News Category
From Date
To Date
Maximum Number of Result

දරුවන් තරුණ පිරිමි සහ කාන්තාවන් දුපතකට ගෙන යන අයුරු සිතන්න. ඔවුන්ව සමුහ දුෂණය කිරීමට පැමිණෙන ජනාධිපතිවරුන් සහ බිලියනපතියන් ගැන සිතන්න. අත දරුවන්ට දස වද දී වධයෙන් වේදනාවට පත්වන විට ඔවුන්ගේ ශරීරයේ ඇතිවන Adrenochrome නමැති හොමොනයෙන් තරුණ බව ඇතිවෙයි සිතා එම දරුවන්ගේ රුධිරය පානය කරන ආගමික කල්ලියක් ගැන සිතන්න. පසුව එම දරුවන්ගේ සිරුරු ඉරා කැබලිවලට කපමින් මිනී මස් කන ජනාධිපතිවරුන් සහ බිලියන පතියන් ගැන සිතන්න. මේ බිහිසුණු චිත්‍රපටයක් නොවේ.

මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම විල්පත්තුවේ ඉන්න "කැලෑ පූසා" (Jungle Cat) ගැන ලොකු කතාවක් යනවා නේද? සාමාන්‍යයෙන් හරිම ලැජ්ජාශීලී සහ මිනිස් ඇසට හසුනොවී රහසිගතව ජීවත් වෙන්න කැමති සතෙක් වුණත්, මේ දවස්වල විල්පත්තුවේ ඉන්න මේ කැලෑ පූසා නම් සෆාරි යන වාහන ලඟටම ඇවිත් හරිම අපූරු විදිහට "Pose" කරන්න පවා පුරුදු වෙලා ඉන්නවා. වනජීවී ලෝලීන් හැමෝම මේ දුර්ලභ දසුන කැමරා කාචයේ සටහන් කරගන්න දැන් විල්පත්තුවට පොරකන්නේ ඒ නිසයි.

රුවන්ඩා "සමූලඝාතනය" කරපු දවස් 104 ක කාලයේ (1994 අප්‍රේල් 7 - ජුලී 19 කාලයේ) ටුට්සි (Tutsi) හමුදා මෙහෙයෙව්වේ පෝල් කගාමේ. ඒ සංහාරය කෙරෙන කාලයේ දී, මේ හමුදා නායකයා "අති දක්ෂ අණදෙන්නෙක්" (a brilliant commander) කියලා ඇමෙරිකාවේ හමුදා ලොක්කන්ගේ ඇගැයීමට ලක්වුණා.

ජපානයේ පාසල් දරුවන් ලෝකයේ නිරෝගීම දරුවන් වුණේ ඉබේ නෙවෙයි. 1954 සිට ක්‍රියාත්මක වන "පාසල් දිවා ආහාර පනත" (School Lunch Act) නිසා. මේ ක්‍රමවේදය නිකම්ම බත් කටක් කවනවාට වඩා එහා ගිය ලොකු විද්‍යාවක්.

ලෝක ඉතිහාසයේ විවිධ ඔත්තු සේවා ගැන අපි අහලා තියෙනවා CIA, MI6, මොසාඩ් වගේම සෝවියට් දේශයේ KGB ගැනත් අපි දන්නවා. හැබැයි මේ හැමෝම හොල්මන් කරපු, ලෝකයේ දරුණුතම සහ කපටිම බුද්ධි මෙහෙයුමක් ගැන ඔබ අහලා තියෙනවද? ඒ තමයි සෝවියට් රුසියාවේ මුල් යුගයේ ක්‍රියාත්මක වුණු Cheka බුද්දි අංශය විසින් දියත් කල Operation Trust මෙහෙයුම, (Cheka 1917–1922 - විප්ලවයෙන් පස්සේ මුලින්ම හැදුණු බුද්දි අංශය)

හම්බන්තොට චීන පිරිපහදුව ඉදිකිරීමට පැමිණි කණ්ඩායම ඊට අදාළ වැඩකටයුතු අත්හිටුවා නැවත චීනය බලා පිටව ගොස් ඇති බව 'මව්රට' පුවත්පත විසින් වාර්තා කර ඇත.

ආගමක් ධර්මයක් දන්නේ නැති ජවිපෙ සෙට් එකත් බෞද්ධ විරෝධී “නිරාගමික” ලිබ්බෝ සෙට් එකත් රුවන්ඩාවේ පෝල් කගාමේට පුදුමාකාර විදිහට ලව් කරනවා. පෝල් කගාමේ පල්ලි සහ දේවස්ථාන 6,000 ක් වැහුවා කියන “ප්‍රවෘත්තිය” උඩ දාගෙන ප්‍රචාරය කළෙත් මේ කට්ටිය ම තමයි. මේ කාරණයට අදාළ ඇත්ත කතාව කියන්න කලින් අපි පසුබිම් විස්තර ටිකක් හොයලා බලමු.

අවසන් සටනේ වගේම ඉන්පෙරත් යුදබිමේ සුරුවිරුකම් පෑ මෙතුමා ගජබා රෙජිමේන්තුවෙන් බිගිවූ දක්ශ රනකාමියෙක් වගේම පහල නිලයන් අතර අතිශයින්ම ජනප්‍රිය ජේෂ්ඨ හමුදා නිලදාරියෙක්.

සිල්ලර වෙළෙඳාම ඒකාධිකාරයකට ගොස් ඇති බවත්, සුපර් මාර්කට් බහුල වශයෙන් ව්‍යාප්තවීමත් සමග දැවැන්ත ප්‍රශ්න ගණනාවක් ඇති වී තිබෙන බවත් විද්වත් සංවාදයකදී අනාවරණය කරයි.


ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.