News Category
From Date
To Date
Maximum Number of Result

විජිත් සිල්වා හෙළිකරන 71 කැරැල්ලේ කතාවක්..

Apr 10, 2026 at 03:53 PM
|

විජිත් මහානාද සිල්වා 1971  කැරැල්ලට සම්බන්ධ වෙන විට වයස අවුරුදු 15 යි. ඔහුගේ පියා ටී. ඩී. සිල්වා. ඔහු 71 කැරැල්ලේ මහ නඩුවේ 12 වැනි සැකකරු. ටී. ඩී. සිල්වාගේ දියණිය ධම්මිකා සිල්වාත් 1971 කැරැල්ලට සහභාගිවීම නිසා අත්අඩංගුවට පත්වෙනවා. ලොකු අතුල නොහොත් අතුල නිමලසිරි ජයසිංහ 71 කැරැල්ලේ මහ නඩුවේ 6 වන සැකකරු. ඔහු පසුව විවාහ වන්නේ  ධම්මිකා සිල්වා සමඟ. විජිත් සිල්වා සිය සොහොයුරිය ධම්මිකා සිල්වා සමඟ කෑගල්ලේ බලපත්තාවේදී සටනට එකතුවෙනවා. ධම්මිකා 1971 ජූනි 07 දින කුරුණෑගල ගලිගමුවේදී (ලොකු අතුල) අතුල නිමලසිරි ජයසිංහ සමගින් හමුදා අත්අඩංගුවට පත්වෙනවා. ඒ විල්පත්තු කැලයට පසුබසිමින් සිටින විට.

විජිත් සිල්වා හමුදා අත්අඩංගුවට පත්වන්නේ 1971 මැයි 06 දින අලව්ව දුම්රිය ස්ථානය අසලදීයි. පියා ටී. ඩී. සිල්වා  පුතු හමුදා අත්අඩංගුවට පත්වීමෙන් පසු අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේ සැඟවී සිට අනතුරුව 1971 මැයි 16 දින කොළඹ දිසාපතිට භාරවී  රජයේ සාක්කිකාරයෙක් වෙනවා. ඔහුට මහ නඩුවෙන් අත්හිටවූ සිරදඬුවම් හිමිවනවා. 1971 ජූනි 07 දින ගලිගමුවේදී ලොකු අතුල සමඟින්  අත්අඩංගුවට පත්වන ධම්මිකා සිල්වා පසුව නිදහස් වෙනවා.

ලොකු අතුල ජනතා විමුක්ති පෙරමුණේ ආයුධ අංශය භාරව සිටි ප්‍රධානියා. ඔහු සාමාජිකයන්ට ආයුධ පුහුණුව ලබා දුන් අයෙක්. මහ නඩුවෙන් වසර 5 1/2 ක සිරදඬුවමක් විඳීමෙන් අනතුරුව ඔහු 1975 නිදහස් වනවා. එඬේරමුල්ල ටී. ඩී. සිල්වාගේ නිවෙස නිතර රෝහණ විජේවීර ආගිය තැනක්. අදද එම නිවසෙහි රෝහණ විජේවීර නවාතැන් ගත් කාමරය, ඔහු නිදාගත් ඇඳ සුරක්ෂිතව තිබෙනවා. රෝහණ විජේවීර නවාතැන් ගත් දිනවල විජිත සිල්වා ඔහුගේ ආරක්ෂකයකු ලෙස ඇඳ පාමුල නිදාගනිමින් ඔහුට ආරක්ෂාව සැපයුවා. විජේවීර සමඟ ඔහු දුම්රියෙන් රැස්වීම්වලට ආරක්ෂකයකු ලෙස ගියා. ඔහු විවාහ වන්නේද 1971 කැරැල්ලේ සැකකරුවකු වන එකල ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනියා වූ සනත්ගේ දියණිය සමඟ. ජනතා විමුක්ති පෙරමුණ නම ලියාපදිංචි කරන්නේත් පාසල් ගුරුවරයකු වූ සනත් විසින්.

