News Category
From Date
To Date
Maximum Number of Result

"කෙසේ වෙතත් කිසිදු අපේක්ෂකයෙකු සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නොමැති නිසා දෙවන තුන්වන මනාප ගණන් කිරීමද මැතිවරණ පනතට අනුව කළ යුතුයි.ඒ අනුව දෙවන තුන්වන මනා ගණන් කිරීමද අවසන් වන තුරු අවසන් ප්‍රතිඵලය නිකුත් නොකිරීමට මැතිවරණ කොමිසමක් බැඳී සිටිනවා.දෙවෙනි මනාපයේ ප්‍රතිඵලය කුමක් වුවත් අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණයට එය කිසිදු බාධාවක් වන්නේ නැහැ. මේ වන විට කිසිදු අක්‍රමිකතාවයක් සිදු වන්නේ නැහැ. මැතිවරණ කොමිසම මැතිවරණ නීතිය අනුව කටයුතු කරමින් සිටිනවා."

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉක්මවූ ප්‍රතිශතයක් හිමිවී නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසීය. ඒ අනුව, ඉදිරියෙන් සිටින අපේක්ෂකයින් වන අනුර කුමාර දිසානායකට සහ සජිත් ප්‍රේමදාසට හිමිව ඇති දෙවන මනාප ගණනය කරන බව ඔහු සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ 09 වැනි ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද සවස 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙන බව ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

කිසිදු ඡන්ද මධ්‍යස්ථානයක ප්‍රතිඵල ශුන්‍ය කිරීමක් සිදු නොවුනහොත් අද (22 දා) දහවල් වනවිට ජනපතිවරණයේ සමස්ත අවසන් ප්‍රතිඵලය නිකුත් කළ හැකි වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.

අද (21) දහවල් 2 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 60 ඉක්මවා ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් සියයට 77.77ක් 2022 වසරේ දී ණය පොලී ගෙවීම සඳහා වැයකර ඇති බවත්, එය ලෝකයේ රටක් ණය පොලී ගෙවීමට වැයකරමින් සිටින ඉහළම ජාතික ආදායම් ප්‍රතිශතය බවත් ලෝක බැංකුව අනාවරණය කරයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඇතුළු ඉහළ පෙළේ ඊශ්‍රායල නිලධාරීන් ඝාතනය කිරීමේ ඉරාන කුමන්ත්‍රණයකට සම්බන්ධ වූ බව කියන යුදෙව් ජාතිකයෙකු අත්අඩංගුවට ගත් බව ඊශ්‍රායල බලධාරීන් ප්‍රකාශ කළේ යැයි ෂින් බෙට් පුවත් සේවය පවසයි.


දේශීය පුවත්

රවි සෙනෙවිරත්නට එරෙහි රිය අනතුරු නඩුවේ ඉවත් කළ චෝදනා අධිකරණයෙන් යළි ඇතුළත් කරයි..

බීමතින් රිය පදවා වැල්ලවත්ත, මැරීන් ඩ්‍රයිව් මාර්ගයේදී පසුගිය 2023 වසරේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න විසින් සිදු කළ බව කියන රිය අනතුරට අදාළ නඩුව සම්බන්ධයෙන් වූ චෝදනා දෙකක් නීතිපති උපදෙස් මත කළ සංශෝධනය ප්‍රතික්ෂේප කළ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙණිය මුලින් නඟා තිබූ චෝදනා තුන ම යටතේ නඩුව විභාගයට ගැනීමට ඊයේ (මැයි 14) නියෝග කළා ය.

විපක්ෂය කැඳවූ සාකච්ඡාවට පොහොට්ටුව යන්නෙ නැහැලු..

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා අද (15) දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු ව්‍යවස්ථාපිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025.05.28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් තොරතුරු කොමිසම මගින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර තිබේ.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අත්සන් කරන ලද ආරක්ෂක සහයෝගිතා ගිවිසුම බාහිර පාර්ශ්වයක් වෙත ලබාදීමට නොහැකි බව දන්වමින් තොරතුරු නිලධාරීවරයා විසින් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබේ.

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක

ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය නීති සංශෝධනය කරන බවත්, ජනවරමට අනුව ජාතික ජන බලවේගයට (NPP) බහුතරයක් ලැබී ඇති පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට අයිතියක් ඇති බවත් ප්‍රකාශ කළේය. ජනතා විමුක්ති පෙරමුණේ 60 වන සංවත්සර සැමරුමේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, ජනවරම අනුව ජාතික ජන බලවේගයට පළාත් පාලන ආයතන 152 ක සභා පිහිටුවීම සඳහා පැහැදිලි බහුතරයක් ඇති බවත්, සභා 115 ක සභා පළමු රැස්වීමේ දිනයේදී පිහිටුවන බවත්ය.

මෝදිගේ ගැහුවොත් ගහනවා ප්‍රකාශය පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය හෙළා දකී..

හමුදා ක්‍රියාමාර්ග නතර කළත් ආපසු ගැහුවොත් පෙරළා පහර දෙන බවට ඉන්දීය අගමැති මෝදි පෙරේදා (13දා) කර ඇති ප්‍රකාශය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඊයේ (14දා) නිවේදනය කළේය. එහි මෙසේද දැක්වෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.