News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍ය පාලනය වනාහි තීරණ ගැනීම බවත් එම තීරණ ප්‍රමාදයකින් තොරව ගතයුතු බවත් අප්‍රමාදීව තීරණ ගැනීම කළ නොහැකි අයෙකුට රාජ්‍ය පාලනය කළ නොහැකි බවත් ජනිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඉන්දියා ටුඩේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා සඳහන් කරන්නේ අමෙරිකානු ගුවන් යානා මත්තලට ගොඩ බැස්සවීමට ඉඩ නොදීම මගින් ආණ්ඩුව තම මධ්‍යස්ථභාවය ප්‍රදර්ශනය කරන බවය. එම ප්‍රකාශයේ අරමුණ පිළිබඳව සහ ඊට අදාළ මතය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල අදහස් විමසන ලදී.

ඉරානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා හොඳින් සිදුවුවහොත් හෝමූස් සමුද්‍ර සන්ධිය “ඉතා ඉක්මනින් විවෘත” විය හැකි බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(23) වාර්තාකරුවන්ට පැවසීය.

ඉරානයට පහරදීමේ දී අමෙරිකානු ජනාධිපතිවරයා විශ්වාස කළේ දින දෙක තුනකින් මෙම යුද්ධය අවසන් කළ හැකි වනු ඇතැයි කියා වුවත් වෙනිසියුලාවට කළ ආකාරයට මෙම ප්‍රහාර අවසන් කිරීමට හැකි වෙතැයි අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඊශ්‍රායල අගමැතිවරයා සිතූවද අද වන විට එම විශ්වාසය බිඳවැටී ඇති බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ නිදහස් දිනයේදී යාපනය විශ්ව විද්‍යාලයේදී ජාතික කොඩියට අගෞරව කළ සිසුන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට සහාය දක්වන අතරම, යාපනය විශ්ව විද්‍යාලය “සිංහලකරණය” කර ඇති බවට චෝදනා කරමින් පැවති විරෝධතාවකදී ශිෂ්‍යයෙකු කළ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බව අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ඉරානයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව එල්ල කළ අසාධාරණ මිලිටරි මෙහෙයුමට පළිගැනීමක් ලෙස ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අද (23) එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා මර්මස්ථාන වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.

ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල ආක්‍රමණශීලී යුද්ධය මධ්‍යයේ ටෙහෙරානය සහ වොෂින්ටනය අතර කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බව විශ්වාස කටයුතු ඉරාන මූලාශ්‍ර උපුටා දක්වමින් තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.

ශ්‍රී ලංකාව සිය මිතුරෙකු බවත් ඕනෑම අවස්ථාවක මෙරටට උදව් කිරීමට ඉරානය සුදානම් බවත් ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති අලිරේසා ඩෙල්කෝෂ් (Alireza Delkhosh) මහතා පවසයි.

ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය ඊශ්‍රායල හමුදා මධ්‍යස්ථාන සහ කලාපීය යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් නව ප්‍රහාර රැල්ලක් දියත් කර ඇති අතර එය අඛණ්ඩ ගැටුමේ අඛණ්ඩ උත්සන්න වීමක් බව යුද විශේෂඥයෝ පවසති.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.