1970 මැයි 12 විජේවීර හම්බන්තොට දී අත්අඩංගුවට පත්වී බදුල්ල බන්ධනාගාරයේ රඳවා නුවරඑළිය අධිකරණයේ නඩුව විභාගයට ගන්නා විට විජිත සිල්වා දුම්රියෙන් සගයන් සමඟ නානුඔයට ගොස් සැතපුම් 5 ක් පයින් නුවරඑළිය අධිකරණයට ගියා. නැවතත් 1971 මාර්තු 13 රෝහණ විජේවීර අත්අඩංගුවට පත්වී යාපනයේ සිරගෙදර රඳවා තිබියදී 1971 අප්‍රේල් 05 දින මහ කැරැල්ල අවස්ථාවේ විජේවීර බේරාගැනීමට 500 ක් පිරිසක් කොළඹ සිට යන්නේ විජිත සිල්වාගේ මවගේ නමින් කලින් වෙන්කරවා ගත් ඊබට් සිල්වා බස් මඟින්.

බාලාංශ පන්තියේ සිට කොළඹ රාජකීය විදුහලේ අධ්‍යාපනය ලැබූ විජිත් ද සිල්වා කැරැල්ලට සම්බන්ධ වන විට අ. පො. ස. සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන සිසුවෙක්. අත්අඩංගුවේ සිටිමින් 1971 දෙසැම්බර් සා. පෙළ විභාගයට බෝගම්බර සිරගෙදර දී ලියා ඩී. සාමාර්ථ 4 ක් හා සී සාමාර්ථ 4 ක් සමඟින් විශිෂ්ට ලෙස සමත් වෙනවා. නිදහස්වීමෙන් පසු 1974 උසස් පෙළ සමත්ව 1975 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා පිළිබඳ උපාධිය 1978 සමත්ව වික්ටෝරියා ව්‍යාපෘතියට ද පසුව 1979 කඩුගන්නාව වටරවුම් පාර හදන ව්‍යාපෘතියට ද එක්වෙනවා. ඔහු ඒ පිළිබඳ කියන්නේ මෙසේය.

තාත්තා 1967 ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙනවා, ඩබ්ලිව්. කරුණාරත්න මාර්ගයෙන්. ඩබ්ලිව්. කරුණාරත්න වැඩ කළේ ආදායම් දෙපාර්තමේන්තුවේ. විජේවීර සමඟ 1965 ජවිපෙ ආරම්භ කරපු සාමාජිකයෙක්. ඔහු සිටියේ හැඳල ඇටම්පොළවත්ත පාරේ. මගේ පියා ලේක්හවුස් ආයතනයේ ලයිනෝ මැෂින් ක්‍රියාකරවන්නෙක් විදියට වසර 20 කට ආසන්නව වැඩ කළා. බාලතම්පෝගේ වෙළෙඳ සේවා සංගමයේ ලේක්හවුස් ශාඛාවේ ලේකම් තාත්තා. ඔහු ජවිපෙ 71 මහ නඩුවේ 12 වන විත්තිකරු වුණා. රෝහණ විජේවීර  ජවිපෙ වෘත්තීය සමිති අංශය භාර දී තිබුණේ අපේ තාත්තාට. 

ඒ කාලේ තාත්තා එඬේරමුල්ලේ රජයේ ඉඩමක් 99 අවුරුදු බද්දට අරන් ගොවිපොළක් කළා. එය දෙවන ලෝක යුද්ධ කාලේ නාවික හමුදා කඳවුරක්. විජේවීර ගොවිපොළටත්, අපේ එ‍ඬේරමුල්ල නිවෙසටත් පැමිණ පන්ති දේශන පැවැත්වූවා. ඩබ්ලිව්. කරුණාරත්නත්, මගේ තාත්තත් විජේවීරත් බාලතම්පෝ ව්‍යාපාරයට ගැනීමට කතා කළා. බාලතම්පෝ සම්බන්ධ වුණේ නැහැ. නමුත් නඩුවදී විජේවීර පැත්තට කතා කළා.

