News Category
From Date
To Date
Maximum Number of Result

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සහ ඔහුගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ පාවිච්චි කරන්නේ යැයි පැවසෙන රජයේ නිල නිවාස සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා නව ජනතා පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක සහ නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් මහතා ඇතුළු පිරිසක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට තවත් අයදුම්පතක් යොමු කර තිබේ.

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය LGBTQI+ ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩනීති සංග්‍රහයේ අන්තර්ගත 365 සහ 365 (අ) වරදකට අනුබලදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමාගමේ වගකිවයුතු නිලධාරින් නීතිය හමුවට පනවන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පසුගිය වසරේදී පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබිණි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය තවදුරටත් ජගත් මාධ්‍යවල සිරස්තල බවට පත් නොවිය හැකි නමුත් සාමාන්‍ය පුරවැසියන්ට ආර්ථික අර්බූදයෙන් දැනෙන වේදනාව අවසන් වී නැත.

ජෝන් කීල්ස් ආයතනය LGBTQI + ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩනීති සංග්‍රහයේ අන්තර්ගත 365 සහ 365 (අ) වරදකට අනුබලදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කිරීම සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමාගමේ වගකිවයුතු නිලධාරින් නීතිය හමුවට පනවන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පසුගිය වසරේදී පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබිණි.

පැලවත්ත කිරි සමාගමේ සහ මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සභාපති මෙන්ම මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීලි වික්‍රමනායක මහතාට ජාත්‍යන්තර සම්මාන දෙකක් හිමිවී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ වගාවන් විනාශ කළ හැකි අතිශය භයානක කෘමීන් සහ පුස් වර්ගයක් අඩංගු බවට තහවුරු වූ ආනයනික මල් රැගත් කන්ටේනර් 12ක්, අදාළ පර්යේෂණ වාර්තා නිකුත් වීමටත් පෙර බලධාරීන්ගේ වාචික නියෝග මත නිදහස් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පාර්ලිමේන්තුවේදී (21) බරපතළ හෙළිදරව්වක් කළේය.

ලෝකයේ පිරිහෙන මුදල් ඒකක අතර ශ්‍රී ලංකා රුපියල ඉතා ඉහළ මට්ටමක පවතින බවත්, රුපියල මෙලෙස අඛණ්ඩව කඩාවැටුණහොත් 2022 වසරේදී ජනතාව මුහුණ දුන් පීඩනයට වඩා වැඩි ආර්ථික පීඩනයකට ඉදිරියේදී මුහුණ දීමට සිදුවනු ඇති බවත් මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා අනතුරු අඟවයි.

කියුබානු විප්ලවීය නායක, හමුදා ජෙනරාල් රාවුල් කැස්ත්‍රෝ රූස් මහතාට එරෙහිව ඇමරිකානු එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මැයි 20 වන දින ඉදිරිපත් කරන ලද චෝදනාව කියුබානු විප්ලවවාදී රජය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප තිබේ.

වත්මන් අනුර කුමාර දිසානායක මහතාගේ රජය මූල්‍ය රහස් ජාවාරම්කරුවන්ට විකුණමින් ස්වකීය ගජමිතුරු කල්ලිය පෝෂණය කරන අතරතුර, රටේ මූලික මිනිස් අයිතිවාසිකම් පවා උදුරා ගන්නා තුට්ටු දෙකේ තත්ත්වයකට ඇද වැටී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේදී අද (20) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් ආශ්චර්යා ජයකොඩි මැතිනිය සහ ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභා සාමාජික ආචාර්ය සුපුන් ජයසිංහ මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.