News Category
From Date
To Date
Maximum Number of Result

සෞඛ්‍ය අමාත්‍යංශයෙ නිල වෙබ් අඩවියෙ උපත් පාලන පෙති වෙනුවට කොන්ඩම් භාවිතය ප්‍රවර්ධනය සදහා දැන්වීමක් දානවා.

මේ මියගිය නීතිඥවරයා තැබූ ෆේස්බුක් සටහනක්.

අරගල කාරයන් කියන අය අද මාධ්‍ය සාකජ්චාවක් තියලා කියපුවා බැලුවම මට හිතෙන්නේ අරගලයක් කියලා එකක් කරලා පාලකයා කියන අයට එරෙහිව වීදී බහිනවා කියන ඕනෑම රස්තියාදු කණ්ඩායමකට පාලකයා හෝ පාලකයාගේ හෙංචයියලා කියලා නිර්වචනය කර ගන්න අයට ගහන්න මරන්න අරගලයකදී තිබෙන පරම අයිතියක් වාගේය.

ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ආවා කියන අද දවසේ මොඩ චුන් වලින් ඩොලර් ආදායම් ලැබෙන්නේ නෑ.

අනුරගෙ යාපනය සහ නුවරඑළිය සංචාරයන් වලදි ජනතාව ඒකරාශී වීම ෆොටෝ ෂූට් එකක්, නාට්‍යයක් නොවේනම් එය රටක් විදිහට දකුණෙ ජනතාව ලැබූ ජයග්‍රහණයකි.

පසුගිය දිනවල කොළඹ නාලන්ද විද්‍යාලයේ සිදුවීමක් සම්බන්ධව මෙරට සමාජ මාධ්‍ය ඉතා පිළිකුල් සහගත ලෙස හැසිරෙන ආකාරයද අප දුටුවෙමු. මිනිසා තුළ ඇති ජාගර මානසිකත්වයේ තරම පෙන්වන ඒ හැසිරීම කිසිසේත්ම අනුමත කළ හැක්කක් නොවේ.

මාර්ටින් වික්‍රමසිංහ කිව්වම ඔබට වීරයෙක් මැවෙනවා නම් ඔබ සුන්දර මනුෂ්‍යයෙක්. ලංකා සාහිත්‍ය කෙතේ මහා පහන් සිල ඔහුයි. ඔහු ගැන ලිපියක් ලියන්න අපි හරිම පුංචි වැඩියි. නමුත් අද එතුමන් පිළිබඳ සටහනක් තැබීම අනිවාර්යෙන් කළ යුත්තක්. ඇත්තටම පොළොවෙන් උපන් සාහිත්‍යකරු ඔහුයි, කොක්ගල වෙරළේ ඇවිද ගිය ඔහු, මුහුදු රැල්ලෙන් පා තෙමූ ඔහු, සිප්පි කටුවෙන් විද්‍යාව දැනගත් ඔහු, අපට දුන් දේ බොහෝයි. සාහිත්‍යයේ ඉමටත් එහාට සුන්දරත්වය දුටු ඔහු ඒවා වචන කලේ විශ්ව කර්මයෙක් ලෙසයි.

මේ දිනවල කොළඹ ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ඉන්දියාවේ දෙවුණිමෝරි (Devnimori) සර්වඥ ධාතු ප්‍රදර්ශනය දෙස බැලූ විට ඇතිවන්නේ අමුතුම ආකාරයේ දෙගිඩියාවකි. එක් පැත්තකින් එය අතිශය ශ්‍රද්ධාවන්ත ආගමික කටයුත්තකි. නමුත් අනෙක් පැත්තෙන්, ලංකාවේ මෑතකාලීන දේශපාලන ඉතිහාසය සියුම්ව කියවන අයෙකුට මෙය හුදෙක් ආගමික කටයුත්තක් පමණක්මද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතු වේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ වරදට දොලොස් දෙනෙකුට අද මරණ දඬුවම හිමිවී තිබෙනවා. ගරු අධිකරණය ලබා දුන් තීන්දුව ඉතාම සාධාරණ සහ ඵෙතිහාසික තීන්දුවක්...


ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.