අපේ පවුලේ ඔක්කොම හයදෙනෙක්. මමයි, මල්ලියි, අක්කලා දෙන්නයි, නංගිලා දෙන්නයි. 1971 වන විට විජේවීරගේ ආභාශය අපේ ගෙදර සැමට ලැබුණා. ඒ කාලේ ලොකු අතුලත් ආවා. අපේ ධම්මිකා අක්කාත් එක්ක ඔහු ආදර සම්බන්ධයක් ගොඩනඟාගෙන තිබුණා. 1971 අප්‍රේල් 10 දා කැරැල්ලෙන් පසු අපේ එඬේරමුල්ල ගෙදර පොලිසියෙන් ගිනි තියලා ගේ විනාශ කළා. ඒ වන විට මම හිටියේ කොට්ටාවේ නෑ ගෙදරක. ගෙදර අනිත් අයත් විවිධ තැන්වල සැඟවිලා සිටියේ. තාත්තා සොයා හමුදාව, පොලිසිය මුළු එඬේරමුල්ලම පීරුවා.

ලොකු අතුල හිටියේ කෑගල්ලේ බලපත්තාවෙ. ඔහු බලපත්තාවේ සිට ගෑනු ළමයෙක් එවලා තිබුණා දෙමටගොඩට අපිව බලපත්තාවට එක්ක යන්න. මමත්, ධම්මිකා අක්කාත් බලපත්තාවට ගිහින් ඔවුන් සමඟ එකතු වුණා. මට එතකොට වයස 15 යි. අක්කාට අවුරුදු 18 විතර ඇති. බලපත්තාවේ පාසලේ තමයි කඳවුර තිබුණේ. ඒ ආපු අය එක්ක ලොකු අතුලගේ නංගිත් ගියා. එතකොට ඉස්කෝල අප්‍රේල් නිවාඩුව. අපේ කට්ටිය 150 ක් විතර හිටිය. ඔවුන් අප්‍රේල් 4 වන විට එම කඳවුරට ඇවිත් තිබුණ අය. ඒ කට්ටිය තමයි වරකපොළ පොලිසියට ගහල අල්ලලා ආයුධ අරන් ආවේ. අතුලගේ නංගි පියසීලි, අපේ අක්කාත්, තව ගෑනු ළමයි කිහිපදෙනෙක් ඒ කඳවුරේ හිටියා. අපි හිටි බලපත්තාව ඉස්කෝලෙට ආමි එකෙන් වටකරලා මෝටාර් එවන්න ගත්තා. අපි එතනින් පසුබැහැලා නෙළුම්දෙණිය හක්බොලි කන්දට එනකොට අප්‍රේල් 26 විතර ඇති. ඊට පස්සේ මාබෙල් කන්දට ගියා. මමයි, කොල්ලෙකුයි නනා ඉන්නකොට ආමි එකෙන් වෙඩි තිබ්බා. එතකොට වරකොපොළ පොලිසියෙන් එස්. එම්. ජී. 2 ක්, ෂොට් ගන්, රයිෆල් අපේ ළග තිබුණා. අපි හිටියේ ගමේදී අපට කන්න පාන් හොයන්න පඹදෙණිය ගමට ගියා. පඹදෙණිය ගමේ මිනිස්සු අපට ගැහුවා. අපි හිටිය කන්දට එහා කන්දේ අපට මිස්වෙච්ච අපේ කට්ටියක් ඉඳලා තියනවා. ගමේ අය ඒ දෙන්නෙක් අල්ලලා ග්‍රාම සේවකලයි ගෙදර ගස් බැඳලා. මේ සිද්ධිය අපි හිටි කන්දට ආරංචි වුණා. අපි ග්‍රාම සේවකටයි, තව දෙන්නකුටයි වෙඩි තියලා ග්‍රාම සේවකගේ ගෙට ගිනි තියලා අර කට්ටිය බේරගෙන ආවා. එතකොට මැයි 3, 4 වෙලා. අපිව හැමතැනම හොයනවා ආමි එකෙන්, පොලිසියෙන්. එතකොට මට ලොකු අතුල කීවා ගාල්ලට පණිවුඩයක් යවන්න කියලා. මම පොඩි කොට කලිසමකුත් ඇඳගෙන පාරට ආව. එන අතරතුරේ ගමේ අය මම ඇල්ලුව. මම කීවා මම නැන්දලයි ගෙදර ගිහින් එනකොට නිවාඩුවට මාව අල්ලා ගත්තා, මගෙන් චේ ගුවරාකාරයෝ වැඩ ගත්තා. කන්න දෙන්නෙත් නෑ. මම මේ පැනලා යනවා කියලා. එතකොට ගමේ මිනිස්සු මට කන්න, බොන්න දීලා පුතා කොළඹ යන්න අලව්ව ස්ටේෂමට ගියොත් මට කොළඹ කෝච්චියේ යන්න හැකි කියලා කීවා. අලව්ව ස්ටේෂමට ආවා. එතකොට එතන හිටියා ආමි එකේ වැඩ කරන නිවාඩුවට ගමේ ඇවිත් ආපහු කොළඹ යන්න ස්ටේෂමට ආපු