News Category
From Date
To Date
Maximum Number of Result

අමෙරිකා එක්සත් ජනපදය විසින් පැහැර ගන්නා ලද වෙනිසියුලාවේ ජනාධිපති නිකලස් මදුරෝ වෙනුවෙන් නේපාල කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයකු විසින් රචනා කරන ලද සුවිශේෂී ගීතය පහළින් නරඹන්න..

ෂිසැන්ග් යැයි කිවූ විට සිංහල බස හසුරුවන පාඨකයාට නුහුරු නමුදු ටිබෙටය යනුවෙන් හැඳින්වූ විට අපට සමීපතාවයක් දැනෙන්නේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ කවිවලින් අපට ජාත්‍යාලය ඔද වඩවා ගැනීමට හැකිවූ නිසාය. කෙසේ වුවද මහජන චීන ජනරජයේ ස්වයං පාලිත පළාතක් ලෙස ටිබෙටය හෙවත් ෂිසැන්ග් පළාත චීන විප්ලවය සිදුවූ දා පටන් අද දක්වා පවතී.

නව වසර උදාවත් සමඟම “විප්ලවීය” කැබිනට් තීරණ දෙකක් එළිදක්වා ඇත. හයේ පොතේ අසභ්‍ය වෙබ් අඩවිය, අහිංසකාවියකට අපහාසකිරීම, මිහින්තලේ වනචාරියා කවුරුන්දැයි සෙවීම වැනි මහා මාතෘකා මධ්‍යයේ 05.01.2026 දින කැබිනට් තීරණ දැණුම්දීමේ පත්‍රිකාවේ අංක 04 වෙනි හා අංක 05 වෙනි තීරණ කිසිවෙකුගේ අවධානයට යොමු නොවීය. එසේ අවධානයට යොමුවූවත්, ඒවායේ අන්තර්ගතයේ බැරෑරුම්කම අවබෝධකර ගැනීම සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිලිබඳ යම් දැනුමක් නැතිව අපහසුය. දැන් සිදුවෙමින් පවතින සිදුවීම් දෙස බලනවිට මේ තීරණ ඒ කැබිනට් පත්‍රිකාවට ඇතුළුකල අය පවා එහි බැරෑරුම්කම වටහා ගෙන නොතිබියේ නම් පුදුමයක් නොවේ. මේ ලිපියෙන් පසු සිදුවීමට ඉඩ ඇත්තේ මේ තීරණය කැබිනට් පත්‍රිකාවට ඇතුළුකලේ කවුරුන්දැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, රහස් පොලීසියට පැමිණිල්ලක් කිරීමයි.

මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන වීඩියෝවක් පළ කළ ගුරුවරයා ඒ වීඩියෝවේම තව අපූරු කතාවක් කියනවා.

මා අමෙරිකාවට ගියේ 1999 ජනවාරි මාසයේදී ය. 2014 දී මහනුවර අස්ගිරි මහා විහාරයේදීත් කොළඹ අරලියගහ මන්දිරයේදීත් වේයන්ගොඩ උදම්මිට ශ්‍රී සුමනාරාමයේදීත් පැවැත්වුනු උත්සවවලින් අනතුරුව කැනේඩියානු තානාපති කාර්‍යාලයෙන් ශ(ර්)ලි වයිටින් තානාපතිතුමියගෙන් සහ අමෙරිකානු තානාපති කාර්‍යාලයෙන් මිශෙල් සසූන් තානාපතිතුමියගෙන් උපහාර සඳහා ආරාධනා ලැබිණ. ඒ මා ඒ රටවල් දෙකට කළ ඇති සේවය ඇගයීම පිණිසය. උපහාර ආරාධනා මත ගිය මට අමෙරිකානු තානාපති කාර්‍යාලයයේ ගේට්ටුව අසලදී සිදුවූ රසවත් දෙයක් ගැන ලියන්නට සිතුනි.

​මෙම පොත ලියා ඇත්තේ වසර 57 කට පෙරය. නමුත් එය අද ලියන ලද්දක් සේ හැඟේ.

අප කඹුරුපිටියේ ඊලියන් නානායක්කාර නමැති දේශපාලනඥයා පිළිබඳව අසා තිබුණි. දේශපාලනයට පිවිසීමට පෙර මාතර උසාවි වල නීතිඥ වෘත්තියේ යෙදී සිටි ඊලියන් මහානාග නානායක්කාර මහතා මෙලොව එළිය දුටුවේ 1922 සැප්තැම්බර් 18 වැනි දිනය. ඒ ගිරුවා පත්තුවේ නාකුළුගමුවේදීය. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ සිය ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඔහුට දෙවැනි ලෝක මහා සංග්‍රාමය පටන් ගැනීම නිසා දෙටු පෙළ විභාගයට පෙනී සිටීමට ඔන්න මෙන්න කියා තිබියදී කොළඹට බෝම්බ දමයි යන බියෙන් ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඔහු ඉවත් කර ගැනිණි.

මේ තමයි, 6 ශ්‍රේනියෙ ඉඳලා ඉහළට පාසල් වල විභාග ඔක්කොම නැති කරලා, දරුවන්ට ක්‍රමවත් විභාග නැතුව ලකුණු දෙන්න හදපු Module system එකේ ලකුණු වගුව.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කතාකරපු මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම බැලුවා.


ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.