News Category
From Date
To Date
Maximum Number of Result

මෙරට නව අග්‍රාමාත්‍යවරිය ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන් අතර, ඉන් අනතුරුව පත්කෙරුණු කැබිනට් අමාත්‍ය ධූර පහත පරිදි වෙයි.

බීජිං, (ස්පුට්නික්) - ලෙබනනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීම සඳහා බීජින් පාලනය දැඩි ලෙස සහාය දෙන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සමගාමීව වැඩබලන ලෙබනන් විදේශ අමාත්‍ය අබ්දුල්ලා බූ හබීබ් සමඟ පැවති හමුවකදී පැවසීය. "චීනය ලෙබනනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ ජාතික අභිමානය ආරක්ෂා කිරීම සඳහා දැඩි ලෙස සහාය දක්වනවා. තත්වය කුමණ අතට වෙනස් වුවද, අපි සැමවිටම යුක්තිය සහ ලෙබනනය ඇතුළු අපගේ අරාබි සහෝදරයන් වෙනුවෙන් පෙනී සිටිනවා." චීන විදේශ අමාත්‍ය වැන්ග් යී උපුටා දක්වමින් චීන විදේශ අමාත්‍යාංශය අද(24) පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (23) කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදුටු අතර එහිදී අගරදගුරු හිමිපාණන්ගේ ආශිර්වාද ලබාගත්තේය.

රට ගොඩනැගීමේ කාර්යයේදී තමන්ට සියලු ජනතාවගේ සහාය අවශ්‍ය වන බව නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකාවේ නව වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද (23දා) පෙරවරු 8.30ට අග්‍රවිනිශ්චයකාර ජයන්ත ජයසූරිය මහතා ඉදිරියේදී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

‘ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි’ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභිනවයෙන් නව ජනාධිපති ධුරයට පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත ඊයේ (22දා) රාත්‍රී නිවේදනයක් මගින් ප්‍රකාශ කර තිබුණි.

ජනාධිපතිවරණයෙන් ජයගත් අනුර කුමාර දිසානායක මහතා තම නිල සමාජ ජාල ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත.

මෙවර ජනාධිපතිවරණයෙන් ජයගත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා මෙරට නව වන විධායක ජනාධිපතිවරයා වශයෙන් හෙට දිනයේ දිවුරුම් දීමට නියමිතය.


දේශීය පුවත්

රවි සෙනෙවිරත්නට එරෙහි රිය අනතුරු නඩුවේ ඉවත් කළ චෝදනා අධිකරණයෙන් යළි ඇතුළත් කරයි..

බීමතින් රිය පදවා වැල්ලවත්ත, මැරීන් ඩ්‍රයිව් මාර්ගයේදී පසුගිය 2023 වසරේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විසින් සිදු කළ බව කියන රිය අනතුරට අදාළ නඩුව සම්බන්ධයෙන් වූ චෝදනා දෙකක් නීතිපති උපදෙස් මත කළ සංශෝධනය ප්‍රතික්ෂේප කළ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මුලින් නඟා තිබූ චෝදනා තුන ම යටතේ නඩුව විභාගයට ගැනීමට ඊයේ (මැයි 14) නියෝග කළා ය.

විපක්ෂය කැඳවූ සාකච්ඡාවට පොහොට්ටුව යන්නෙ නැහැලු..

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා අද (15) දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

මෝදිගේ ගැහුවොත් ගහනවා ප්‍රකාශය පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය හෙළා දකී..

හමුදා ක්‍රියාමාර්ග නතර කළත් ආපසු ගැහුවොත් පෙරළා පහර දෙන බවට ඉන්දීය අගමැති මෝදි පෙරේදා (13දා) කර ඇති ප්‍රකාශය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (14දා) නිවේදනය කළේය. එහි මෙසේද දැක්වෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.