කෙනෙක්. එයා මගෙන් විස්තර අහලා පුතා ඔයාට ආමි ජීප් එකෙන්ම ගෙදර යා හැකියි කියලා අලව්ව ස්ටේෂමේ බඩු බාන කෑල්ලේ ආමි කෑම්ප් එකට භාර දුන්නා. මම ඒ අයටත් බොරු කිය කියා හිටියා. දවල් 12.30 විතර එතෙන්ට ගෙනාවා කෙල්ලකුයි, මල්ලිලා දෙන්නකුයි. මල්ලිලා දෙන්නා තුල්හිරිය රෙදි මෝලේ ආමි කෑම්ප් එකට යැව්වා. ගෑනු ළමයා ඒ අය තියාගත්තා. ලස්සන ගෑනු ළමයෙක්. එතන ආමි එකේ අය 12 දෙනෙක් ඒ හැම කෙනෙක්ම ඉතා අමානුෂික විදියට එදා මා ඉදිරිපිටදීම ඒ ළමයව දූෂණය කළා. එතකොට මගේ අත් බැඳලා ලෑලි පෙට්ටියක් උඩ වාඩිකරවලා හිටියේ. ඒ ළමයට නැගිට ගන්නවත් බෑ. එදා හවස ඒ කඳවුරට ආවා කර්නල් හේවාගම කියලා කෙනෙක්. ඔහු නීතිඥයෙක්. හමුදාවේ විනිසුරුවරයෙක්. වෙන කඳවුරු බලන්න යන ගමන් මේ කඳවුරට අහම්බෙන් ඇවිත් එයා මාව දැකලා උඩ ගියා. එයා මාත් එක්ක එකට කොළඹ රාජකීය විදුහලේ හොඳම යාළුවෙකුගේ බාප්පා. ආමි එකේ අයට ඉංග්‍රීසි බැහැ. මට  පුළුවන්. මට රහසින් කීවා මම හඳුනන බව කියන්න එපා, මම උඹව බලාගන්නම් කියලා. එයා එදා කඳවුර භාරව හිටි කැප්ටන් සිසිල් වෛද්‍යරත්න හමුවෙලා ආමි අය පරීක්ෂා කරලා, අපෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. මගෙන් ඉංග්‍රීසියෙන් විස්තර ඇහුවා. මෙතනට ගෑනු ළමයෙක් ගෙනාවා මේ අය ඒ ගෑනු ළමයාට මෙහෙම කැත වැඩක් කළා කියලා. මට තේරෙන භාෂාවෙන් කර්නල් හේවාගමට තේරුම් කරලා දුන්නා. කර්නල්ට හොඳටම කේන්ති ගියා. එයා එකපාරටම 'සිසිල් කමින්' කීවා. මේ අය නැවත පෝලිම් කරන්න කීවා. අර ගෑනු ළමයා පුටුවක වාඩිකරලා ගෙනාවා. ආමි එකේ අයගෙන් ඇහුවා මේ ගෑනු ළමයට උඹලා මොකද කළේ කියලා. එතකොට ආමි එකේ අය ඔහේ බලා ඉන්නවා. කතා කරපල්ලා, මොනවද වුණේ කියලා කියපල්ලා කියලා ඔහු කීවා. ඔහු එම 12 දෙනාටම පහර දෙන්න පටන් ගත්තා. පැය 1/2 විතර පස්සේ ආයිත් පෝලින් කරා. උඹලට මම මේ දුන්නේ පළමු පනිෂ්මන්ට් එක. ඊළඟට පනිෂ්මන්ට් එකේදී උඹලව මරලා මරලා දානවා කියලා කීවා. එතකොට ඒ අතර හිටි කෙනෙක් කියන්න ගත්තා, සර් අපි ගෙවල්වල යන්නේ නැතුව මෙහේම ඉඳලා මේ ළමයා ආවම අපිට හැඟීම් ඇතිවුණා කියලා කීවා. මිනිහා හොඳටම බැනලා 'යකෝ, ඒ මිනිස්සු කරන්නෙත් රට වෙනුවෙන්. උඹලා වැඩ කරන්නෙත් රට වෙනුවෙන්. බලුකම් කරන්න නෙවෙයි ඇවිල්ලා තියෙන්නේ කියලා අපිට ඔහුගේ ගෙදරදී හොඳට සැලකුවා. අර ළමයාට හොඳට සලකලා ඉන්නකොට ඊට පහුවෙනිදා කොළඹ හමුදා මූලස්ථානයෙන් ඔහුට දුරකතන ඇමතුමක් ආවා. අලව්ව කෑම්ප් එකෙන් දන්වල මෙහෙම දෙන්නෙක් ඔහු කොළඹ රැගෙන ආ බවට හමුදා මූලස්ථානයට දන්වලා. හමුදා මූලස්ථානයෙන් ඔහුගෙන් විමසලා දෙන්නෙක් ගෙනාවද කියලා. එතකොට ඔහු කීවා දෙන්නම මගේ ළඟ ඉන්නේ. මම අද ඉදිරිපත් කරන්න ඉන්නේ කියලා.

