අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් ඕනෑ.. - ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින් එම කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවෙලගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.
2026 මැයි 26 වැනි දිනැතිව යොමු කර ඇති මෙම ලිපිය මගින් ඔවුන් පෙන්වා දෙන්නේ, අධ්‍යක්ෂ ජනරාල්වරයා කොමිෂන් සභාවේ නියෝග හා විධානයන්ට අනුකූලව කටයුතු කළ යුතු අතර, ඔහුගේ විනය බලධාරියා වන්නේ ද කොමිෂන් සභාවම බවයි.
අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව විශාල ගැටලුවක් පැන නැගී ඇති බවත්, ඔහු අත්තනෝමතික ලෙස පක්ෂග්‍රාහීව සිය රාජකාරී කටයුතු ඉටු කරන බවට පැමිණිලි රාශීයක් සමාජගත වී ඇති බවත්, ඔවුන් එම ලිපියෙහි සඳහන් කර තිබේ.
එබැවින් ඔහුට එරෙහිව පියවර ගැනීමට කොමිෂන් සභාවට පූර්ණ බලතල ඇති බව එම සංවිධානය අවධාරණය කරයි.
දූෂණ විරෝධී පනතේ 19 (2) (අ) හා (ඉ) වගන්ති අනුව කොමසාරිස් ජනරාල්වරයා යම් බරපතල විෂමාචාරයක් හෝ පනතේ ඔහු වෙත පැවරී ඇති බැඳීම ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් තවදුරටත් අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කටයුතු කළ නොහැකි බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
එසේම දැනට අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් කර ඇතැයි කියනු ලබන බලවත් විෂමාචාරයක් පිළිබඳව මියගිය කපිල චන්ද්‍රසේන විසින් කරන ලද අනාවරණයක් පිළිබඳව තොරතුරු ඔවුන් වෙත ලැබී ඇති බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
කපිල චන්ද්‍රසේන විසින් ඔහු ජීවත්ව සිටියදී අධිකරණය වෙත ලබාදෙන ලද දිවුරුම් ප්‍රකාශය අනුව, ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි අවස්ථාවකදී, අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක විසින් තර්ජනාත්මක ස්වරූපයෙන් ඔහු අමතා ඇති බව එම ලිපියේ සඳහන් කර තිබේ.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නම් මෙම සිදුවීමට අදාල බව ප්‍රකාශ කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයා බලපෑම් කර ඇති බවයි එමගින් චෝදනා කර ඇත්තේ.
තවද, මීට පෙර කෙහෙළියගේ නඩුවට පැමිණි අයෙකුට තමන් චාන්ස් දෙකක් දුන් බවත්, එය නොගත් බැවින් ඔහු නඩු පැවරීමට පෙර දින එල්ලී මැරුණු බවත් පවසමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ට තර්ජන එල්ල කළ බව කපිල චන්ද්‍රසේන සිය දිවුරුම් ප්‍රකාශයෙන් සඳහන් කර ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.
එසේම එම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරුණු සත්‍ය නම් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව පිළිබඳව බරපතල සැකයක් හා අවිශ්වාසයක් ජනතාව තුළ ඇතිවන බව පැහැදිලි වන අතර, රංග දිශානායකගේ ක්‍රියා කලාපය බලවත් විෂමාචාරයක් වන බව ද පැහැදිලි බවයි එම ලිපියේ දැක්වෙන්නේ.
මෙම දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරුණු වල සත්‍ය අසත්‍යතාවය ඔවුන් නොදන්නා බවත්, එහෙයින් මේ පිළිබඳව විමර්ශනයක් පවත්වා එහි සඳහන් කරුණු වල සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගනිමින් අවශ්‍ය කටයුතු ඒ අනුව ඉටු කිරීම කොමිෂන් සභාව සතු පරම යුතුකමක් හා වගකීමක් ලෙස පෙන්වා දෙන බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..