News Category
From Date
To Date
Maximum Number of Result

මේ වන විට ඉරානය සම්බන්ධයෙන් එක්සත් ජනපද ප්‍රතිපත්තිය වඩ වඩාත් අක්‍රමවත් වී ඇති අතර, ඉරානය සමඟ අමෙරිකා එක්සත් ජනපදය කරගෙන යන යුද්ධයේ ප්‍රතිඵලය ඉදිරි වසර ගණනාව තුළ ලෝක වේදිකාවේ ඇමරිකාවේ හැකියාවන් තීරණය කරනු ඇති බවත් ෆියෝඩර් ලුක්යානොව් විසින් රචිත Iran: The test the US cannot afford to fail ලිපියෙන් පෙන්වා දී තිබේ.

ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරාග්චි ආක්‍රමණිකයින්ට එරෙහිව ප්‍රතිරෝධය දැක්වීමේ ප්‍රතිපත්තිය ඉදිරියටත් පවත්වාගෙන යාමට ඉරානය ගෙන ඇති තීන්දුව නැවත අවධාරණය කළේය.

හඬක් නොමැති උතුරේ මිනිසුන් වෙනුවෙන් නැගූ හඬෙහි ජයග්‍රාහී අවසන් දිනය අද 2026 මාර්තු 25 වන දින කොළඹ සමස්ත ලංකා බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානය අසලින් අති සාර්ථක ලෙස නිමා කෙරිණි.

ඉරාන හමුදාව විසින් ඇමරිකානු නාවික හමුදාවට අයත් 'USS ඒබ්‍රහම් ලින්කන්' (USS Abraham Lincoln) ගුවන් යානා වාහක නෞකාව ඉලක්ක කර කෲස් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කරයි.

ඇමරිකානු අවශ්‍යතා මත ඉරානයට එරෙහිව ගොතන ලද "යුද කටකතා" මගින් අමෙරිකානු කොටස් වෙළෙඳ පොළ ගසාකෑමට ලක් ව ඇති බව පෙනෙන්නට ඇතැයි විද්වත්හු පවසති.

වොෂින්ටන් පෝස්ට් සහ නිව් යෝර්ක් ටයිම්ස් විසින් උපුටා දක්වන ලද පරිදි එක්සත් ජනපද නිලධාරීන්ට අනුව, ඉරානයට "පහර දෙන දුර" තුළට හමුදාවේ 82 වන ගුවන් අංශයේ විශේෂ භටයන් 2,000ක් පමණ යෙදවීමට පෙන්ටගනය නිල වශයෙන් නියෝග නිකුත් කර ඇත.

විප්ලවයක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් ඉරාන නායකත්වයේ හිස ගසා දැමීමේ එක්සත් ජනපද ඊශ්‍රායල උපාය මාර්ගය ඉස්ලාමීය ජනරජය අස්ථාවර කිරීමට අසමත් වූ "වැරදි ගණනය කිරීමක්" බව හිටපු ජ්‍යෙෂ්ඨ මොසාඩ් නිලධාරියෙක් වූ රාමි ඉග්‍රා RT පුවත් සේවය වෙත පැවසීය.

ඉරානයට එරෙහි අමෙරිකා- ඊශ්‍රායල යුද්ධයේ දැනටමත් ඉරානය ජයග්‍රාහී තැනක සිටින බවත්, මැදපෙරදිග අමෙරිකානු කඳවුරු සියල්ල විනාශ වී ඇති බවත් බලශක්ති විශේෂඥ ඉංජිනේරු අශෝක අබේගුණවර්ධන මහතා පවසයි.

ඊශ්‍රායලයේ ලණුව අමෙරිකාව කෑව බව බොහෝ දෙනෙකු සිතන බවත් එහෙත් එය සිදුවූයේ එසේ නොවන බවත්, යුදෙව්වන් ඝාතනය කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලද්දේ යුරෝපය බවත් දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.