ඔහු මගේ ළඟට ඇවිත් කීවා පුතා කරන්න දෙයක් නෑ හමුදා මූලස්ථානයෙන් ඔයාලා ගැන අහනවා එහාට යන්න වෙනාව කියලා. නැත්නම් අපි ගෙදර යවන්න ඔහු හදලා තියෙන්නේ. අර ළමයා කාන්තා රැඳවියන් ඉන්න එකට භාරදුන්නා. මාව නිදහස් කරන්න ඔහු කටයුතු කළා. මම බොරු ඇඩ්‍රස් එකක් හමුදාවට දීලා තිබුණේ බොරැල්ලේ. මාව කැප්ටන් කෙනෙක්ට භාරදුන්න ගෙදරට ගිහින් අරලවන්න කියලා. මාව ජීප් එකෙන් දාගෙන බොරැල්ල වටේ රවුම් ගැහුවා. එහෙම ලිපිනයක් නෑ. මාව ගෙදරට ගිහින් භාරදෙන්න මගෙන් ඇහුවා හරි තැන කොහේද කියලා ගෙදර. මම කීවා බොරැල්ලේ නෙවෙයි මගේ ගෙදර එ‍ඬේරමුල්ලේ ගෙදරට ආවා. එතකොට ගෙදර කවුරුවත් නෑ. ගෙදර ගිනි තියලා පොලිසියෙන්. ඊට පස්සේ අහළ පහළ ගෙවල්වලින් විස්තර විමසුවා. ඔවුන් එය කීවා මේ ගේ තමයි ජවිපෙ මූලස්ථානය විදියට තිබුණේ කියලා. ආපහු මාව ජීප් එකේ දාගත්තා. හමුදා මූලස්ථානය වෙත රැගෙන ගියා. ඔවුන් මගෙන් ප්‍රශ්න කරන්න පටන් ගත්තා. උඹ චේ ගුවරාගේ මෙච්චර වෙලා අපට බොරු කිය කියා නේද හිටියේ කියලා මගෙන් ප්‍රශ්න කරන්න ගත්තා. මගෙන් ඇහුව උඹට ආයුධ මොනවද පුළුවන් කියලා. SMG, LMG ඔයාලගෙ තියන ආයුධ හැම වර්ගයක්ම මට පුළුවන් කීවා. එතකොට අපි හැම ආයුධයක්ම ජවිපෙ කඳවුරුවලදී හොඳට පුහුණුව ලබලා තිබුණේ. ආමි එකේ ළඟ තිබුණු තුවක්කු මට දුන්නා ක්‍රියාකර පෙන්වන්න කියලා. මම එවිට පතුරම්‍ ලෝඩ් කරලා වෙඩි තියන හැටි එයාලට පෙන්නුවා. සේපාල ආටිගල තමයි හමුදාවේ ප්‍රධානියා හිටියේ. මාව ඔහු ළඟට එක්ක ගියා.

