 නොවැම්බර් 19 වැනි දා චීනයේ පෙයි-චිං නගරයේ දී චේ ගුවේරා ප්‍රමුඛ කියුබාවේ දූත පිරිසක් මාඕ ත්ස-තුං මුණගැහුණා. දෙපාර්ශ්වය කරපු සාකච්ඡාවේ පිටපත හොඳින් ආරක්ෂා කරලා තියෙනවා. මේ, ඒ සාකච්ඡා පිටපතින් උපුටාගත්ත කොටසක්.

උත්තර දෙන්නෙ නැද්ද දෙන්න උත්තරයක් නැද්ද අපි දන්නෙ නෑ අයියේ.. ඒත් අරගලකරුවන් නිදහස් කරන්න සත්භාවයෙන් පියවරක් හරි ගත්තනම් තරුණ කටයුතු අමාත්‍යාංශය යටතේ කමිටුවක් හැදෙන්න තිබුණ. අරගලය සම්බන්ධ නඩු පිළිබඳව සියලු තොරතුරු එකතු කරගන්න තිබුණ. නිශ්චිත විසදුමක් ලැබෙනකන් නඩු ටික ෆලෝ කරන එක, පක්ෂයේ උන්ට විතරක් නැතුව අනිත් උන්ටත් එක්ක ලෝයර්ස්ල ලබා දෙන එක වගේ දේවල් ඒ කමිටුවක් හරහාම කරන්න තිබුණ. පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ල ඒක තුනෙන් දෙකෙන් සම්මත කරල අරගලකරුවන්ව නිදොස් කොට නිදහස් කරන්න තිබුණ.


ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.