ඔහු සැරට කතා කරලා ඇහුවා තමුන්ගේ නම මොකක්ද කියලා.

මම විජිත් සිල්වා කියලා කීවා.

තමුසේ ඉස්කෝලෙ ළමයෙක් නේද ඇහුවා.

ඔව් කීවා.

තමුසේ මොන ඉස්කෝලෙ ද ඉගෙන ගන්නේ කියලා ඇහුවා

මම කීවා රෝයල් කොලේජි කියලා.

එයා එකපාරටම උඩ ගියා.

ඔයා රෝයලිස් කියලා ඇහුවා.

මම යර්ස් කියලා කීවා.

ඉන්පසු ඔහු මාත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරන්න ගත්තා. මට මේගොල්ලො කීවා උඹට හොඳට ආයුධ පුළුවන් කියලා පෙන්නුව කියලා. මටත් පෙන්නන්න කීවා ඔක්කොම ආයුධ ක්‍රියාකරවන හැටි. මම එයාටත් ආයුධ ක්‍රියාකරවලා පෙන්නුවා. මට තේ එකකුත් ගෙනත් දීලා මාව කැප්ටන් රණවන ළඟට එව්වා. ඔහු මාව ජීප් එකේ දාගෙන එක්ක ගියා. යන තැන කිව්වේ නෑ. කෙලින්ම මාව ගෙනාවේ අරලියගහ මැදුරට. සේපාල ආටිගලත් එතනට ඇවිත් හිටියා. එතන ටාගට් ඔක්කොම හදලා තිබුණා. එතන තුවක්කු වර්ග තුනම කෑලි ගලවල බිම දාල තිබුණා. එයා මට කීවා මේ තුවක්කු ඔක්කොම හරියට සෙට් කරලා අපට වෙඩි තියන්න කියලා පෙන්වන්න කියලා. හා කියලා මම කීවා. එහෙනම් පොඩ්ඩක් ඉන්නකෝ මං පටන් ගන්න කීවම පටන් ගත්තා. සේපාල ආටිගල මට කීවා. හරි වැඩේ පටන් ගන්න කීව ගමන් මම තුවක්කු කෑලි එකට සවිකරලා ඉලක්කයට වෙඩි තියලා පෙන්නුවා. ඒ විදියට එතන තිබුණ තුවක්කු වර්ග තුනම එකළස් කරමින් වෙඩි තියලා පෙන්නුවා. ඒක ඉවර වුණාමයි දන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි, පීලික්ස් ඩයස් බණ්ඩාරනායකයි අරලියගහ මැදුරේ උඩ තට්ටුවේ ඉඳන් මාව වෙඩි තියනවා බලන් ඉඳලා. ඔවුන් මාව අරලිගහ මැදුරේ උඩට එක්ක ආවා. එතන සිරිමාවෝ මැතිනිය හා පීලික්ස් ඩයස් බණ්ඩාරනායක, කුසලා අබේගුණවර්ධන එතන හිටියා. මැතිනිය මට කතා කරා.

ඔය ළමයට හොඳට වෙඩි තියන්න පුළුවන්නේ

පුළුවන් මැඩම් කීවා.

ඔයා ඉස්කෝලේ යනවද?

ඔව් මැඩම්.

මොන ඉස්කෝලෙටද යන්නේ?

මම කීවා රෝයල් කියලා.

ආ ඔයා රෝයලිස්

ඔව් මැඩම්.

මැතිනිය හොඳට කතා කළා. ඊට පස්සේ පීලික්ස් බණ්ඩාරනායක කතා කරා මා එක්ක. අපේ මිනිස්සු පොලිසියට ගහලා විප්ලව කරාට තමුන්නාන්සේලාගේ මිනිස්සු 1964 මොනවද කළේ කියලා ඇහුවා. 1964 කුමන්ත්‍රණයට පීලික්ස් ඩයස් සම්බන්ධයිනේ. එතන හිටි අය ඔක්කොම හිනාවෙන්න ගත්ත. එතන හිටි හමුදා ලොක්කෝ ඇහුව උඹ ලොකු වුණාම මොනවද කරන්නේ? මොන හමුදාවට එකතුවන්නේ කියලා. මම කිසිම හමුදාවකට එක්වෙන්නේ නෑ කීවා. පොලිස්පති ඇහුව මම පොලිසියට එකතු වෙනවාද කියලා. එතකොට මම කීවා නැහැ කියලා. මැතිනිය මට එදා කෑම වේලකුත් දුන්නා. හමුදාවෙන් මාව ආපහු සී. අයි. ඩී. එකට භාරදුන්නා. සී. අයි. ඩී. එකෙන් දවස් දෙකක් මාව ප්‍රශ්න කරලා නිදහස් කළා. ඒ වෙනකොට එඬේරමුල්ල නිවෙස ගිනි තියලා. අම්මලා හිටියේ වනාතමුල්ලේ බාප්පලාගේ ගෙදර. මාවත්, අක්කත් සී. අයි. ඩී. ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව නිදහස් කළ පසු එවකට කැලණිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආර්. එස්. පෙරේරා ප්‍රශ්නයක් අහලා තියනවා මගේ නම සඳහන් කරමින් මොවුන් නිදහස් කළේ ඇයි කියලා. ඒ වන විට නිරන්තරයෙන් ජවිපෙ සැකකරුවන් රඳවා සිටි කඳවුරුවල ඇතුලේ ගැටුම් ඇතිවෙලා තියනවා පාර්ශ්ව දෙකකට බෙදී. මේ ගැටුම් ඇතිවීමට හේතුව නිදහස් කළ අය එළියේ සිට උසිගැන්වීමක් බවට පාර්ලිමේන්තුවේ කතා කිරීම නිසා නැවතත් සී. අයි. ඩී.යෙන් පැමිණ මාව අත්අඩංගුවට ගෙන රැගෙන යනවා. ආපහු දින 14 ක් සී. අයි. ඩී. එකේ තියන් ප්‍රශ්න කළා.

පසුව මාව රිමන්ඩ් කළා. හිරගෙවල් පාලනය කළේ ඒ කාලේ ආමි එකෙන්.කොල්ලෝ බන්ධනාගාර නියාමකයන්ට නිරන්තරයෙන් පහරදීම නිසා බන්ධනාගාර පාලනය කළේ හමුදාව. වැලිකඩ ටික කලක් ඉඳලා අක්කා වැලිකඩ කාන්තා අංශයේ රඳවලා පසුව මාව බදුල්ලට මාරු කළා. බදුල්ලෙන් අවුරුදු 16 පහළ අය රඳවා තියන කැප්පිටිපොළ කඳවුරට මාරු කළා. එතන ළමයින්ට උගන්වනවා, ක්‍රීඩා කරනවා. හැම පහසුකමක්ම තිබුණා. එතන හිටියා සෙන්ඩ් තෝමස් එකේ ඉගෙන ගත්ත මහේන්ද්‍ර පෙරේරා කියලා මගේ වයසේ ළමයෙකුත්. එතන භාර නිලධාරියාගේ ළමයි ඉගෙන ගත්තේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ. ඔවුන් අප සමඟ සවසට සෙල්ලම් කරන්න ආවා. 1971 දෙසැම්බර්වලදී මාව බෝගම්බරට එව්වා අ. පො. ස. සා. පෙළ ලියන්න. බෝගම්බර බන්ධනාගාරයේ සිට මම සා. පෙළ ලිව්වා. දරුණු සිරකරුවන් ඉන්න කාමර කෑල්ලකට දැම්මා. මට පාඩම් කරන්න හොඳම තැන එතන කියලා මම ඒ හිරමැදිරිවල ඉඳලා පාඩම් කරලා සා. පෙළ ලිව්වා. බෝගම්බර හිරගෙදර ඇතුළෙම තිබුණ විභාග ශාළාවේදී පැය 3 ප්‍රශ්න පත්‍රය මම පැය 1 1/2 ලියලා දීලා යනවා කාමරය වෙත. මගෙන් ලොක්කා අහනව පැය 3 පත්‍රයට පැය 1 1/2 ලියලා උඹට පාස්වෙන්න පුළුවන්ද කියලා. සර්, අපේ ඉස්කෝලේ අපට කියලා දීලා තියෙන්නේ නිශ්චිත උත්තරය ලියන්න විතරයි. වැල්වටාරම් කාලය අරන් ලියන්න ඕනෑ නෑ කියලා. මම ලියපු ප්‍රශ්න එයා බලලා තියනවා. එයා මට කීවා පුතා ඔයා ලියපු ක්‍රමය හරි. රිසල්ට් ආවම බලන්නකෝ කියලා කීවා.

මාව එතනින් අම්පාරට මාරු කළා. 

එක දවසක් පාන්දර කඳවුරේ සිටි ජවිපෙ සාමාජිකයන් පිරිසක් ඇවිත් අපට හොඳටම පහර දුන්නා. මගේ ඇහැක ආබාධයකුත් ඇතිවුණා. එම සිද්ධියෙන් පසු මට අම්පාර ඉස්පිරිතාලේ දවස් තුනක් ඉන්න වුණා. ආපසු මාව බෝගම්බරට මාරුකළා. දවසක් හවස රේඩියෝවේ කීවා සා. පෙළ ප්‍රතිඵල නිකුත් කළා කියලා. මම අම්මාට විදුලි පුවතවක් යැව්වා ඉස්කෝලෙට ගිහින් ප්‍රතිඵල බලලා මට දන්වලා එවන්න කියලා බෝගම්බර ඉඳලා විභාගය ලිව්වත් මම ඉස්කෝලේ අයදුම්කරුවකු ලෙසයි විභාගය ලිව්වේ. පහුවෙනිදා උදේ ගාඩ් කෙනෙක් ඇවිත් කීවා විජිත් ඔයාට ලොකු මහත්තයා එන්න කියනවා කියලා. මම ගිහින් බැලුවා මොකද කියලා. බැලින්නම් කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති හිරගෙදර ලොක්කා ළඟ. විදුහල්පතිතුමා මාව බදාගෙන ඇඬුවා. මොකද මම උඹව බලන්න ආවේ කියලා දන්නවද කියලා ඇහුවා. ලොකු දෙයක් සර් මාව බලන්න ආපු එක කියලා මම කීවා. මම ඔයාගේ ප්‍රතිඵල අරන් ආවේ කියලා මට රිසල්ට් ෂීට් එක පෙන්නුවා. මම ඩී සාමාර්ථ 4 යි, සී සමාර්ථ 4 ක් එක්ක පාස්වෙලා ඉස්කෝලේ ඉගෙනගත්තු ළමයි වැඩි හරියකගේ ප්‍රතිඵල මට වඩා අඩුයි. අර මුලදි මාත් එක්ක අලව්වෙන් කොළඹට අරං ආපු ගෑනු ළමයා පසුව නිදහස් වෙලා තවමත් කෑගල්ලේ ජීවත්වෙනවා. ඇය කසාද බැඳලා නෑ. මට කිහිපවිටක් හමුවුණා. ඇය තවමත් ලස්සනයි. මම හිරෙන් නිදහස් වෙලා ගෙදර ආවම අපට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අපි පෝලිමේ ඉඳලා තුල්හිරිය ටෙක්ස් එකේ කොළඹ, බම්බලපිටිය ප්‍රදර්ශනාගාරයෙන් දිනපතා රෙදි යාර 2 බැගින් අරන් වැඩි මිලට විකුණුවා. හැමදාම පෝලිමේ ඉඳලා රෙදි ගන්න විට බම්බලපිටිය තුල්ටෙක්ස් හි කළමනාකරුට අප ගැන සැක සිතී අපෙන් ප්‍රශ්න කළා. මම විස්තරය ඔහුට කීවා. ඔහුට දුක හිතී අපට ඕනෑ තරම් රෙදි ගන්න කීවා. පසුව අම්මා දුන් සල්ලිවලින් දිනපතා රෙදි පීස් පිටින් ගෙන පිටකොටුවට විකුණුවා රුපියලක්, 2 ක් ලාභයක් තියාගෙන. පසුව උසස් පෙළ ලියා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූවා.

නන්දික බැද්දේගම ලියයි...

(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)




සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.